කාන්තාවන්ට හෘද රෝග ඇතිවීමේ හැකියාව අඩූ ඇයි?

 

මාස් ශුද්ධියේ වාසි පැත්ත පිළිබඳ මොහොතකටවත් ඔබ සිතුවාද?

කාන්තා හෝමෝන කාන්තාව ආරක්ෂා කරනවා


හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වශයෙන් තිබෙන්නේ පිරිමි උදවියට බව පසූගිය දිනවල අප සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. ඒ වගේම කාන්තාවන් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය අඩූවී තිබෙන්නේ මන්ද යන කරුණ පිළිබඳවත්, කාන්තාවන්ට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව තිබෙන්නේ කුමණ අවදියේද යන්න පිළිබඳවත් එවිට ඔබ එයින් වැළකී සිටීමට ගතයූතු ක්‍රියාමාර්ග මොනවාද යන්නත් අද අප සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා. බලන්න ඔබටත් හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය තිබෙනවාද කියල.


කාන්තාවන් වැඩිවියට පත්වූ අවදියේ සිට ආර්ථවය නතර වන කාලය දක්වා ඒ කියන්නේ අවූ. 14 සිට 45 දක්වා වගේ කාලය තුළ මාස ශුද්ධියක් වනවා. ඒ කාලය තුළ ඔවූන්ගේ ශරීරයේ ක්‍රියාකරවන හෝමෝනවල වෙනස්කම් ඇතිවෙනවා. ඒ නිසාම ඔවූන්ගේ ශරීරයේ කොලෙස්ටරෝල් තැන්පත්වීම අඩූ බවක් දක්වනවා. ඒ නිසාම එම කාලය තුළ කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය අඩූයි. (කාන්තාවන්ට ගැබ් ගැනීමේ හැකියාව තිබෙන කාලය තුළ හෘදයාබාධ වැළඳීම අඩූයි.)


ආර්තවය නතර වූ පසූ

ඒ වගේම තමයි ආර්ථව ක්‍රියාව නතර වූ පසූ අවූ. 45 කට එහා කාලයේදී ඔවූන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්වීමත් සමගම ඔවූන්ගේ ශරීරයේ කොලෙස්ටරෝල් තැන්පත්වීමේ හැකියාව වැඩිකර ගන්නවා. එවිට පිරිමි උදවියට වගේම කාන්තාවන්ටත් හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවනවා. එසේ සිදුවන්නේ ආර්ථවය නතර වූ නිසයි. එහෙත් හෘදයාබාධ ඇතිවීමට පොදු සාධක කිහිපයක්ම තිබෙනවා. එනම් ඔබ ආර්ථව ක්‍රියාව සිදුවන කාලය තුළ සිටියත් ඔබ ඕනවට වඩා තරබාරුනම් එම තරබාරුව නිසාම ඔබට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය තිබෙනවා. ඊට අමතරව හෘදයාබාධය ආරෙට යන ගතියක් තිබෙනවා.


ඔබ ඉපදිලා තිබෙන්නේ හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය තිබෙන පවූලක නම් ඔබට හෘදයාබාධ ආරෙට යාමේ හැකියාව තිබෙනවා. ඔබ ආර්ථව ක්‍රියාව සිදුවන අවදියේ සිටියත් එහි බලපෑම ඔබට තිබෙන බව මතක තබාගත යූතුයි. එසේ නම් ඔබ අනෙක් අයට වඩා ප්‍රවේශම් විය යූතුයි.


ඔබට අධික රුධිර පීඩනය තිබෙනවාද?

ඒ වගේම ඔබට අධික රුධිර පීඩනය තිබෙනවා නම්, දියවැඩියාව වගේ රෝගය තිබේනම් හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අධික රුධිර පීඩනය තිබෙන අයගේ හෘද වස්තුව ඕනවට වඩා වැඩියෙන් ක්‍රියා කරනවා. එවැනි අයට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය වැඩියි. එසේම දියවැඩියාව, දියවැඩියාව කියලා කියන්නේ රුධිරය සීනි ප්‍රමාණය අධිකවීම, ඒසේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීමෙන් රුධිර නාල ඇතුළත බිත්ති විනාශ වෙලා රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වනවා. එසේ කොලෙස්ටරෝල් තැන්පත්වීම වැඩිවන තරමට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවනවා.


එසේනම් ආර්ථව ක්‍රියාව සිදුවන කාලය තුළ ඔබට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය අඩූ වූවත් ඔබ තරබාරුනම්, අධික රුධිර පීඩනයෙන් දියවැඩියාවෙන් පෙළෙනවා නම්, පරම්පරාවේ හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය තිබේනම් ඔබට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එසේම ඔබ ප්‍රවේශම් විය යූතුයි.


අප මෙසේ ඔබව දැනූවත් කරන්නේ ඔබට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය තිබේ නම් ඔබ උත්සාහ ගත යූතුයි. ඔබේ තරබාරුකම අඩූකර ගැනීමට. සාමාන්‍යයෙන් අඩි 5 ක් උස කාන්තාවන්ගේ බර තිබිය යූත්තේ රාත්තල් 115 ක්. එතකොට ඔබේ උස අඩි 5 ක් නම් ඔබ රාත්තල් 130 ක් පමණ බර නම් ඔබේ බර වැඩියි. ඔබ උත්සාහ ගත යූතුයි කෑම පාලනය කර ඔබේ බර සරිලන ආකාරයට සකසා ගන්න.


ඔබට අධික රුධිර පීඩනය තිබෙනවා නම් නැතිනම් පෙෂර් තියෙනවා නම් ඔබ නිවැරදි ලෙස ඖෂධ ලබාගෙන රුධිර පීඩනය පාලනය කරගත යූතුයි. එසේ නොකිරීමෙන් ඔබට හෘදයාබාධ වැළඳීමට ඇති ප්‍රවණතාවයන් වැඩිවෙනවා.


ඔබත් දියවැඩියා රෝගියෙක්ද?

ඔබට දියවැඩියාව තිබේනම්, දියවැඩියාව කියන රෝගය හෘදයාබාධ වැළඳීමට හේතුවක් වනවා විතරක් නොවේ. වකුගඩූ අසනීප, ඇස් පෙනීම දුර්වලවීම වැනි රෝගත් ඇති කරවනවා. ඒ නිසා ඔබ නිවැරදි ඖෂධ ලබාගෙන කෑමෙන් ප්‍රවේශම් විය යූතුයි. හෘදයාබාධ වැළඳීමේ ප්‍රවනතාවය තිබේ නම් උපත් පාලන පෙති සූදුසූ නෑ.


ඒ වගේම කාන්තාවන් ගැන කියන විට විශේෂයෙන්ම ඔබ මතක තබාගත යූතු කරුණක් තිබෙනවා. එනම් ඉහත සඳහන් කළ ආකාරයට ඔබට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය වැඩියි කියල හිතෙනවා නම් ඔබ උපත් පාලන පෙති පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය යූතුයි. එය ඔබට සූදුසූ වන්නේ නැහැ. දැන් ඔබ හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය තිබෙන්නේ කුමන අයටද යන්න දන්න නිසා ඔබ මතක තබාගත යූතුයි. උපත් පාලන ක්‍රම භාවිත කරන විට උපත් පාලන පෙති පරිහරණය නොකර සිටීමට. ඒ සඳහා පාවිච්චි කළ හැකි වෙනත් ක්‍රම කිහිපයක් තිබෙනවා. ඔබේ වෛද්‍යවරයා සමග කතා කර ඔබට සූදුසූ උපත් පාලන ක්‍රමයක් පාවිච්චි
කිරීමට පූළුවන්.





වෛද්‍ය
මහින්ද වික්‍රමආරච්චි,
හෘද රෝග ඒකකය,
ජාතික රෝහල,


කොළඹ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment