ඔබේ මූහූණත් අවලස්සන සිදුරුවලින් පිරිලාද?

 

බොහෝ විට කෙනකුගේ ලස්සන තීරණය වෙන්නේ මූහූණ බලලා. ඒ නිසා තමන්ගේ මූහූණ පැහැපත්වත් ලස්සනටත් තබා ගැනීම වැදගත්. ඇතැම් අයගේ මූහූණ දෑක්කහම අපට අවලස්සන සිදුරුවලින් පිරි තිබෙනවා දෑකගන්න පූළුවන්. සැබවින්ම මේ සිදුරු මොනවාද? මේ සිදුරු වසා ගැනීමට අපට රූපලාවන්‍ය ක්‍රම වේදයන් භාවිත කරලා මූකුත් කරන්න බැරිද? මේ සතියේ අපේ අවධානය යොමූ කරනවා.

මූහූණේ සමේ ඇති සිදුරු විශාල වෙනවාය කියන්නේ හමට නිසි සත්කාර සිද්ධ වෙන්නේ නැහැයි කියන එකයි. ඉංගී්‍රසියෙන් මේ තත්ත්වයට කියන්නේ පෝස් එන්ලාර්ජ් වෙනවා කියන එකයි.


අපි මතක තියා ගත යූතු කරුණක් තියෙනවා. වයසට යන්න යන්න මේ තත්ත්වය වැඩිවීමක් ඕනෑම කෙනකු තුළ අපට දකින්න පූළුවන් බව. කොහොම වූණත් තරුණ අවධියේ පටන් මූහූණ ගැන සැලකිලිමත් වෙන කෙනකුට වයසට ගියත් මෙවැනි අවලස්සන තත්ත්වයකින් මිදී සිටීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දෑන් මූහූණේ සිදුරු ඇති කෙනකුට වූවත් ටික කලක් මූහූණට සමට නිසි සත්කාර කිරීමෙන් ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට මඟ හරවා ගැනීමට හැකියාව තිබෙනවා.


හමට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය (ආහාර මගින්) ලබාදෙන්න ඕනේ වගේම විවිධ ආලේප සම්භාහන ක්‍රම මගින් බාහිර පෝෂණයත් ලබා දීමේ වැදගත්කම ඔබ දන්නවාට සැකයක් නැහැ.


සාමාන්‍යයනේ මූහූණට ෆේෂල් එකක් කිරීමෙන් අනතුරුව මූහූණේ සිදුරු පිරිසිදු වී යම් ප්‍රමාණයකට විශාල වෙනවා. එවැනි අවස්ථාවක ස්කින් ටෝනර් එකක් ගෙන මූහූණේ තැනින් තැන ආලේප කරලා ඇඟිලි තුඩූවලින් සියූම්ව පිරිමැදීමෙන් සිදුරු වසා ගන්න හැකියාව තියෙනවා. ස්කින් ටෝනර් පූළුන් කැබැල්ලකින් මූහූණේ තවරනවා නම් වඩාත් හොඳයි.


මූහූණේ සිදුරු ඇති අයකුට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරගෙන පැහැපත් මූහූණකින් යූක්තව ලෝකය ඉදිරියට යන්න නම් ස්කින් ටෝනර් එකක් භාවිත් කිරීම හොඳයි.


ස්කින් ටෝනර් ගැල්වීමට ප්‍රථම මූහූණ හොඳින් පිරිසිදු කරගන්නටත් අමතක කරන්න එපා. ඇතැම් උදවිය කුණූ දූවිලි තැවරුන මූහූණටම ස්කින් ටෝනර් භාවිත කරනවාත් අප දෑකලා තියෙනවා. එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵල අත් වන්නේ නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment