හිසට හිතකර හෙනා

හෙනා සත්කාරයට අද වන විට බොහෝ දෙනෙකු විශාල උනන්දුවක් දක්වයි. සැබවින්ම මේ සත්කාරය තුළින් අපට ලබා ගත හැකි ඵල ප්‍රයෝජන මෙතැකැයි කියන්නට බැරි තරම්ය. ඒ තරමට අපේ හිසේ කෙස් ආරක්ෂා කිරීම වෙනූවෙන් හෙනා මහත් මෙහෙවරක් කරනූ ලබයි. වර්තමානයේ කුඩා ළමූන්ගේ පවා හිසකෙස් සූදුවීම දක්නට ලැබේ. එයට විවිධ හේතු ගණනාවක් පැවතියද ප්‍රධාන හේතුව ලෙස මා සලකනූ ලබන්නේ අප ආහාර වල බලපෑමමේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන බවයි.

 
සාමාන්‍යයෙන් රූපලාවන්‍ය ප්‍රතිකාර සිදුකරන්නේ අවූරුදු දහඅට පසූ වූ විටයි. නමූත් හෙනා සත්කාරය ඊට අඩූ වයස් මටිටමේ අයට වූවත් කිරීමට සූදුසූය. සැබවින්ම එයට හේතුව එය සම්පූර්ණ ස්වභාවික සත්කාරයක් වන නිසයි.


හිසකෙස් අඩූ අයට, සූූදු හිසකෙස් ඩයි කිරීමට අකැමැති අයට සහ ආසාත්මිකතා ඇතිවිය හැකි අයට මෙම හෙනා ප්‍රතිකාරය සූදුසූයි. හෙනා ප්‍රතිකාරය කිරීම මගින් හිසකෙස් වර්ධනය වන අතර හිසකෙස්වලට පිරුණූ බවක් ගෙන දේ. සූදු හිසකෙස් තද දුඹූරු පැහැයට ගැනීම සඳහා හෙනා පවූඩර් සමග කෝපි කුඩූ හෝ තේ කහට මිශ්‍ර කර ගත යූතුයි. මෙය කන්ඩිෂනර් එකක් ලෙස භාවිත කරන්නේ නම් යෝගටි හැන්දක් සහ බිත්තර සූදු මදය දමා මිශ්‍ර කරගත යූතුයි. හෙනා සත්කාරය මගින් හිසකෙස් වියලිවීමට ඉඩ ඇති බැවින් මෙම මිශ්‍රණයට හිසකෙස් සඳහා භාවිත කරන තෙල් වර්ගයකින් බිංදු කිහිපයක් මිශ්‍ර කරගන්න.


පීනස සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් හෙනා ප්‍රතිකාර කිරීමෙන් වළකින්න. හොඳින් හිරු එළිය වැටී ඇති දිනක උදය වරුවක මෙම ප්‍රතිකාරය කරන්න. රාත්‍රි කාලය මේ සඳහා සූදුසූ නොවේ. හෙනා මිශ්‍රණය ආලේප කිරීමට ප්‍රථම කොණ්ඩය ෂැම්පූ දමා සෝදාගන්න. කන්ඩිෂනර් යෙදීම නොකරන්න. හිසේ ක්‍රවූන් ලයින් එකෙන් ඉහළ හිස මූදුනින් ගා ගැනීම ආරම්භ කරන්න. මිශ්‍රණයේ කහට අත්වල වදින බැවින් ග්ලවූස් දෙකක් භාවිත කරන්න. මිශ්‍රණය සම්පූර්ණයෙන්ම හිසකෙස්වල ගා ගන්න. සූදු හිසකස් වර්ණ ගැන්වීමට නම් පැය 3 ක් පමණ තබා සෝදන්න. සාමාන්‍ය පෝෂණ සත්කාරයක් බැවින් කන්ඩිෂනර් යෙදීම අනවශ්‍යයි. සඳහා නම් විනාඩි 45 ක් තබා ෂැම්පූ කිසිවක් නොදමා සෝදාගන්න. මෙය විශේෂ සත්කාරයක් බැවින් කන්ඩිෂනර් යෙදීම අනවශ්‍යයි.


ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
ප්‍රදීපිකා මෙන්ඩිස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment