කාන්තාවන් අතර භාවිතා වන අනවශ්‍ය රෝම ඉවත් කරගැනිමේ තාවකාලික ක්‍රම

රූපලාවන්‍යාගාර තුළදී භාවිතා වන අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමේ ක්‍රම කිහිපයක්ම ඇත. නමූත් ඒ සියල්ලම තාවකාලික වේ. එනමූදු වර්තමානයේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමේ ස්ථිර ක්‍රමයක්ද වේ. මෙම ඉලෙක්ට්‍රොලයිසර් ක්‍රමය ගැන මත තිබෙන බැවින් එම ක්‍රමය කාන්තාවන් අතර එතරම් ජනප්‍රිය වී නොමැත. අද අපි කාන්තාවන් අතර භාවිතා වන අනවශ්‍ය රෝම ඉවත් කරගැනිමේ තාවකාලික ක්‍රම ගැන විමසා බලමූ.

 

  • ටූවිසරයෙන් වැක්ස් කිරීම
  • ත්‍රෙඩින් කිරීම
  • හෙයා රිමූව(ර්) ක්‍රීම්
  • රේසර් කිරීම


මෙම ක්‍රම සියල්ල කිරීමට පෙර සම පිරිසිදුව තිබීම වැදගත්. ප්‍රථමයෙන් සම මත තිබෙන ක්‍රීම් දහඩිය සහ තෙල් ඉවත් කරගන්න.


ටූවිසරයෙන්

මෙම ක්‍රමය වඩාත් වැදගත් වන්නේ ඇහිබැම සකස් කරගැනීම සඳහාය. මෙම ක්‍රමය තමන්ට හෝ පළපූරුදු කෙනකු ලවා කරගත හැක. රෝම නැවූණූ දිසාවටම ඇද ටූවිසරයෙන් රෝම ගලවා ගැනීමේදී වේදනාවකින් තොරව එය සිදුකර ගත හැකියි.


වැක්ස් කිරීම

මෙම ක්‍රමය මූහූණ වැනි සියූම් සමක් ඇති ස්ථාන සඳහා සූදුසූ නොවේ. මන්ද මෙමගින් සම ඇදීමකට ලක්වන බැවිනි. දැත් සහ දෙපාවල රෝම ඉවත් කරගැනීමට මෙම ක්‍රමය භාවිතා කරයි.


(වැක්ස් සාදාගැනීම හා වැක්ස් කරගන්නා ආකාරය ගැන අපි ඉදිරි සතියකදී කතා කරමූ)


හෙයා රිමූව(ර්) ක්‍රීම් මගින්

වෙළඳපොලේ ක්‍රීම් වර්ග රාශියක් ඇති බැවින් උසස් ප්‍රමිතියෙන් යූත් හෙයා රිමූව(ර්) එකක් භාවිත කරන්න. මෙයද දැත් දෙපා හා අත්යට රෝම ඉවත් කිරීම සඳහා භාවිතා කරන්න. මූහූණ සඳහා භාවිතා නොකරන්න. මෙය දිගින් දිගටම නොකරන්න. හදිසි අවස්ථාවකදී පමණක් මෙම ක්‍රීම් භාවිතා කරන්න. ප්‍රථම වරට මෙම ක්‍රමය භාවිත කරන්නෙක් නම් අතක හෝ පාදයක ක්‍රීම් ස්වල්පයක් තවරා ඉන් යම්කිසි අසාත්මිකතාවයක් ඇති නොවූණහොත් පමණක් භාවිතා කරන්න.


රේසර් කිරීම

රෝම ඉවත් කළ යූතු ස්ථානය තෙත් කර ෂේවින් ක්‍රීම් එකක් ආලේප කර රෝම වැවී ඇති දිශාවට රේසර් කිරීම කරන්න. අත් යට රෝම ඉවත් කරගැනීමට මෙම ක්‍රමය බොහෝ දෙනා භාවිතා කරයි. හදිසි අවස්ථාවකදී අත් පා වල වූවද රෝම ඉවත් කරගත හැකියි.


නමූත් රේසර් කිරිම මගින් රෝම ඉවත් වූ ස්ථානයේ යළිත් රෝම වැවෙනූයේ වඩාත් ඝණව හා දඟර ගැසූණූ ස්වභාවයෙනි.


ත්‍රෙඩින් කිරීම

මෙය නූලක් ආධාරයෙන් කරනූ ලබයි. මෙයට අතේ හූරුවක් තිබිය යූතුයි. මූහූණේ සහ ඇහිබැම රෝම ඉවත් කරගැනීම සඳහා මෙම ක්‍රමය උපයෝගී කරගනී. ටූවිසරයට හසූ නොවන කුඩා රෝම පවා මෙම නූල ආධාරයෙන් ඉවත් කරගත හැක. රෝම වැවූණූ දිසාවට විරුද්ධ අතට ත්‍රෙඩින් කිරීම කරනූ ලබයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment