කතුන් ගෙදරටම නාකි කරන කුජ දෝෂය


බොහෝ ජාතික පූවත් පත්වල පිටූගණන් පලවන මංගල යෝජනා දෙස බැලීමේදී ඒමගින් වැඩි හරියක් කුජ හතට ගැළපෙන කේන්ද්‍ර ඉල්ලන වයස අවූරුදු 35 ඉක්මවූ විවාහ යෝජනා වෙති. මෙය සරල ප්‍රශ්නයක් ලෙස හිතුවත් සමස්ත සමාජයම වෙලාගත් දෑවැන්ත ප්‍රශ්නයක් බව මට නම් හැඟේ. ගෑනූ දරුවෙකු උපන් දා සිට ඒ දරුවාගේ කේන්ද්‍රයේ කුජ පිහිටා ඇති ආකාරය නිසා දෙමාපියන්ට ඇතිවන ගැටලුව කියා නිම කළ නොහැකිය. මන්ද මේ කුජ දෝෂයේ බරපතලකම ඒ අය අත්විඳ ඇති බැවිනි.

මා ජ්‍යොතිෂ්‍යට අතගැසූ දා සිටම මේ කුජ දොෂය ගැන හැම පැත්තකටම සිතා බැලුවෙමි. ඒ සම්බන්ධ තොරතුරු ඇති පොත්පත්, පූස්කොළ පොත් සොය සොයා අධ්‍යයනය කළෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මා එක නිගමනයකට පැමිණ සිටිමි. කුජ දෝෂය සම්බන්ධයෙන් සමාජයේ පතුරුවා ඇති බිය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක බවයි. අද අපි ඒ ගැන කතා කරමූ.

අද මේ රටෙි පොරොන්දම් බැලීම කියා දෙයක් ජයටම කෙරෙති. මේ පොරොන්දම් බැලීමේදී ස්ත්‍රි පූරුෂ දෙදෙනෙකුගේ කරුණූ කාරණා විස්සක් ගෙන ඉන් බහූතරය හොඳ නම් විවාහයට මැනවැයි බොහෝ ජ්‍යොතිෂ්‍යවේදීන් ලියා දෙනූ අපට දක්නට ලැබේ. නමූත් මෙය මෑත අතීතයේ සමාජ ගත වූ කරුම දොෂයකි. ඈත අතීතයේ සිටම ස්ත්‍රි පූරුෂ දෙදෙනාගේම ජන්ම කේන්ද්‍ර දෙකෙහි ආයූෂ කොතෙක් දෑයි දක්ෂ දෛවඥයා විසින් මූලින්ම තීරණය කර ගනිිති. මන්ද විවාහක යූවළකට වයස අවූරුදු තිහක් වත් එකට විසීමට අපහසූ වූවොත් උපදින දරුවන් අනාථවන බැවිනි ඒ නිසා අඩූ තරමේ තිස් වසක් වත් පවතින විවාහ බලයක් නැති දෛවඥයා විවාහයට අනූමැතිය නොදේ. ඊළඟටයි කුජගේ ප්‍රශ්නයට බහින්නේ. යම් කේන්ද්‍රයක කුජ ග්‍රහයා 1ඃ 2ඃ4ඃ 7ඃ 8ඃ12ඃ යන රාශියක පිහිටා ඇත්නම් අනිත් කේන්ද්‍රයේත් ඉන් කවර ස්ථානයක හෝ කුජ පිහිටා ඇත්නම් මේ කුජ දෝෂය නිමා වේ නැත්නම් වැන්දඹූ යෝගය අහෝසි වේ. ස්ත්‍රි පූරුෂ දෙදෙනාගේම කුජ කේන්ද්‍රවල එකම තැනක පිහිටා ඇත්නම් අතිශය ශුභය. බලවත්ය.

කිසියම් කේන්ද්‍රයක් ඉහත කී අශුභ තැනක කුජ පිහිටා ඇත්නම් අන්‍ය කේන්ද්‍රයෙහි එකී ස්ථානයක රවි ශනි රාහූ කේතු පිහිටා ඇත්නම් එකී කුජ දෝෂය භංග වන බව ජ්‍යොතිෂයේ දෑක් වේ. මා දුටූ පැරණි පූස්කොළ පොතක අව පක්ෂයේ සඳු සිටී නම් එයත් කුජ දෝෂය මග හැරීමට හේතුවන බව දක්වා ඇත. පූවත්පත් දෑන්වීම්වලින් ඉල්ලන පරිදි කේන්ද්‍රයක 2ඃ 7 ඃ 8 රාශියක කුජ පිහිටීම භයානක දෙයක් ලෙස පෙනෙන අතර ඇතැම් ජ්‍යොතිෂ්‍ය පොත් පත්වලද තදින්ම මේ කාරණය ස්ත්‍රින්ට වඩා අහිතකර ලෙස දක්වා තිබේ. කාන්තාවන් සමග ලොකු අමනාපයක් ඇති කර ගෙන සිටි අයකු විසින් එසේ කළාදෑයි වරක මට සිතේ.

කුජගේ ස්වභාවය ඉක්මන් කාරය. සැඩ පරුෂය. වේගවත්ය. උද්වේග කරය. විප්ලව කාරීය. මෙවැනි පැවතුම් ඇති කුජ විවාහය සඳහා වැඩිපූර කියවෙන 2ඃ 7 ඃ8 යන රාශිවලදී එම අරමූණූවලට බාධා කරතැයි බිය නිසාම ඇතිවූ බියක් මිස එතරම් සාධාරණ දොෂයක් යැයි මට නොසිතේ.

දෙවැන්න පවූලට එක්වීමය. හත් වැන්න අඹූ සැමියන් පමණක් නොව හතර වරිගයක් ඒක රාශි වීමකි. අට වැන්න ලිංගික සබඳතා හා පරපූරේ පැවැත්මට ඉවහල් වන ප්‍රජනන සංධිස්ථානයකි. මෙවැනි වගකීමක් ඇති කරුණූ කුජ වැනි දඩබ්බරයෙකු සිටීමෙන් විනාශයට හේතු වෙතැයි පෙර සාක්ෂි මතය වන්නට ඇතැයි සිතමි. නමූත් නරක මිනිහා හැම තැනටම හැමකෙනාටම නරක නැහැ නේද? අත් දෑකීමෙන් සිතා ගනිත්වා.

කුජ හතේ සිටි පමණිින් ස්ත්‍රින්ගේ ස්වාමි පූරුෂයන් මැරෙන්නේ නැත. පූරුෂයන්ගේ භාර්යාවන් මැරෙන්නේද නැත. කුජ හතේ සිටි අය දහස් ගණනකගේ විවාහ ජීවිත ගැන සොයා බැලීමේදී කුජ හතේ සිටින අය හොඳින් සතුටින් ජීවත් වෙති. දීර්ඝ ආයූසද විඳිති.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කුජ පිහිටා ඇත්තේ කටක ලග්න කේන්ද්‍රයේ දස වැන්නේය. නමූත් විජය කුමාරතුංග මහතා අකල් මරණයට පත් විය. මේ කුජ දොෂය නිසාද? නැත සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම කේන්ද්‍රයේ 1ඃ 2 4ඃ 7ඃ 8ඃ 12 යන කිසි තැනක කුජ පිහිටා සිටියේ නැත. නමූත් අකල් මරණයකට බණ්ඩාරනායක මැතිතුමා ලක්විය. ඒත් කුජ දොෂය නිසාද? නැත.

නමූත් මේ ප්‍රබල කාන්තාවන් දෙදෙනාගේම ජන්ම කේන්ද්‍රවල ප්‍රබල රාජ යෝග රැසක් පිහිටා තිබිණි

ඒවා පලදීමට අවශ්‍ය පසූබිම සැකසූනේ මේ අයූරිනි. බණ්ඩාරනායක මහතාගේ අභාවය නිසා සිරිමා මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය විය. විජයගේ අභාවය නිසා චන්ද්‍රිකා ලොව ප්‍රථම ජනාධිපතිනිය විය. බණ්ඩාරනායක මැතිතුමා හෝ විජය කුමාරතුංග මහතා ජීවත් වූවා නම් මේ තත්ත්වය ඇතිවිය හැකිදෑයි නවලිය පාඨක ඔබත් සිතන්න. කුජ ගේ කතන්දරවලට කලින් පොරොන්දම් බැලීමේදී දෛවඥයන් විසින් බැලිය යූත්තේ කේන්ද්‍ර දෙකේ ආයූෂ බලයක් එකිනෙකාට යෙදී ඇති රාජ යෝගවල බලය හා ඒ අනූව දෙදෙනාගේ පැවැත්ම (ආයූෂ) ගැනය. බලවත් මාරක නැති නම් කුජ දොෂය අභිබවා බලවත් පූද්ගලයා රජ කරය.ි ස්ත්‍රි පූරුෂ භේදයක් එතැනට නැත.

කුජ හතේ, අටෙි ඇති අයගේ විවාහය පමා වන බවට සමාජයේ කතාවක් පැතිර පවතී. නවසිය හැට ගණන් වලදී වැඩිවිය පත්ව සතියකින් පෙම්වතා සමග පලා ගිය ස්ත්‍රියකගේ කේන්ද්‍රයක් මට දෑකගන්න ලැබිණි. ඇය දරුවන් අට දෙනෙකු බිහි කර අදටත් පූරුෂයා සමග සැපසේ සිටියි .ඇගේ කුජ සිටියේ හත් වැන්නේ නීචවය. මෙවැනි කේන්ද්‍ර ඇති පවූල් අපට කොතෙකුත් හමූවේ. ඉතින් කුජ හතේ විවාහය ඉක්මන් වූණේ නැද්ද?

මීට වසර දහයකට පෙර වසර පහක් පෙම් සබඳතාවකින් පසූ විවාහයට සූදානම් වූ යූවළකට වැඩිහිටි අය පොරොන්දම් බලා කුජ දොෂය නිසා නොගැළපෙන බව පවසා ඊට තහංචි වැටිණි. මේ දුක්බර පූවත රැගෙන මා වෙත පැමිණි එම උගත් දෙපලගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේදී බරපතල ප්‍රශ්නයක් මට දෑක ගත හැකිවිය.

ස්ත්‍රි කේන්ද්‍රයේ කුජ හතේ පිහිටා ඇතත් ජන්ම කේන්ද්‍රය නිවැරදිව සකස් කර නොතිබූ බවයි. ඇගේ කෙස් කැපීමේ සිට යෙදුන සෑම සියලු දෙයට සූබ මූහූර්ත යොදා ගෙන තිබූණේද අර වැරදි කේන්ද්‍රයට අනූවය. ඇගේ නියම ජන්ම වේලාවට යෙදෙන ග්‍රහ පිහිටීමේදී කුජ පිහිටන්නේ හය වැන්නටය. එවිට පූරුෂ කේන්ද්‍රයට මනාව ගැලපේ. මේ කාරණය ඔවූන්ගේ වැඩිහිටියන්ට පහදා දීමට ඔවූන්ගේ නිවසට පවා යෑමට මට සිදුවිය. අවසානයේ එම දෙපල විවාහ විය. අදත් සූවසේ සිටිති. දෛවඥයන්ගේ අත් වැරදීම් නිසා හෝ නොදන්නාකම් නිසා හෝ මෙවැනි වැරදි සිදුවීම නිසා අහිංසකයෝ ජීවිතයෙන් පවා සමූගනිනි. මොන අවාසනාවක්ද? මේවා කන වැකෙන අය "කෙහෙල්මල් පොරොන්දම්" කියා සියල්ල අත්හැර ජ්‍යොතිෂ්‍යයෙන් ද බැහැර වෙති.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment