වැටීමෙන් හිසේ ඇතිවන තැල්ම පසූකාලීනව ගෙඩි ඇති කරනවාද?


ළදරුවන්ට සිදුවිය හැකි අනතුරු පිළිබඳ කල්පනාකාරි වන්න

කුඩා දරුවන් දඟකාරිය. විශේෂයෙන් පෙර පාසල් වියේ දරුවන් සිය දඟකාරිකම නිසාම හදිසි අනතුරුවලට ලක්වීම සූලබ සිද්ධියකි. ඒ හෙයින් මව්වරු පමණක් නොව වැඩිහිටියන්ද තම නිවසේ කුඩා දරුවකු සිටී නම් ඔහූ� ඇයකෙරෙහි දෑඩි අවධානයකින් පසූවිය යූතුය. දරුවන් හදිසි අනතුරුවලට ලක්වීම අලූත් දෙයක් නොවූණත් අලූත් මව්පියන් වූ ඔබට අමතකව ඇති යමක් මතක් කිරීමටයි අපේ මේ උත්සාහය.


දුව පැන කී්‍රඩා කරන දරුවන් වැටීමෙන් යම් යම් දේවල්වල හැප්පීමෙන් තැලීම් සිදුවිය හැකියි. තැලීම් ලෙස අප සලකන්නේ ශරීරයේ කිනම් හෝ ස්ථානයක් යම් දෙයක වැදීමෙන් ඉදිමීම හා ඒ අවට නිල් පැහැවීමයි. මෙසේ වීමට හේතුව වන්නේ වැදුණූ ස්ථානයේ ලේ නහර පූපූරා යාමයි. එම නිල් පැහැයට පෙනෙන්නේ නරක් වූ රුධිරයයි. එහිදී තැල්ම නිසා පසූකාලීනව ගෙඩි ඇතිවෙන්නේ නැහැ. එය මිථ්‍යා විශ්වාසයකි.


නිල් පැහැ වූණූ ස්ථානය නැත්නම් ඉදිමූණූ ස්ථානයේ අයිස් කැටයක් තබන්න. මෙය පළමූ පැය විසි හතර තුළ කිරීම වඩාත් සූදුසූය. අනතුරුව අතේ රශ්මියට උණූ වතුරේ පෙඟවූ තුවායක් වැනි දෙයකින් තැවීමෙන්ද රුධිරය විසිරී යයි. එසේ නොවූණද දින තුන හතරකින් මෙම තත්ත්වය පහවී යයි. තැලූනූ ස්ථානයේ ගෙඩි ගැසීමක් හෝ නිල් පැහැයක් ගැනීම ගැන කලබල විය යූතු නැත.


යම් කිසි විදිහකින් සූළු තුවාලයක් සිදුවූවහොත් එම ස්ථානයේ පිරිසිදු රෙදිකඩක් තබා විනාඩි දහයක් පමණ තද කර තබාගන්න. එසේ කිරීමෙන් ලේ පිටවීම නවතා ගත හැකිය.


හිස යම් කිසි දෙයක වැදුණොත් වහාම දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වීමට වැඩිහිටියන් වග බලා ගත යූතුය.


කැපෙන ආයූධ මිටි ආදිය දරුවන්ට හසූවන තැන්වල නොතැබීමට වග බලා ගන්න.


කුඩා දරුවන් භූමිතෙල් බීම හේතු කොටගෙන රෝහල්ගත කරන ප්‍රමාණය සංඛ්‍යාත්මක වැඩිය. ඇතැම් නිවෙස්වල භූමිතෙල් දමා ඇත්තේද බීම තිබූ බෝතල්වලය. භූමිතෙල් වල පැහැයට රැවටෙන දරුවෝ බීම යයි සිතා භූමිතෙල් පානය කරති. ඒ නිසා ඒවාද දරුවන්ට හසූනොවන තැනක තබන්නට වැඩිහිටියන් සැලකිලිමත් විය යූතුය.


භූමිතෙල් පෙවූන විට බොහෝ දෙමාපියන් දරුවාට පොල් කිරි දී වමනය කරවීමට උත්සාහ කරයි. එසේ නොකළ යූතුය. භූමිතෙල් පානය කළ දරුවා වහාම රෝහලකට ගෙන යා යූතුය.


ගින්දර හා උණූවතුර හෝ විදුලි සැර වැදීමද ගෙදරදී සිදුවිය හැකි අනතුරු කිහිපයකි. ගින්දරෙන් උණූ වතුරෙන් දරුවෙකු පිළිස්සූණොත් වහාම ඔහූ� ඇය වතුර නලයකට අල්ලා හොඳින් තෙමන්න. එසේ කිරීමෙන් පිලිස්සීමෙන් ඇතිවිය හැකි අනතුරු තත්ත්වය තරමකට හෝ පාලනය කරගත හැකිය.


දරුවන්ට අසනීප තත්ත්වයකදී දිය යූතු ඖෂධ මාත්‍රාව මොනම හේතුවක් නිසාවත් වෛද්‍යවරයාගේ නිර්දේශයට පිටතින් දීමට උත්සාහ නොගන්න. එමෙන්ම වැඩිහිටියන් ගනූ ලබන ඖෂධ ද ළමයින්ට පහසූවෙන් ගැනීමට නොහැකි අයූරින් තබාගන්න.


එමෙන්ම පෙර පාසල් වියේ දරුවන්ට ගණන් කිරීමට ඉගැන්වීමට ඔළිද ඇට, මදටිය ඇට ආදිය සමහර දෙමාපියන් ළදරු පාසල් ගුරුවරුන්යොදා ගන්නා අවස්ථා තිබෙනවා. එවැනි දැ උපයෝගි කරගැනීම එතරම් සූදුසූ නොවේ. ඒ සඳහා එවැනි දැ අවශ්‍ය නම් ඊට වඩා විශාල දේවල් යොදා ගන්න.


මන්ද මේ මදටිය හෝ ඔලිද ඇට දරුවා කටට කණට හෝ නාසයට දමාගත හැකියි. මදටිය ඇටයක් හෝ ඔලිද ඇටයක් දමා ගැනීම එතරම් අනතුරු දායක තත්ත්වයක් නොවූණත් ඒවා කනට හෝ කටට දමා ගැනීම භයානක තත්ත්වයන් ඇති විය හැකි ක්‍රියාය. එමෙන්ම දරුවන්ට රටකජූ දීමද නොකළ යූතුයි. එවැනි ඝන ද්‍රව්‍ය ස්වරාලයට ගියහොත් ඒ මතින් දරුවාට භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ වැඩිය.


එමෙන්ම ගේ අවට අනතුරු සහිත වලවල් හෝ ළිං තිබේ නම් ඒවාටද ආරකෂක වැටක් ඉදි කර තැබීමට වග බලාගන්න. අනතුර සිදුවූ විට ඊට පිළියම් යොදනවාට වඩා අනතුරු වළක්වා ගැනීම වඩාත් යහපත්ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment