සතුට සමග ආර්ථික වාසියක් ලබා ගන්න ගෙවත්තක් සකස් කරමූ



ස් ගාස්තු, ගෑස් මිල ඉහළ ගිහින්. ඒ විතරක් ද සීනි, කිරිපිටි, හාල්, එළවළු මේ කොයිදේත් මිළ ඉහළ ගිහින්. ජීවත්වීම සඳහා මහ සටනක් කරනන්ට සිදුවී තිබෙන බව රහසක් නොවේ.

ඉතිං දෛනිකව කෑම වේලකට කරන වියදම සූළුවෙන් හෝ අඩූකරගත හැකි නම් කොච්චර හොඳද?

පවතින එළවළු මිල ගණන් අනූව පමණක් නොව ඔබේ ගෙවත්තෙන් කඩාගන්නා එලවළු වස විසෙන් තොරවීම ද විශාල වාසියකි.

ඔය මොන වාසි තිබූණත් අපි කොහොමද එළවළු වවන්නේ. අපිට කොයින්ද ඉඩ කඩක්. ඊටම ඔය එළවළු වවන්න අපට කොයින්ද වෙලාවක් යැයි ඔබට සිතෙන්නට පූළුවන්. ඇත්ත, ඔබේ සිතුවිල්ල වැරදි නැන. ඒත් ඔබ තව ටිකක් හිතන්න.

ඔබ ගත කරන කාලයෙන් දවසකට පැය භාගයක් වෙන් කරගන්න අවස්ථාවක් නැති ද?

ගෙවත්තක් සදාගැනීමට මහ ලොකු ඉඩකඩක් අවශ්‍ය නැහැ. ඔබට ඇත්තේ ගෙමිදුල නම් එහි කොටසක් ගෙවත්තක් ලෙස ඔබට උපයෝගී කරගත හැකියි. ඔබ දෙමහල් නිවසක් හදන්නේ නම් එහි සැදෑල්ල වූව ඔබට මේ සඳහා උපයෝගී කරගත හැකියි.

ගෙවත්තක් වැවීමෙන් ඔබට මහා පරිමාණයෙන් ලාභ ලැබිය නොහැකියි. එමෙන්ම එය මහා පරිමාණ වගාවක් ද නොවෙයි. ඒ වග හොඳින් මතක තබා ගන්න.

ගෙවත්තක් පිළියෙල කරගැනීමෙන් ඔබට වාසි

රැසක් ලැබෙන අතර එයින් ආහාර සූරකෂිත බව, ආර්ථික වාසි ඉන් ප්‍රධාන තැනක් ගනියි.

ඔබ ගෙවත්තේ සිටූවා ගෙන ඇත්තේ බටූ පැල දහයක් නම් ඔබට දිනකට ආහාරය සඳහා අවශ්‍ය බටූ ප්‍රමාණය ගෙන අනිත් ඒවා විකුණා ගත හැකියි. එවිට අප මූලින් සඳහන් කළ ආකාරයට ආහාර සූරකෂීත බවක් හා ආර්ථික වාසියක්ද ලැබේ.

ඒ පමණක් ද නොවේ. ඔබට මානසික සූවයක් සිසිල් පරිසරයක් සමාජ ප්‍රතිලාබ ද ගෙවත්තක් පිළියෙල කරගැනීමෙන් ලද හැකියි.

මේ සියල්ල ලබාගත හැකි ගෙවත්තක් පිළියෙල කරගැනීම දිනකින් හමාරකින් කළහැකි දෙයක්ද නොවේ. ඒ සඳහා සියූම්ව හා සෙමෙන් ඔබ ක්‍රියාත්මක විය යූතුය.

ඒ අනූව ඔබ මූලින්ම ගෙවත්තක් පිළියෙල කරගැනීම සඳහා ඉඩ කොටසක් වෙන්කර ගන්න. ඉන්පසූ එහි කාලීන තොරතුරු, කෘෂි කාර්මික විභේදන තොරතුරු, ජෛව විවිධත්වය හා පාලන තත්ත්ව එක් රැස් කරගන්න.

අපට තිබෙන ඉඩමෙහි අංග සම්පූර්ණ පෝෂිත පසක් නොවේ. එය සෝදා පාළුවට ලක් වූණ නිසරු බිමක් විය හැකියි. මූලින්ම ඔබ කළ යූත්තේ එය නිවැරදිව සකසා ගැනීමයි. ගෙවත්ත සකසා ගැනීම යනූ කාණූ දමා පාත්ති සැකසීමම නොවේ.

මූලින් පස සංරකෂණය කරන්න. ඒ සඳහා ඔබට ඔබේ නිවසින් ඉවත දමන දිරායන ද්‍රව්‍ය හා ගෙවත්තෙන් ගෙමිදුලෙන් ඉවතලත වල් පැලෑටි, කොළ රොඩූ උපයෝගී කරගත හැකියි.

වල් පැළෑටි, කොළරොඩූ ආදිය උපයෝගී කරගෙන ඔබට කාබනික පොහොර සකස් කරගත හැකියි. ඒ සඳහා ඔබට ඡායාරූපයේ පෙනෙන ආකාරයට කෝටූ සිටූවා කොටූවක් සකස් කරගත හැකියි. එහි දිරායන කොටස් ගෙවත්තට එකතු කරන්න.

ඔබට පිටතින්ද කොම්පෝස්ටි පොහොර ගොම පොහොර ගෙනවිත් පසට එකතු කර පසූව සරුකර ගත හැකියි. මේ සඳහා සරල තාකෂණ ක්‍රම උපයෝගී කරගත හැකියි. මේ සඳහා පෞද්ගලික හැකියාවද බෙහෙවින් බලපානවා.

ඵලදායිතාව වැඩිකරගැනීම සඳහා වගා භූමියට ජලය සැපයීමත් හිරුඑළිය වැටීමත් බෙහෙවින්ම බලපාන හෙයින් ඒ පිළිබඳව අවධානය යොමූ කරන්න.

ඔබ සකසා ගත්ත ඉඩම් කොටස ස්වභාවික පරිසරය හෝ කෘතීමව පෝච්චිිවල සකසා ගත්තක් විය හැකියි. එය ගෙවත්ත නඩත්තුවට බාධාවක් නොවේ.

ඔබ පවූලේ උන්නතිය සඳහා පළමූ තැන දෙන අතරේ ඔබේ ගෙවත්තට දෙවැනි තැන දෙමින් එය වැඩි දියූණූ කරගන්න. ඔබට මූලින්ම බෝංචි වැල් දහයක්, බටූ පැළ තුන හතරක්. මාළු මිරිස් පැළ හතරක් පහක් ඉතා පහසූවෙන් සිටූවා ගත හැකියි.

ඔබ තෝරාගත් බිම් කඩ සෙවන සහිත පරිසරයක පිහිටා ඇත්නම් එහි කිරිඅල කහ ඉඟුරු වැනි ආර්ථික බෝග ද සිටූවා ගත හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment