දෑත් දෙපා දීප්තිමත් කරගැනීමට වැක්ස් කරමූ


දැත් දෙපාවල රෝම ඉවත් කර ගැනීමට භාවිත කරන්නේ මෙම වැක්ස් ක්‍රමයයි. හොටි වැක්ස්, කෝල්ඩ වැක්ස් යනූවෙන් වැක්ස් වර්ග දෙකකි. වැක්ස් අප ගෙදරදී සාදා ගන්න පූළුවන්. ඒ සඳහා

සීනි කිලෝ ග්‍රෑම් 1


ලයිමෝල් බෝතල් 1 1/2


රැගෙන එම ද්‍රව්‍ය මිශ්‍ර කර ලිපතබා උණූ කරන්න. සූළු ප්‍රමාණයක් සාදා ගැනීමට නම් සීනි 250 ට කට දෙහි ගෙඩියක යූෂ දමා උණූ කරගන්න. තමන්ට සාදා ගැනීමට අපහසූ නම් වැක්ස් වෙළෙඳපොළෙන් ලබා ගන්න පූළුවන්. හොටි වැක්ස් වලට වඩා වර්තමානයේ වැඩිපූර භාවිත වන්නේ කෝල්ඩ් වැක්ස් ක්‍රමයයි. එයට හේතුව හොටි වැක්ස් මඟින් සම වියලෙන්නට තිබෙන ඉඩකඩ වැඩි නිසයි. මේ දෙවර්ගයෙන්ම වැක්ස් කරන්නේ එකම ක්‍රමටයයි. අඟල් 1-2 ක් පළල අඟල් 6 ක් පමණ දිග වැක්ස් ස්ට්‍රිප්ස් (වෙළෙඳ පොළෙන් ලබා ගත හැකියි) හෝ කැපූ රෙදි කැබලි ටිකක් ගන්න. රෝම ඉවත් කළ යූතු ස්ථානයේ පවූඩර් ගාගන්න. ස්ට්‍රිප් එක ඒ මතතබා රෝම වැවී ඇති දිශාවට අතින් දෙතුන් වරක් තදකර පිරිමැදගන්න.


පසූව එක් අතක් ස්ට්‍රිප් එක අලවාගත් ස්ථානයට පහළින් තබා අනෙක් අතින් ස්ට්‍රිප් එක වරම රෝම වැවෙන දිශාවට විරුද්ධ දිශාවට අදින්න. එවිට රෝම ටික ගැලවී යයි. ඉන්පසූ මදක් උණූසූම් වතුරින් පොඟවාගත් තුවායකින් එම ස්ථානය පිසදමා මොයිස්චරයිසර් කී්‍රම් එකක් ගාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment