නිවසේ බිත්තියට ඉරයි හඳයි අවශ්‍යද?

නිවසක සාමය, සතුට, වාසනාව රැකගන්නට අපේ ගෘහණියන් බෙහෙවින් වෙහෙසෙනවා. ඒ නිසාම විවිධ සංකේත නිර්මාණ ආදී දේ නිවස තුළ තබා ගැනීමට ඇය පෙළඹෙනවා. මේ අතරින් ඉර, හඳට ප්‍රධාන තැනක් හිමිවෙනවා. පිත්තල, මැටි හෝ එවැනි ද්‍රව්‍යකින් නිමකළ ඉර හා හඳෙහි අනූ රූ දෙකක් නිවස ඉදිරිපිට හෝ නිවස තුළ බොහෝ විට දකින්නට ලැබෙනවා.
 

ඉර සංකේතය මගින් හිරුගේ රශ්මිය නිවසට ලැබෙන බව පිළිගැනෙනවා. ඉර හඳ කියන්නේ දෙවිවරු. අපේ ලෝකයේ මූල්ම දෙවිවරු ඉරයි හඳයි. ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේ හැටියට ඉර කියන්නේ පියා. මනූෂ්‍යයාගේත්, ගහකොළවලත්, ගංගාවලත් හැම දේකම ලෝකයේම පියා. සඳ කියන්නේ මව. ඉතින් ඉර හඳ සංකේත නිවසේ තියාගන්නා කියන්නේ මවයි පියයි නිවසේ තියාගන්නවා වගේ දෙයක්.


විශ්වයේ පැවැත්ම රඳා පවතින ඉර හඳ නිවසේ තබා ගැනීමෙන් අයහපතක් වෙන්නේ නෑ. රූපය තබා නොගත්තයි කියලත් වරදක් නෑ. උදේම අවදිවෙලා සූර්යයාට වැඳලා "ඔබ වහන්සේගෙන් අපට අද දිනයේ ශාන්තියක්ම වෙන්න" කියලා හිතනවා නම් ඒත් හොඳයි. ඒ ප්‍රාර්ථනාව ප්‍රබලයි. නිකම්ම රූප දෙකක් බිත්තියේ ගහලා තියෙනවාට වඩා.


ඉර හඳ සංකේත මිනිස්සූ නිවසේ ගහලා තියෙන්නෙ තේරුමක් ඇතිව නෙවෙයි. නිකම්ම ලස්සනක් බලාපොරොත්තුවෙන්. බොහෝ විට නිවසේ දකුණූ පැත්තෙන් ඉරත් වම් පැත්තෙන් සඳත් ගහලා තියෙනවා. මෙයට වඩා හොඳයි ඉර හඳ වැඳලා මේ ගාථාව උදේ සවස කියන එක.


උදේට පායන හිරු දෙවියන්ටයි


සවසට පායන සඳ දෙවියන්ටයි


අප ඇති දෑඩි කළ දෙමාපියන්ටයි


වැඳ වැඳ පින්දෙමි නිවන් දකින්ටයි.


වාග් ශක්තිය හරිම ප්‍රබලයි. අපි කියන මේ වචන විශ්ව ශක්තියට එකතුවෙලා එයින් නැවත අපට ලැබෙන ශක්තිය හරිම ප්‍රබලයි.


අද බොහෝ දෙනෙක් ඉර පායන විට නැගිටින්නේ නෑ. ඉර පායලා සෑහෙන වෙලාවකට පසූවයි අපි නැගිටින්නේ. ඒ වෙලාවට අපිට ඉර දිහා බලන්නවත් බැහැ. නමූත් ඉර පායන වෙලාවට ඉර දිහා බලන්න පූළුවන්. උදේ පාන්දර ඉර පායන කොට නැගිටලා ඉර දිහා බලලා, සූර්ය නමස්කාරය කරන්න. අපේ මූළු දවසම සැපවත් වෙනවා.


අපි අහලා තියෙනවා විශ්නූ දෙවියන් කිරි මූහූද කැළඹූවා කියලා. එතනින් හොයාගත්තලූ, සූරබිදෙන, කල්පවෘකෂය, අමෘතය, ලකෂ්මිය, ජය සංඛය.


සූරබිදෙන කියන්නේ පැතු පැතු සම්පත් ලබාදෙන සූදු එළදෙනක්. කල්ප වෘකෂය මහා ලකෂ්මිය, ජය සංඛය පවා එහෙමයි. ඉතින් මිනිසූන් මේ සංකේත නිවසේ තියාගන්නවා. තමන්ට වාසනාව ලැබෙන්න කියලා. ඔය බොහොමයක් සංකේත ඇතිවෙලා තියෙන්නේ දේව කතා අනූවයි.


කාන්තාවට පූළුවන් මේ සංකේත නැති වූනත් නිවසට වාසනාව කැන්දන් එන්න. බූද්ධිමත්ව, පංචසීලය රැකගෙන ඉන්නවා නම් ඇය නිවසට ලකෂ්මියක්. එතකොට නිවසට ලකෂ්මිය පිටතින් කැඳවන්න අවශ්‍ය නැහැ.


ජ්‍යෙතිෂ්‍යාචාරිනී
චින්තා වික්‍රමසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment