සම ගැන රූපලාවන්‍ය ශිල්පිනියන් අනිවාර්යයෙන්ම දැනගත යූතු කරුණූ


අතීතයේදී කාන්තාවකගේ ලස්සන මිණූම් දඬූව මැන ගැනීමට පංච කල්‍යාණයට සූවිශේෂ ස්ථානයක් හිමිවූ බව ඔබ දනී. එයිනූත් ජවි කල්‍යාණියට හිමිවූ තැන අද්විතීයයි.


ඉතින් ලස්සන වෙන්නට සිහින දකින කාන්තාවන් වගේම, කාන්තාවන් ලස්සන කරන්න වෙහෙසෙන කවූරුන් වූවත් සම ගැන දැක්විය යූතු සැලකිල්ල අති මහත්ය. කෙටියෙන් කිව්වොත් රූපලාවන්‍ය ආලේපන භාවිතයේදී රූපලාවන්‍ය ශිල්පිනියන් හා රූපලාවන්‍ය ආලේපන භාවිත කරන සියලු දෙනා සම ගැන හොඳින් දැන සිටීම අත්‍යාවශ්‍යයයි.

සම අපේ සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රිය වේ. වැඩූණූ මිනිසකුගේ සම දිග හැරිය විට එය වර්ග මීටර් 2 ක් හා බර කිලෝ ග්‍රෑම් 4ඃ5 ක් අතර බරක් ගනී. ඒ වගේම සිරුරේ බාහිර පරිසරය හා වැඩිපූරම ගැටෙන ඉන්ද්‍රිය ද සමවීම නිසා නිරන්තර ආසාදන, තුවාල වීම හා රෝගාබාධවලට ලක්වීමේ ප්‍රවණතාවය වැඩිය.

සමේ ස්වභාවය නිර්මාණය වීමේ සාධක මොනවාද?

කෙනෙකුගේ වයස, බාහිර පරිසරයේ දූෂක හා හිරු එළියට නිරාවරණය වීමේ ප්‍රමාණය කෙනෙකුගේ සෞඛ්‍ය නිරෝගීභාවය, ජීවන රටාව, පෝෂණය, හෝර්මෝන සමබරතාවය වැනි නොයෙකුත් හේතු සමේ ස්වභාවයට බලපායි.

රූපලාවන්‍ය ආලේපන භාවිතයේදී සමේ ස්වභාවය අනූව එම ආලේපන තෝරා ගැනීමේ වැදගත්කම කුමක්ද? රූපලාවන්‍ය ආලේපන හඳුනා නොගෙන භාවිතයෙන් තමා නොසිතන විදියේ අනිසි ප්‍රතිඵල ලැබී සම අවලස්සන හා රෝග ඇති විය හැකිය.

සම හඳුනාගන්නේ කෙසේද?

සම ප්‍රධාන වශයෙන් වර්ග 4 ට බෙදා වෙන් කළ හැකියි.

තෙල් සහිත සම

මෙම සම ඇති අයගේ විශේෂයෙන් නළල, නාසය නිකට ප්‍රදේශයන් තෙල් සහිත ස්වභාවය හා දිලිසෙන ස්වභාවය ගනී. විවෘත වූ සිදුරු සහිත බව, කුරුලෑ ලප කැළැල් ඇතිවීමේ ප්‍රවණතාවය ඉතා වැඩිය.

වියළි සම

දුර්වර්ණ හා අප්‍රාණික ස්වභාවය ගනී. සමේ රැළි වැටීමේ ප්‍රවණතාවයද වැඩියි. විශේෂයෙන්ම ඇස් වටා කට වටා හා ගෙල ප්‍රදේශය දුර්වර්ණ හා රැළි වීම සම සූදු පාටට ගැලවී යාමද දක්නට ලැබේ. සමේ නිසියාකාර තෙල් හා තෙතමන සමබරතාවය අඩූවීමද සිදුවේ.

මිශ්‍ර සම

මූහූණේ සමේ විවිධ ස්ථානවල ස්වභාවය වෙනස්වේ. විශේෂයෙන් නළල, නාසය හා නිකට ප්‍රදේශවල තෙල් අධික බවක් අනෙක් ස්ථාන සාමාන්‍ය හා වියළි සමකුත් වේ.

සූන්දරත්වය සඳහා වැඩි වශයෙන් වැදගත් වන සමේ අනෙකුත් කාර්යභාරයන් මොනවාද?

ආරක්ෂක පවූලක් වීම

සමේ හා සිරුරේ ගැඹූරේ ඇති ජීවි පටක හා අවයව බාහිර පරිසරයේ ඇති අහිතකර සාධක UV කිරණ ගැටීම් හා ඝර්ෂණය මගින් ආරක්ෂාව වගේම සිරුරේ ඇති ජලය වාෂ්පවීම වැළැක්වීමට පවූරක් ලෙස ක්‍රියාකරයි.

සංවේදීතාවය

සම අභ්‍යන්තරයේ ඇති දහස් ගණන් ස්නායූ තන්තු මගින් වේදනාව, පීඩනය, ඝර්ෂණය හා උෂ්ණත්වය වැනි සංවේිදකයන් සම හරහා හඳුනා ගනී.

බහිස්ශ්‍රාවීය ද්‍රව්‍ය (අපද්‍රව්‍ය බැහැර කීරීම)

සිරුරේ නිපදවන තාපය, ජල වාෂ්ප, ලවණ හා සිරුරට අහිතකර විෂ ද්‍රව්‍ය සමේ ඇති ස්වේද ග්‍රන්ථි හරහා දහඩිය මගින් බාහිරයට මූදා හරී. සමේ මෙවැනි ස්වේද ග්‍රන්ථි මිලියන 3 ක් 4 ක් අතර ප්‍රමාණයක් ඇත.

ප්‍රතිශක්තීකරණය

සමේ අපිචර්මය නමැති බාහිර ස්ථරයේ ඇති ඛ්බටැරය්බි නමැති ෙසෙල සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානිකර සාධක මර්දනය කිරීමේ කාර්යභාරය සිදුකරයි. මෙම ෙසෙල UV කිරණ මගින් ඉතා ඉක්මණින් විනාශ විය හැකියි.

රුධිර ගබඩාවක් ලෙස කටයූතු කිරීම

සිරුරේ රුධිර වහනයෙන් සියයට 10 ක් පමණ ගලා යන රුධිරවාහිනි ජාලයක් සමේ අභ්‍යන්තර පටක හරහා විහිදී පවතී.

විටමින් ඩී

ඉතා සියූම් සාන්ද්‍රණයෙන් යූත් අල්ට්‍රාවයලටි කිරණ සම තුළ vitamin D නිෂ්පාදනය කාර්යය ද ඉටූකරයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment