සිහිනෙන් කතා කිරීම රෝගී තත්ත්වයක්ද?

නින්දේ අවදි දෙකකි. ඒ සිහින දකින අවදිය සහ නොදකින අවදියයි


යම් කෙනකු නින්දට ගියවිට සිහින පෙනෙන්නට පටන් ගැනීම, එහෙමත් නැත්නම් කියවන්නට පටන් ගැනීම රෝගී තත්ත්වයක් නෙවෙයි. නමූත් කෙනකුට සිහින නොපෙනෙනවා නම් එය අස්වාභාවික තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවනි.


කෙනකු ලබන නින්දේ අවදි දෙකක් තියෙනවා. එය අපි හඳුන්වනවා සිහින දකින සහ සිහින නොදකින අවධිලෙසට මෙම මූල් ලිපිවල සඳහන් කල පරිදි කෙනෙකු තමන්ගේ නින්දනේ සියයට විසිපහක් සිහින දකින අවධියේත් ඉතිරි සියයට හැත්තෑපහ සිහින නොදකින අවදියේත් ගත කරනවා. මෙය චක්‍රානූකූලව සිදුවන දෙයක්. අපි නින්දට යනවිට ඇතුළුවෙන්නේ සිහින නොදකින අවදියට. ඊළඟට එය ක්‍රමයෙන් පරිවර්තනය වෙනවා සිහින දකින අවදියට. ආයෙත් සිහින නොදකින අවදියට පරිවර්තනය වෙනවා. මෙය වෙනස් වෙමින් චක්‍රාකාරව සිදුවෙනවා. කෙනකු වැඩිපූරම සිහින දකින අවදියේ ඉන්නේ නින්දේ දෙවන භාගයේදී. රාත්‍රියේ පටන් ගන්න නින්දක දෙවන භාගය වෙන්නේ එළිවෙන කාලෙදි. එම කාලය තුළදීයි කෙනකු සිහින දකින්නේ. නමූත් සමස්තයක් වශයෙන් කෙනකු සිහින දකින අවදියේ ඉන්නේ සියයට විසිපහක් පමණයි.


පිටස්තර කෙනකුට නින්දේ සිටින යම් කෙනෙකු සිහින දකිනවා බලා ගන්න පූළුවනි. තමන්ට තියෙන්නේ නිදාගන්න කෙනාව හොඳට පරීකෂා කරන එක. විශේෂයෙන් ඇස් දෙක පරීකෂා කළාම පෙනෙනවා සිහින දකින අවදියේ ඉන්න කෙනාගේ ඇස් දෙක වහලා තිබූණත් ඇසේ බෝලේ එහාට මෙහාට ගමන් කරනවා. එවැනි දෙයක් බලාගන්න පූළුවන් වෙන්නේ සිහින දකින අවදියේ ඉන්න කෙනකුගෙන් පමණයි.


සිහින දැකීමේදී ඇතිවෙන්නේ මනෝ ලෝකයක්. සමහර විට සිහින දැකීමේදී කෙනකු සතුටූ වෙන්න පූළුවන්, කෑ ගහ්න පූළුවනි බයවෙලා, දුක හිතිලා අඬන්න පූළුවන්, කතා කරන්න පූළුවන්, වෙනත් විදිවලින් ප්‍රතිචාර දක්වන්න පූළුවන්. මෙවැනි ප්‍රතිචාර දැක්වීම සිහින දැකීමේ ස්වාභාවික කොටසක් මිසක් බයවෙන්න හේතුවන රෝග තත්ත්වයක් නොවෙයි. සිහිනෙන් කතා කිරීම රෝගී තත්ත්වයක් නොවෙයි.


නමූත් සමහර අවස්ථාවලදී වන සිහිනෙන් බියවීම ගැන වැඩියමක් කතා කළ හැකියි. විශේෂයෙන් කුඩා ළමයි සිහිනෙන් බයවෙන්න පූළුවන්. උදාහරණයක් විදිහට කුඩා දරුවකු නිදාගන්නවා. ටික වේලාවක් ගියාම නින්දෙන් බයවෙලා අවදි වෙනවා. මෙතනදී ඕනෑම කෙනකුට බලාගන්න පූළුවනි. දරුවා බයවෙලා නැඟිටිනවා. ටික වේලාවක් බලාගෙන ඉඳලා නැවත නිදාගන්න පූළුවනි.


තවත් අවස්ථාවක් තියෙනවා දරුවා කෑගහලා, දඟලනවා, නැඟිටින්නේ නැහැ. කලබල කරලා නැවත නින්දට වැටෙනවා. ළමාවියේදී විශේෂයෙන් මෙවැනි තත්ත්ව හඳුනාගන්න පූළුවනි. මනෝ වෛද්‍ය විද්‍යාවේ මෙවැනි තත්ත්ව මානසික ව්‍යාධි ලෙස හඳුන්වනවා. මෙම මානසික ව්‍යාධි තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් නිටිටාවට සූව කළ හැකියි. වැඩිහිටි කෙනෙක් නින්දෙන් කතා කිරීම සහ දරුවකු සිහිනෙන් බියවීම තත්ත්ව දෙකක්. මේ දේවල් පටලවා ගන්න හොඳ නැහැ.




විශේෂඥ මනෝ වෛද්‍ය
නීල් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment