අපල ඇතත් නැතත් බෝධි පූජාව කාටත් හොඳයි



බොහෝ වෙලාවට හඳහන් බැලුවම අහන්න ලැබෙන්නේ අපල ගැනමනේ. මේ අපලවලින් ගැළවෙන්න මොකක්ද කරන්න ඕන අහන අයට දෛවඥයින් ළඟ නිතරම සූදානම් ලැයිස්තුවක් තියෙනවා.

පළමූව බෝධි පූජාව. දෙවනූව ගල් දෑමීම. තෙවනූව ග්‍රහ පූජාව. සෙත් කවිය, සිවූවැනි අර යන්ත්‍රය මේ යන්ත්‍රය දෑමීම. මේව නිතර සමාජයේ ඇහෙන දේවල්.

අපල ඇතත් නැතත් බෝධි පූජාව කාටත් හොඳයි. බෝධිය යට සිටීමේදී ලේ පිරිසිදු වන කිරණයක් බෝ පත් තුළින් ශරීර ගතව ලේ පිරිසිදු කෙරෙන නිසා.

නමූත් බෝධි පූජා තබන අය බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා විශාල දෙයක්. ලෞකික පැවැත්මට ඉවහල්වන කරුණූ කාරණා සපල කර ගැනීම.

මූලින්ම බෝධි පූජාවේ හරය දෑනගන්න ඕනා. සම්මා සම්බූදුරජාණන් වහන්සේ බූදුවීම සඳහා තෝරා ගත්තේ ඇසතු ගසක්. මේ ගසට පිටදී බූදුබව ලැබීමෙන් පසූ උන් වහන්සේ කල්පනා කළා මේ ඇසතු ගහ මට බූදුවෙන්න පිට දීමට කළ උපකාරයට ප්‍රති උපකාර දෑක්විය යූතුයි කියලා. ඒ තුළින් ලෝක සත්වයාටත් හොඳ වටිනා පාඩමක් කියා දුන්නා. නමූත් අපි ඒ වටිනා පාඩම අමතක කර හැම විටම කෙලෙහි ගුණ නොදන්නා මිනිසූන් ලෙස ජීවත් වෙමින් බෝධියෙන් පිහිට පැතීම විහිළුවක් විකාරයක්. ඔබ ළඟ ඒ යහපත් ගුණය නැත්නම් මං හිතන්නේ නෑ බෝධි පූජාවෙන් වැඩක් වෙයි කියලා. බෞද්ධ වූණත් නූනත් පන්සල්වත් රැකගන්න බැරි නම් බෝධි පූජාවත් තමන් රවටා ගන්නා පූජාවක් වේවි. අපි රැවටූණත් ග්‍රහයින් රැවටෙන එකක් නැහැ.

දෙවනූව අපලයට ගල් දෑමීම, දෑන්නම් මෝස්තරයක් වෙලා. සමහර අය ගල් වෙළෙන්ඳො වෙලා. නොවටිනා මිලට නොවටින ගලුත් දෙනවා.

ගල් දෑමීම හොඳයි. නමූත් මේකත් තේරුමක් බේරුමක් ඇතිව විය යූතුය. ගෙදර ගේටිටූව වැහූවම ඕන කෙනත් එපා කෙනෙත් දෙන්නම නෑවිත් යනවා. වග විභාගයක් නැතිව මැණික් ගල් දෑම්මොත් ශුභ කිරණත් අශුභ කිරණත් දෙකම අපට ලැබෙන එකක් නෑ. අපල නම්, අපල දෙන ග්‍රහයා මැනවින් හඳුනා ගෙන ඊට අදාළ ගල හෝ ගල් යෙදිය යූතුය. අද මෙයත් කරන්නන් වාලේ කරන බව පේනවා. සමහරු කියනවා දාපූ ගල දවසෙන් දෙකෙන් හැලුනා කියා. ඒ ඇයි කියා සිතා බලන්න.

ඊළඟට අපල දුරු වීමට සෙත් කවි කීමක් තියෙනවා. බොහෝ වෙලාවට එකම කවිය නම් වෙනස් කරමින් සිය දාස් වාරය කියවනවා. මේවා තේරුම් ඇති වැඩ නොවේ. දක්ෂ අයකු ලවා ආතුරයාගේ නමට නැකතට නිසි වත්පිලිවෙත් අනූව කළ යූතු දේවල්. නමූත් අද ඒකත් ආවට ගියාට කෙරෙනවා. ප්‍රතිඵල නැතිව බැන අඩ ගහනවා. ඒ මදිවට තිබූණටත් වඩා නැති කරදරත් ඇවිල්ලා මෙයත් සිතා බලන්න ඔබට බාර කරමි.

අනිත් කාරණය දේව පූජා ග්‍රහ පූජා ඔය අතරෙ කට ගොන්නක් බීගෙන කරන පූජාත් තියෙනවා. කිසිම වත් පිළිවෙතක් නැතිව අතනින් මෙතනින් අහූල ගත්තපූජා වටිටියක් තබා කෝටියක් අපල දුරු කරගන්න සිතීම විහිළුවක්. තමන් අදහන ආගම සිහිපත් කර ටික වේලාවක් භාවනාවක යෙදී අපල කාලයේවත් නරක පූරුදු අත හැර කටයූතු කළොත් මේ පූජාවේ පලක් වෙයි. නැත්නම් ඒවට වැය වන මූදලුත් අපතේ. ඔබට පලක් වන්නෙත් නැහැ.

ඊළඟට තමයි ලොකුම ප්‍රශ්නය එන්නේ දෛවඥයකු ළඟට අපූරුවට එන මිනිසෙකුට මාරක අපලයක් ඇහූණොත් මොනවා නොහිතෙයිද? කීයක් ගියත් ඒ අයට යන්ත්‍රයක් දාගන්න අවශ්‍ය වෙනවා. වෙන දේවල්වලට වියදම් නොකරන අයත් ඒවට තිස් හතළිස් දාහ දෙනවා.

අන්තිමට බැලුවම නිකම්ම තහඩූ කෑල්ලක් විතරයි. නැත්නම් පොල්තෙල් ටිකක් පමණයි. අද ඒ ්තරමට සමාජය පිරිහිලා.

යන්ත්‍රයක් සකස් කිරීමේදී පිළිපැදිය යූතු කරුණූ කාරණා අපමණයි. හදිසියකට යන්ත්‍ර අඳින්න ජීවම් කරන්න පූළුවන් කමක් නෑ. මූං, අල, පරිප්පූ කඩෙන් ගන්නවා වගේ යන්ත්‍ර ගන්න පූළුවන් යූගයක් මේ. බලයක් නැති, වගකීමක් නැති දේවල් කරේ දමාගෙන පසූව ගුප්ත ශාස්ත්‍රයටම දොස් කියනවා.

යන්ත්‍රයක් දාන්නේ මනූෂ්‍යයෙකුගේ ආරක්ෂාවට. නමූත් අද බොහෝ දෙනාට වෙලා තියෙන්නේ යන්ත්‍රය පරිස්සම් කරන්න. අර කිල්ලට අහූවෙයි මේ කිල්ලට අහූවෙයි කියනවා. කොයි කිල්ලෙන්ද මේ ලෝකේ බේරෙන්න පූළුවන්. අන්තිමට කිල්ල පිට තියලා තමන්ගේ වගකීමෙන් නිදහස් වෙනවා. ලෙඩකට ඇරුණම වෙන මොන කරුණකදී හෝ කිලි කතාව එනවා නම් ඒ යන්ත්‍රය පළඳින්න එපා. මේවා දහ දොලොස් වරක් සිතා බලන්න.

අතීතයේ මිනිස්සූ මේ හැම දෙයම කළේ යම් දෑනූමක් අවබෝධයක් ඇතිව.

ඒ නිසා ඔවූන්ව මූලා කරන්නට බැරිවූණා. අද උගත් සමාජය කීවට හැම මිනිහම කාටහරි මූලා වෙලා. හරි කණගාටූදායකයි. තමනූත් තමන් මූලා කරගන්න කාලයක්. ග්‍රහ අපල කාලවලදී ඹය ප්‍රතිකර්මවලට වඩා තමන්ගේ පැවැත්ම අපල සමනයට බලපානවා. උදාහරණයක් ගත්තොත් ශනි අපල කාල පැමිණි විට ඔබ හැකි තරම් චාම් දුක්බර ජීවිතයකට යොමූ වූණොත් සෙනසූරා පලායයි. විෂ්ණූ අලිියකු වී කැලෑවට වී බටකොල කෑ පූවත එයට උදාහරණයකි. ගොවිතැන වැනි වෙහෙසෙන දෙයට යොමූ වීම පයින් ගමන් යෑම වැනි දේ උදාහරණ හැටියට කියන්න පූළුවන්. නමූත් වත්මන් සමාජයේ අපල කාලයට තවත් සැප විඳින්නයි සූදානම් වන්නේ.

හොඳක් හෝ නරකක් බලවත් ලෙස විඳින කාලයයි, ඒරාෂ්ඨක කාලය කියන්නේ. මේ වැනි අවස්ථාවලදී මොන බලවතෙකුටවත් අල්ලස් දී මග හැර යෑමට හැකි කමක් ලැබෙන්නේ නෑ. නැණවත්ව කටයූතු කිරීමයි ඔබ කළ යූත්තේ. එවිට ජ්‍යොතිෂ්‍යයෙනූත් ගුප්ත ශාස්ත්‍රයෙනූත් ඔබට පිහිටක් ශක්තියක් ලැබිය හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment