ගැලපෙන ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගන්න ජ්‍යොතිෂ්‍යයෙන් පිටූවහලක් ලැබෙනවා ද?



මෙම ලිපියෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ කෙනෙකු තුළ ඇතිවන සාමාන්‍ය ගති සොබාවය ගැනයි. මෙයින් වෙනස්වීමට ඔබේ සහකාරිය හෝ සහකාරයාට අවශ්‍යතාවක් ඇති වූවහොත් ඔබේ සබඳකම්වලට අනාගතය ගැන තුලනාත්මකව සලකා බැලීමට ඔබ පූරුදු වීම තුළ ජිවිතය යහපත් කරගැනීමට පූළුවනි.

තරුණ තරුණියන් ජීවිතය හැමවිටම සූන්දර රෝසමල් යහනක් නොවන බව වටහා ගත යූතුයි. තරුණ තරුණියන් අද නොයෙක් දේ වලට ආකර්ෂණය වී රැවටීම්වලට ලක් වේ.

අපේ සබඳකම් ස්ථිර ලෙස පවත්වාගෙන යාමට ඉඩකඩ ඇද්දැයි සොයා බැලිය යූතුය. තරුණියකට හෝ තරුණයෙකුට බැඳි ආලය තාවකාලික තත්ත්වය ඉක්මවා ප්‍රීතිය ළඟාකර දෙන ස්ථිර සම්බන්ධයක් කර ගැනීමේ අවශ්‍යතාව අප කා තුළත් ඇත. එවිට අප විශ්වාසවන්ත මඟපෙන්වන්නකු සොයයි.

මැනවින් ගැලපෙන ප්‍රේම සම්බන්ධකම් අති කර ගත හැක්කේ කෙසේ ද යන්න අප සෙවීමට වෙහෙසෙයි. අපේ හැඟීම් මොනවාදැයි අපි දනිමූ. එහෙත් අපි ආදර සබඳකම් පවත්වන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ හැඟීම්, බලාපොරොත්තු මොනවාදැයි සොයා දැන ගැනීමට අපට සිදුවේ. අපට අවශ්‍යවන්නේ හරියටම ගැළපෙන සම්බන්ධයකි.

හරියටම ගැළපෙන සබඳකම් යන්නෙන් අදහස් කරන්නේ ජ්‍යොතිෂ්‍යයට අනූව ගොඩ නගාගන්නට පෙළඹෙන සබඳකම් ගැනයි. මේෂ ලග්නය සිංහ හෝ ධනූ ලග්නය සමග සම්බන්ධවූ විට සබඳකම් ඇතිකර ගැනීම අපහසූ කරුණක් ලෙස දැක්වේ. වෘෂභ ලග්නය කන්‍යා ලග්නය හෝ මකර ලග්නය සමගද මිථූන ලග්නය තුලා ලග්නය සමඟ ද කටක ලග්නය වෘශ්චික හෝ මීන ලග්නය සමඟ ද සම්බන්ධ වූ විට හරියටම ගැලපෙන සබඳකම් ඇතිවේ දැයි තිබෙන්නේ සැකයකි.

උපතින් මිථූන ලග්නයෙන් උපන් තරුණියක් සමග අචල හැඟීම් ඇති කන්‍ය ලග්නයේ තරුණයකු අතර ආදර සබඳතාවක් ඇති වේ යැයි සිතමූ. එම තරුණියට එම තරුණයා සමග සැපවත් ජීවිතයක් ගත කළ හැකිද යන්න ඇත්තේ සැකයකි.

මෙහිදී අපට අවබෝධ වන්නේ පෙම්වතුන් පෙම්වතියන් තෝරා ගැනීමේදී ජ්‍යොතිෂ්‍ය හරහා දෙන මාර්ගෝපදේශය කෙලින්ම බැහැර කරනූ බැරි බවය.

මේෂ, සිංහ, ධනූ ලග්න හිමි අය තම හදවත් තුල ඇති හැඟීම් හෙළි කිරීමට බොහෝ කාලයක් ගත කරනූ ඇත.

වෘෂභ, කන්‍යා, මකර යන ලග්න හිමි පෙම්වතුන් පෙම්වතියන් අතර සම්බන්ධකම් ඇති වන්නේ තම දුක සැප බෙදා ගැනීමට සහකාරයකු තෝරා ගැනීමේ අවශ්‍යතාව වැනි කරුණූ මූල්කර ගෙනයි.

මිථූන, තුලා සහ කුම්භ යන ලග්න හිිමියන් අතර ආදර සබඳතාවක් ගොඩනැගෙන්නේ සමාන අදහස් මූල් කරගෙනයි. සමාන අදහස් හෝ විශේෂ අපේක්ෂා ඇති අය සමග සබඳකම් ඇතිකර ගැනීමට ඔවූහූ ඇල්මක් දක්වයි. පොත්පත් කියවීම, නාට්‍යයක්, චිත්‍රපටයක් නැරඹීම වැනි පොදු අවශ්‍යතාවක් එළඹෙන විටදී මෙවැනි අය අතර ආදර සම්බන්ධතා ඇතිවේ.

කටක, වෘශ්චික හා මීන ලග්න හිමියන් අතර සබඳකම් ඇතිවනූයේ තරුණයාගේ හෝ තරුණියගේ ගෙදරදී වේ. දෙදෙනා අතර ස්වභාවිකව හටගන්නා ස්නේහය නිසා ඔවූන් අතර හොඳ ආදර සම්බන්ධතාවක් ඇතිවේ.

මෙම කරුණූ ගැන ඔබ යම්තාක් දුරකට අවබෝධයක් ලබාගත්තේ නම් ඉදිරියේදී තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතා ගැන ලග්න අනූව බලාපොරොත්තු වන ලකෂණ ගැන ජ්‍යොතිෂ්‍යයට අනූව ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වේ.

මෙවන් කරුණූ අවබෝධ කර ගැනීම තුළ ඔබ ආදර සම්බන්ධතාව ගොඩනගා ගන්නා තැනැත්තා හෝ තැනැත්තිය අධ්‍යනය කර වටහා ගැනීම පහසූ වනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment