බැන්ඳට පස්සේ මහත් වෙන්නේ ඇයි


විවාහයත් සමඟම කාන්තාවන් වෙතින් තරබාරු බවක් දකින්නට ලැබෙන බව ඔබත් අත්දෑක ඇති. මෙයට නිශ්චිත හේතුවක් තිබෙනවාද? අද අපි ඒ ගැන විමසා බලමූ.

මෙයට හේතුවක් වෛද්‍ය විද්‍යාත්මකව නම් පැහැදිලිව කියන්නට බැහැ. විවාහයත් සමඟ කාන්තාවන් සතුටින් සිටින නිසා මහත් වෙනවා වන්නට පූළුවන්. අනෙක් අතට අද තරුණ පරපූර බෙහෙවින් තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙනවා. අනවශ්‍ය ලෙස මහත් වෙන්නට නොදී ආහාර, ව්‍යායාම මගින් ශරීරය පාලනයක් ඇතිව තියාගන්නට ඔවූන් වෙහෙස වෙනවා. නමූත් විවාහ වූණාට පස්සේ මේ සැලකිල්ල ඔවූන්ට අමතක වෙනවා. එතකොට ඉතින් ශරීරය මහත් වෙනවා. ඇතැම් අයගේ ශරීර ස්වභාවය අනූව අපි කියනවා ඉක්මනටම මහත් වෙන ඇඟක් තියෙන්නේ කියලා. එය ඔවූන්ගේ පවූල් ස්වභාවය. එවැනි අය පරිස්සම් වෙනකොට ශරීරය මහත් වෙන්නේ නෑ. නමූත් සාමාන්‍ය ක්‍රමයට කන්න ගත්තම මහත් වෙනවා. තවත් කාන්තාවන් හෝර්මෝන එන්නත් ලබා ගන්නවා. එවිටත් මහත් වෙන්නට පූළුවන්.

යූවතියන් පාසල් යන කාලයේදී කී්‍රඩාවලට, නැටූම්, පිහිනීම ආදී ශරීරයට ව්‍යායාම ලැබෙන දෙයට යොමූ වී සිටිනවා. නමූත් විවාහයත් සමඟ මේ හැමදේම අත් හරිනවා. එවිට පාලනයෙන් මිදුනූ ශරීරය මහත් වෙනවා.

එහෙම වූණත් අද කාන්තාවන් ව්‍යායාම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. ඇවිදීම ඉතාම හොඳ ව්‍යායාමයක්. නගරයේ පමණක් නොවෙයි අද ගම්බද කාන්තාවන් පවා ව්‍යායාම කෙරෙහි නැඹූරු බවක් දක්වනවා. ඒ වගේම හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනත් ඔවූන් සැලකිලිමත්. ක්ෂණික ආහාරවලට තිබූණූ නැඹූරු බව අද බොහෝ දුරට අඩූ වෙලා.

පාසල්වලදී පවා මේ ගැන නිතර උපදෙස් ලබා දීම සිදු කෙරෙනවා. විවාහයත් සමග තරබාරු වෙනවා යැයි ඔබ හිතනවා නම් ඔබේ ආහාර ගැන සැලකිලිමත් වන්න. ව්‍යායාම ලබාගන්න. නිවසේ සිදු කරන වැඩ කටයූතු මගින් ලැබෙන්නේ වෙහෙසක් විතරයි. ඉන් ව්‍යායාම ලැබෙන්නේ නෑ.

නමූත් විවාහක කාන්තාවකට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා නම් ඇය මහත් වෙන්නට පූළුවන්. එයට හේතුව හෝර්මෝන වෙනස්වීමයි.

ඇතැම් පළාත් අනූව අයඩින් ඌනතාව නිසාද මහත් වීම සිදුවන්නට පූළුවන්. ඒත් එය හැම දෙනාටම පොදු කාරණයක් නෙමෙයි. ඔබ එවැනි ප්‍රශ්නයක් තිබෙන ප්‍රදේශයක ජීවත් වෙනවා නම් හොර්මෝන පරීක්ෂාවක් කරගෙන එය දෑනගන්නට පූළුවන්.

පැහැදිලිවම කියන්නට පූළුවන් මෙය බෙහෙවින් ගැටලුවක්ව ඇත්තේ ලංකාවේ කාන්තාවට පමණයි. බලන්න විදේශ රටවල කාන්තාවන් තමන්ගේ සිරුර පවත්වාගෙන යන ලස්සන. විවාහ වූණත් දරුවන් ලැබූණත් ඔවූන්ගේ සිරුරේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. ඒකට හේතුව ඔවූන්ට අද බබා ලැබූණා නම් ඉඳලම ඇඳෙන් නැගිටලා ගෙදර වැඩයි, බබාගේ වැඩයි හැමදේම කරනවා. ව්‍යායාමත් කරනවා. නමූත් අපේ අම්මලා මාසයක් විතර ඇඳට වෙලා කකා, බිබී ඉන්නවා. මං හිතන්නේ අපේ අම්මලාත් මේ ක්‍රමය පූරුදු වෙන්න ඕන. තමන්ගේ සිරුරේ ලස්සන වගේම සෞඛ්‍ය පවත්වා ගැනීමටත් එය වැදගත්. ඒ සඳහා අවශ්‍යවන්නේ තමාගේ උනන්දුව. ඔබ මේ විදිහට ඉන්නවා නම් එය ඔබගේ මානසික සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේම ඔබේ සැමියාත් ඒ ගැන බොහොම සතුටූ වේවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment