පිරිමින්ට ඇතිවන ශිෂ්ණ පිළිකාව +18

පෙරසම මෑත්කර ස්මෙග්මා ඉවත් කර නිතර පිරිසිදු කරන්න.


සියලු රටවල සියලුම ජාතීන් අතර පිරිමින්ට ඇතිවන පිළිකා අතර මුල් තැනක් ශිෂ්ණ පිළිකාවට හිමිවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරිමින්ට ඇතිවන පිළිකා අතරින් 1% ක්ම ශිෂ්ණ පිළිකා බව වාර්තා වෙයි.

ඔබගේ ජීවන රටාව තුළ මේ සිරිත් ඇත්දැයි බලන්න.

ස්නානය කරන විට ඇඟ සෝදනවිට ශිෂ්ණයේ පෙරසම මෑත්කර එහි බැඳී ඇති “ ස්මෙග්මා” ලෙස හැඳින්වෙන තෛලමය අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමේ පුරුද්දක් නැතිකම. (චර්මජේදනය නැතිනම් සුන්හත් කිරීම ලෙස හැඳින්වෙන ශිෂ්ණ පෙරසමේ කොටසක් ඉවත්කළ පිරිමින්ට ශිෂ්ණ පිළිකාව වැළඳීමේ අඩුවක් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

ශිෂ්ණ පිළිකා ඇති කරන වෙනත් හේතු ජීවන රටාවට සම්බන්ධ බව නොසැලකේ.



දැනගන්නේ කොහොමද?
ශිෂ්ණය මත තද ගතියක් සහිත සුව නොවන හා පැතිරී යන වණයක් හෝ තුවාලයක් පැවතීම.



රෝග විනිශ්චය සහ ප්‍රතිකාර
සම්මත රුධිර පරීක්ෂණ සහ තුවාලය සහිත ප්‍රදේශයෙන් ලබාගත් සෛල ජෛවේක්ෂා (බයොප්සි) පරීක්ෂණයට ලක් කිරීම මඟින් රෝග විනිශ්චය කළ හැකිය.

ශිෂ්ණ පිළිකාව සඳහා ප්‍රතිකාරය වන්නේ උපද්‍රවයට පත් ශිශ්න කොටස හා පිළිකාව පැතිරෙන්නට ඇතැයි අනුමාන කරන අවට පටක කොටසේ ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම. විකිරණ ප්‍රතිකාර මෙන්ම රසායනික ඖෂධ ප්‍රතිකාර මඟින්ද එතරම් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක.

ඉක්මනින් හඳුනාගෙන උපද්‍රවයට පත් ශිෂ්ණ කොටස, පැතිරී ඇතැයි සැක කරන පටක කොටස් සහ වසා ග්‍රන්ථි ඉවත් කළහොත් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය.



වැළැක්වීමට ගත යුතු පියවර


ශිෂ්ණ පෙරසම මෑත්කර ඒ තුළ රැඳී ඇති “ස්මෙග්මා” ද්‍රව්‍ය ඉවත් කිරීම.

ස්නානය කරන විට සහ ඇඟ සෝදන විට පුරුද්දක් කර ගැනීම.

ශිෂ්ණ පෙරසම ඉවත් කිරීමේ (චර්ම ජේදනය හෙවත් සුන්නත් කිරීමේ) සැත්කමට ලක්වීම.

ශිෂ්ණයේ තුවාලයක් වණයක් ඇතිවූ විට වහාම වෛද්‍ය ප්‍රතිකාර පැතීම.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

3 comments :

  1. anti fungel cream eka hnodaida owta?mge bibili wgayk enwa,,mn internet eke balpu widhta candib infection kiyla ekak,help me

    ReplyDelete
  2. ශිෂ්ණය මත බිබිලි ඇති වේ නම් එය දිලිර නිසා ඇතිවෙන තත්වයක් බව ස්ථිරවම නොහැකිය.වෛද්‍යවරයෙකු ලවා පරීකෂා කිරීම වඩා සුදුසුය .

    ReplyDelete
  3. ලිංගික අවයව වල පවතින බෝනොවන ඉන්නන් , බිබිලි ඉවත්කර ගන්නේ කෙසේද ?
    http://kktmadhusanka.blogspot.com/2016/07/remove-ppp-sinhala.html

    ReplyDelete