සත්ව කරුණාව මානව දයාව තරමටම උපරිම වීම වරදක් නැහැ. එය ඉතාමත් අන්තවාදී විදිහට සිදුවූණොත් අපේ දෛනික ජීවිතය හැඩ ගසා ගැනීම අපහසූයි.
මලිතිගෙ සිදුවීම මොනතරම් අන්තවාදිද කිව්වොත් තමා නොදෑනූවත්ම හෝ සතුන් මැරේවි යන බියට ඇය බිම පය තබා ඇවිදින්නත් බිය වූණා. බිම ඇති පූංචි සත්තු පෑගී මැරෙයි කියන අනියත සැකයක් ඇගේ සිත තුළ තිබූණා.
තලියේ පැනෙහි කිඹූලන් දකින්නා සේ වූ මේ බිය ඇගේ ජීවිතයේ හැම දිසාවකටම විහිදී ගියා. මෙම තත්ත්වය මොන තරම් හිරිහැරකාරීද කියලා මලිතිගෙ වචන වලින්ම අපි දෑනගනිමූ.
ලිප අවූලන්න ගියාම දර ඉපල් කිටිටූ කරන්න බයයි. ඒවායේ ඇති පූංචි සත්තු මැරේවි කියන බය මගෙ හිතට දෑනෙනවා.
ගලාගෙන යන්න වතුර දාන්න මට බෑ. කාණූවල ඉන්න පූංචි සත්තු මැරේවි කියලා බයයි.
කොස්සක් ඉදලක් අරගෙන ගෙවල් මිදුල් අතුගාන්න මට පූළුවන්කමක් තිබූණේම නෑ. පොළවේ ඉන්න පූංචි සත්තු ඇඹරිලා මැරෙයි කියලා මට බය හිතෙනවා.
පරණ භාජන පිරිසිදු කිරීම නම් මට කොහෙත්ම බැරිවූණා.
රෙදි හෝදන්නෙ අත තෙමලා ගලට අත තියලා බලලා. මැස්සෝ වගේ ඇහැට නොපෙනෙන සත්තු ඒ වෙලාවෙ අතට එනවා. එතකොට අතට සතෙක් ඇවිත් හිටියොත් හිතට ලොකු අපහසූවක් දෑනෙනවා.
රෙදිවැල්වල කූඹි ඉන්න හින්ද වේළුන රෙදි ගන්නෙ හොඳට හිතලා බලලා. හදිසියේවත් කූඹියෙක් මැරුණා කියලා හිතට හිතුනොත් දවසක් විතරම ඒ ගැන හිතනවා. මම දෑනූවත්ව නොවෙයි මේ මරණය සිද්ධ වූණේ නොදෑනූවත්වමයි කියලා මමම හිත හදා ගන්නවා. මේ විදිහට කල්පනා කරන්නේ එක තැන එහාට මෙහාට ඇවිදින සක්මන් ගමන්.
මලිතිගෙ මෙම චරියාව නිසා ඇයට දවසටම වැඩකට දෙකකට වඩා කරන්න අවස්ථාව ලැබූණේ නෑ. අහේතුකව ඇතිවූණ බිය වගේම පූංචි සත්තු මැරෙන්න ඇති කියන සැකය නිසා ඇගේ සිත නිතරම ඇයට කරදර කළා. අපි නොසිතුවාට මනසේ ඇතිවන ව්‍යාකූල තත්ත්වයන් කොයි තරම් නම් තිබෙනවද? මෙම තත්ත්වය තමන්ටම මානසික වදයක් වූණ නිසාම උපදේශනය මගින් විසඳුම් ලබා ගන්න මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ මනෝ විද්‍යා උපදේශක අශෝක ප්‍රේමසිරි මහතා මූණගැසූණා.
ජීවිතය මේ විදිහට ගලපා ගත්තොත් තමන්ගේ අනාගතයට බාධාවක් බව ප්‍රේමසිරි මහතා මලිතිට පෙන්වා දුන්නා. තරුණියක් ලෙස සිටින ඇය කවදා හෝ විවාහ විය යූතුයි. දරුවන් ලැබිය යූතුයි. ගෙදර දොර වැඩකටයූතු සිදුකළ යූතුයි. නමූත් මේ සීමාවන් මත රැඳුනොත් ඇයගේ ජීවිතයේ මේ සියල්ලම ආපස්සට යන බව මලිතිට නොතේරුණාම නෙමෙයි.
විවාහය ඉලක්ක කර ගෙන පහසූ දේ සිට අපහසූව වෙත ගමන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ උපදේශනය මගින් ඇයට තෝරා දුන්නා. මූල්ම පියවර ලෙස දිනපතාම එක විනාඩියක් දූවිලි විසීමට කිව්වා. ටික දිනක් තුළ මලිතිට දූවිලි විසීම එතරම් අපහසූවක් දැනූනේ නෑ.
ඊළඟ අදියරේදී විනාඩි ගණනක් අතුගෑමට උපදෙස් දුන්නා. අතුගෑම මලිතිට ඉතාම අප්‍රසන්න අත්දෑකීමක් වූණත් කවදා හෝ මම විවාහ වූණාම ගේ දොර පිළිවෙළට තබාගන්න සිත කියන අනාගත ඉලක්කය තදින්ම හිතේ තබාගෙන ඇය අතුගෑම ආරම්භ කළා. මූල්ම විනාඩි දෙක තුනකට සිමාකළ අතුගෑම අදියරෙන් අදියරට කාල වේලාව දිගු කරමින් දිගින් දිගටම අතුගෑමේ කටයූත්ත සිදුකළා.
අද තමන්ගේ රෙදි හෝදන්න අකමැති වූණත් හෙට දවසෙ තමන්ගෙ විතරක් නොවෙයි ස්වාමිපූරුෂයාගේ දරුවන්ගේ රෙදිත් හෝදන්න වෙන බව අමතක කරන්න එපා යැයි කියන අනාගත වාක්‍යය මලිතිගෙ හිතට ප්‍රේමසිරි මහතා තදින්ම සනිටූහන් කළා. ඒ ගැන හිතුවාම මලිතිට මේ අපහසූවෙන් මිදීමේ අවශ්‍යතාව ඉතාම තදින් දෑනූනා. අනාගත ඉලක්ක ගැන සිත සිතාම මෙම කාර්යන් ගැන කරන අතරතුර සෘැක්ං්එසදබ සංඝතවීමේ අභ්‍යාසයන්ද මලිති අනූගමනය කළා.
මේ අතරෙදි ළඟදි දවසක මගිතිගෙ අම්මා ප්‍රේමසිරි මහතාට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. මලිතිට විවාහ යෝජනාවක් ඇවිත්. අම්මා පණිවිඩය දුන්නා. මෙතැන් සිට තවත් ඉදිරියට යෑමේ අනිවාර්ය අවශ්‍යතාවය එක්ක අවධානය යොමූවීමේ අලූත්ම බලාපොරොත්තුව මගින් මලිති ඉතාම සාමාන්‍ය ජීවිතයට ප්‍රවේශම්වෙන බවට වූ සහතිකය අසෝක ප්‍රේමසිරි මහතා මලිතිගෙ අම්මාට ලබාදුන්නා.
0 comments :
Post a Comment