රඹූටන්වල විටමින් සී බහූලයි



දෑන් රඹූටන් වාරේ. බැලු බැලු හැම පැත්තෙම වෙළෙඳුන් අත දරා සිටින පලතුරක් හැටියට රඹූටන් පෙන්වා දිය හැකිවෙනවා. රඹූටන් කෑමට ප්‍රියවූණත් මෙම පලතුරත් මිල අතින් නම් ටිකක් ඉහලයි. ඒ කොතරම් මිල වැඩි වූණත් රඹූටන් ගෙඩියක රස බැලීමට කවූද අකමැති මොකද? ඉතින් හැමදාම කන්න ලැබෙන්නෙත් නෑනේ..

Rambutans are grown in Thailand as well as Malaysia, Indonesia, the Philippines, and Australia. Most rambutans are red, but in Malaysia a smaller, yellow rambutan can also be found. Rambutans grow in clusters on evergreen trees, and are hairy-looking exotic wonders!


කොතරම් ප්‍රිය උපදවන පලතුරක් වූණත් මෙම පලතුර ආහාරයට ගැනීමෙන් ආසාදන තත්ත්වයන්ද මතු කරන්නට පූළුවන්.

දේශීය ආයූර්වේදයේ ඔසූවක් ලෙසට භාවිතයට නොගන්නේත් නැහැ.

මෙය අප රටට ආවේණික පලතුර ක් නෙවෙයි. මෙහි නිජබිම ලෙස මැලේසියාව හඳුන්වන්න පූළුවන්. මෙම ශාකය අතුබෙදී විශාලව වැවෙන ශාකයක්. දෑව වශයෙන් එතරම් සැලකිල්ලක් අප නොදෑක්වූවත් මෙය ඉතා ශක්තිමත් ශාකයක් හැටියටත් හඳුන්වාදීමට පූළුවන්.

රඹූටන් ප්‍රභේද ලෙස රතුපාට, කහපාට වර්ණවලින් වගේම, රස අනූවත්, ප්‍රදේශය අනූවත් වර්ග කරනූ ලබනවා.

මෙම පලතුර මාංසල බවින් යූතුයි. ආයූර්වේදයට අනූව නම් උෂ්න ගුණය හෙබි අමිල රසින් යූතු කටූක පලතුරක් හැටියට පෙන්වා දෙනවා.

රඹූටන් ඵල දරන්නේ උෂ්න කාලයේ දීය. ඒ නිසා එම කාලයේදීම අපට නොයෙකුත් බෝවන රෝග වන ඇස් ලෙඩ වැනි ආසාදනත් වැළඳීමේ ප්‍රවණතාවයක් ද පවතිනවා. එම රෝග වැළඳී තිබීමේදී රඹූටන් ආහාරයට ගැනීමෙන් එම රෝග තවත් උත්සන්න වීමට පූළුවන්.

රඹූටන් වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් අපට ඇති වන රෝග වන්නේ උගුරේ ආසාදන, ඇස්වලින් කබ පිටවීම, මූත්‍රා රෝග, මල බද්දය, උදර දාහය ඇති වීමයි.

උගුරේ ආසාදන රඹූටන්වල කහට රස හා අම්ල රස නිසාත් ඇතිවන අතරම ඔබ දන්නවා රඹූටන් ගෙඩියේ ලෙල්ල වටා කෙඳි වැඩී තිබෙනවා. එම කෙඳි අතරේ බොහෝ විට දිලීර, බැක්ටීරියා, දූවිලි අංශු රැඳී තිබෙන්නට පූළුවන්.

බොහෝ අය රඹූටන් කෑම සඳහා ලෙල්ල ගැලවීම සිදුකරන්නේ මූඛයෙන්. එවිට එම ලෙල්ලේ තිබෙන විෂබීජ මූඛයට යෑම සිදුවන නිසා උගුරේ අපහසූතා ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. මේ නිසා ඔබ රඹූටන් ආහාරයට ගන්නේ නම් හෝ ඔබේ දරුවාට ආහාරය සඳහා දෙන්නේ නම් එය අතින් ගලවා හෝ පිහියකින් ලෙල්ල ඉවත් කර කෑම සඳහා දීමයි වඩාත් සූදුසූ වන්නේ. එයින් මූඛයට විෂබීජ ඇතුළුවීමේ ඉඩ ප්‍රස්ථාව අඩූවෙනවා.

ඒ වගේම සෙම් බහූල රෝගීන්ට අගුණ පලතුරක් ලෙස පෙන්වා දිය හැකි වෙනවා.

රඹූටන් කොතෙක් අගුණ බව පැවසූවත් එය විටමින් සී වලින් නම් අනූන පලතුරක්. ඒත් මෙම පලතුර ආහාරයට ගැනීමේදී වඩාත් ප්‍රවේශම් විය යූතු වෙනවා. ඒ මාංසල කොටස ඇතුළත් බීජයකින් සමන්විත නිසා. එය කුඩා දරුවන්ට ආහාරයට දීමේදී දෙමව්පියන් වශයෙන් වැඩි සැලකිල්ලක් දෑක්විය යූතුයි. එයට හේතුව එය ලිස්සන සූළු බැවින් ගිලී යෑමට හැකියාව තිබෙන නිසාවෙනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment