පූංචි දරුවෝ රෑට අවදියෙන් ඉන්නේ ඇයි?

දවසේ වැඩ කටයූතු සියල්ලම හමාර වී ඇහැ පියාගෙන ඇලවෙන්නවත් මවූපියන්ට නිදහසක් ඇත්තේම නැහැ. දහංගලේට එහෙ මෙහෙ දුව පනින දරුවන්ට රාත්‍රියට නින්ද ගැන වූවමනාව නැති වූණත්, ඊළඟ දවසේ වැඩ කටයූතුවලට පොරබදන මවූවරුන්ට නම් උදේ අවදිවීමට අද රාත්‍රියේදී සූවදායක නින්දක් ඇත්තටම අවශ්‍යයයි. පූංචි දරුවන් මැදියම් රැය වෙනතුරු අවදිව සිටියත් ඊළඟ දිනයේදී වෙලා ගතවී අවදිවීමට ඔවූන්ට බාධාවක් නැහැ. අනෙක දවල් කාලයේදී වූණත් නිදාගන්න පොඩි එවූන්ට කාගෙන් බාධාවක්ද?

දරුවන් රාත්‍රියේදී බොහෝ වේලා අවදිව ඉන්නේ ඇයි ප්‍රශ්නයට දරුවන් පිළිබඳව ගවේෂණයේ යෙදෙන මනෝවිද්‍යාඥයන් පිළිතුරු දෙන්නේ මේ විදිහටයි.


අවූරුදු තුනට අඩූ දරුවන් අපට වූවමනා වේලාවට නිදිකරවා ගැනීම බොහොම අසීරුයි. දරුවන්ට නිදා ගැනීමේ වේලාව පිළිබඳව හූරුපූරුදු රටාවන් ගොඩනැගීම අවශ්‍ය වූණත් අපේ අණසකට දරුවන් නැඹූරු නොවන අවස්ථාවන් එමටයි.


රැකියාවන්හි නිරත මවූපියවරුන්ගේ දරුවන් බොහෝ අවස්ථාවලදී සෙනෙහසක් ලබන්නේ රාත්‍රියේදී පමණි. මූළු දහවලම හූදෙකලාව ගෙවන මොවූන් සිය මානසික හිස් බවට පිළියම් ලබන්නේ මවූපිය ආශ්‍රය මගීන්ය. සිත තුළ ඇති කණස්සල්ල නිසාම මෙම දරුවන්ට නින්ද පිළිබඳ අවශ්‍යතාවයක් නොමැතීවීමට ඉඩ ඇත.


මවූපියන්ගේ අවධානය අවශ්‍ය වූ දරුවන් මෙන්ම අධි ක්‍රියාශීලී දරුවන්ද නින්දට වැඩි ප්‍රියතාවයක් නොදක්වයි. සිත තුළ වූ හිස් බව නිසාම එම අඩූව පිරිමසා ගැනීමට මවූපිය අවධානය දැඩි ලෙස දිනා ගැනීමට දරුවන් දරන වෙහෙස නිසාම ඔවූන් නින්ද පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වා සිටියි.


දරුවා නිදන පරිසරය ඔහූට ප්‍රියමනාප නොවීමද නින්ද පිළිබඳ ගැටලු ඇති කිරීමට හේතු වේ. අධික කළුවර, නින්දට හිතකර නොවූ අපිරිසිදු පරිසරය මගින් ද දරුවාගේ නින්ද ඉබේටම කඩාකප්පල් කරනූ ඇත. බොහෝ දරුවන් තනිව නිදි යහනට යන්න ප්‍රිය නොකරයි. තමා අනාරක්ෂිත බවට වූ හැඟීම නිසා නින්ද තුළ මෙම දරුවන්ට සූවදායී බවක් නැත. දරුවෙකු නිදි කරන විට ඔවූන් සමග ඔබත් නිදි යහනට විත් දරුවා සමග සූහද සංවාදයේ යෙදීම දරුවාට කතාන්දර කියාදීම මගින් සිතට ශක්තිය ලබාදීම නින්ද වෙත දරුවා යොමූ කිරීමේ ක්‍රමෝපායක් වේ.


නින්ද වෙනූවෙන් දරුවාට ලබාදෙන පෙර සූදානමද මෙහි ඉතා වැදගත්ය. දත මැද, මූහූණ කට සෝදවා ලිහිල් ඇඳුම් අන්දවා දරුවාට නින්දට සූදානම් කිරීම තුළ නින්දට යෝග්‍ය පරිසරය ඉබේටම පිළියෙල වේ.


නින්ද සඳහා සූපූරුදු රටාවක් ආරම්භ කිරීමට ද අමතක නොකළ යූතුය. දරුවාගේ ශාරීරික මෙන්ම මානසික පෝෂණයට නින්ද අවශ්‍ය වේ. බාලවියේ දරුවන් දවල් කාලයේ ලබන නින්දම මගින් රාත්‍රි කාලයේදී නින්ද ගැන අවශ්‍යතාවයක් නොදැනෙනූ ඇත. මේ නිසාම නිදි රටාවන් පිළියෙල වීමේදී හවස් කාලයේදී දරුවාගේ නිදා ගැනීමට ඇති පූරුද්ද දිවා කාලය වෙනූවෙන් සීමා වූණොත් රාත්‍රිය කිසිදු අපහසූවකින් තොරවම නින්ද වෙත යොමූ වෙනූ ඇත.


තරවටූ කිරීම මඟින් කිසිදු විටෙක නින්දට විධාන ලබා නොදිය යූතුය. තරවටූ කිරීම මඟින් දරුවා යහනට ගිය ද සිත තුළ ඇති නොසතුට විසින් සූවදායක නින්දකට දරුවාට ඉඩ නොදෙනූ ඇත. නින්දට ආසන්නව සිටින විට භයංකර චිත්‍රපට දර්ශන වෙත යොමූවීම මඟින් ද නින්දට බාධා ඇතිවේ. දරුවා නිදන පරිසරය සමීපයේ සිට ඔබ ගුවන් විදුලි, රූපවාහිනිය වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය අංශ වෙතට යොමූ වීමද නින්දට ගැළපෙන පරිසරයට ඉබේටම බාධාවන් ඇතිවේ.


පාසල් වියේ පසූවෙන දරුවෙක් විසින් රාත්‍රියේදී සූව නින්දක් නොලද විට එයින් ලබන පීඩාව පසූ දිනයේදී ඔහූගේ අධ්‍යාපන කටයූතුවලටද බලපෑම් ඇති කරනූ ලැබේ. මෙම වයසේ සිටින දරුවෙකුට නින්දට පෙරාතුව පොතක් කියවීමට අවස්ථාව ලබාදීම සිත තුළ ආරක්ෂාව ඇතිවීමට මෘදු සෙල්ලම් බඩූවක් නිදි යහනේ තබා ගැනීමට අවස්ථාව ලබාදීම වැදගත්ය. පොතපත බලන විට දරුවාගේ මනස ඉතාම පිරිසිදු වෙන අතර අනවශ්‍ය වූ ගැටීම්වලින් සිත නිදහස් වේ. මෘදු භාණ්ඩ තුරුලු කර ගැනීමෙන් තමා සූරක්ෂිතය යන අදහස දරු සිත තුළ ශක්තියක් ලෙස සනිටූහන්වීම මඟින් දරුවා සූව නින්දක් ලබන අතර දරුවන් නිදි නැහැනේ යන මැසිවිල්ලෙන් ඔබේ සිත ඉබේටම නිදහස් වෙනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment