ඇතැම් පූද්ගලයන් එහෙමත් නැත්නම් දරුවන් රාත්‍රියේදී නින්දෙන් ඇවිදින්නට යාම රෝගී තත්ත්වයක්. බොහෝ වෙලාවට මෙවැනි දෙයක් රාත්‍රී නින්දේ එක් අවදියකදී සිදුවිය හැකියි. අපේ නින්දේ අවදි දෙකක් තිබේ යැයි මනෝ විද්‍යාවේ හැඳින්වෙනවා. එකක් සිහින දකින අවධිය ලෙස හඳුන්වනවා. අනෙක සිහින නොදකින අවදිය ලෙසයි සලකන්නේ.
බොහෝ වෙලාවට කෙනෙකු සිහිනෙන් ඇවිදින්නේ සිහින නොදකින අවදිය තුළදීයි. කෙනෙකු නිදියන කාල පරාසය ගත්තොත් ඉන් හතරෙන් එකක කාලයක් හෙවත් සියයට විසි පහක් අපි ගත කරන්නේ සිහින දකින අවදියේයි. ඉතිරි හතරෙන් තුන හෙවත් සියයට හැත්තෑ පහ අපි ගත කරන්නේ සිහින නොදකින අවදියේයි. මෙම අවදි දෙක එකක් ගෙවිලා එකක් එනවා නෙවෙයි. මාරුවෙන් මාරුවට චක්‍රානූකූලවයි එන්නේ. මොකද සිහින දකින අවදියේදී මිනිස් ශරීරයේ පේශිවල ශක්තිය අඩූ නිසා ඇවිදීමක් කරන්න බැහැ. මෙය පිළිබඳව පූද්ගලයාගේ සිතට අවබෝධයක් නැහැ.
නමූත් එවැනි පූද්ගලයෙක් පූරුද්දෙන් මෙන් දන්නවා ඔහූ ජීවත්වෙන නිවසේ දොර කොතැනක තියෙන්නේ, මිදුල, ගේටිටූව කොතැනද, පාර මොන පැත්තෙද කියන දේවල් ගැන. ඒ වගේම දොර ගාව පාඩියක් තිබෙනවා නම් ඒක බැහැලා යන්න පවා ඔහූ දන්නවා. ඔවූන් මේවා නිසි පරිදි කලත් පසූවෙන්නේ නින්දේ.
එවැනි තත්ත්වයක් තිබෙන කෙනෙක් ගෙදරක සිටින විට නිවසේදී කළ හැකි දේ මොනවාද? පළමූ දෙය තමයි රෝගියා රැකීම අවශ්‍ය වෙනවා. බයවෙන්න එපා, අපි ඒ සඳහා ආරක්ෂක පියවර ගන්නව කියල රෝගියා දැනූවත් කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟට ඉතාමත් අවශ්‍ය වෙන්නේ රෝගියා අනතුරකට ලක්වීමෙන් ආරක්ෂා කරගන්න එක. රෝගියා නින්දට ගියවිට ඔහූ සිටින කාමරයේ දොර අගුළු දමා තිබීම ප්‍රයෝජනවත් වෙනවා මෙතනදී යතුර දොරෙන් ඉවත් කර තැබීම ඉතාම වැදගත්. එවිට ඔහූ නින්දෙන් අවදි වූණාට එළියට යන්නට නොහැකි වෙනවා. දෙවැනි දෙය තමයි නින්දෙන් නැගිටිට ගමන් අවදි වෙන්න ක්‍රමයක් යොදා තිබීමත් වැදගත්. අපි සාමාන්‍යයෙන් කතා කරන නින්දෙන් ඇවිදින කෙනෙකුට තෙත ගෝනි දමා තිබීමෙන් පියවී තත්ත්වයට පත්වේ කියන කාරණාවේ සත්‍යයක් තියෙනවා. එතනදී වෙන්නේ ගෝනියෙන් ඇති තෙතමනය පටය ස්පර්ශවීම නිසා රෝගියාගේ ඇහැ ඇරෙනවා. එමනිසා එවැනි රෝගියෙකු ඇහැ ඇරීම සඳහා කරන උපක්‍රම ඉතාම වැදගත්.
මෙවැනි රෝගියෙක් වෛද්‍යවරයා ලවා පරීකෂා කර ගැනීම අවශ්‍ය වෙනවා. වෛද්‍යවරයා විසින් නියම කරන බෙහෙත් නොකඩවා රෝගියාට ලබාදීමෙන් මෙම තත්ත්වය සූවකළ හැකියි.
ඔබ ඇතැම්විට දැකල ඇති රූපවාහිනියේ නාට්‍යවල එහෙමත් නැත්නම් මූද්‍රිත මාධ්‍යවල සටහන් වෙලා තියෙනවා. ඇතැම් පූද්ගලයන් නින්දෙන් ඇවිදගෙන ගොස් පළිගැනීම්, එහෙමත් නැත්නම් අනතුරු සිද්ධ කරනවා. මෙවැනි දේවල් ඉතාම විරලයි. නමූත් ඉඳහිට එවැනි දේවල් පවා වෙන්න පූළුවනි. එමනිසා අපි එවැනි පූද්ගලයෙක් ප්‍රතිකාරවලට යොමූ කරවන්නේ.
අපේ සමාජය පූරුදුවෙලා ඉන්නවා එවැනි රෝගියෙක් තමන්ගේ පවූලක ඉන්නවා නම් එය තමන්ගේ පවූලේ තත්ත්වයට ගෞරවයට මදිකමක් කියල හිතල එය වසන් කරන්නට උත්සාහ කරන. එය එතරම් හොඳ කාරණාවක් නෙවෙයි. එවැනි කෙනෙකු රෝගියකු ලෙස සළකා ප්‍රතිකාරවලට යොමූ කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙය වෛද්‍ය විද්‍යාවේ හඳුනාගත් නින්ද පිළිබඳ රෝග තත්ත්වයක් ලෙස විග්‍රහ කරනූ ලබනවා.
විශේෂඥ මනෝ වෛද්‍ය
නීල් ප්‍රනාන්දු
0 comments :
Post a Comment