සිංහලකම රැකගත්තේ වංගෙඩියට, මිරිස් ගලට හූරුපූරුදු වූ ගැමි කාන්තාවන්ය


ඇත්තටම අපේකම රැකගන්නේ කවූද?

මීට වසර 2314 කට පමණ පෙර අනූබූදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමගම අපේ සංස්කෘතිය සිංහල ඃ බෞද්ධ සංස්කෘතිය බවට පත්වූ අතර සිංහල ඃ බෞද්ධ සංස්කෘතිය මෙන්ම සිංහලකමද රැකුණේ ගැමි කාන්තා පරපූර නිසාය. ගැමි කාන්තා පරපූර වංගෙඩියට මෝල් ගහට, හිරමනයට, මිරිස් ගලට, වටිටියට, කිරි ගොටිටට, පැදුරට, කුල්ලට, ලුණූ පොල්කටිටට, දුමට හොඳට හූරු පූරුදු අය වන නිසා, ඔවූන්ට මූල අමතක වන්නේ නැත.

මූල අමතක වන්නේ පාදඩ බටහිර සංස්කෘතියට, සිරිත් විරිත්වලට, හූරුපූරුදු වූ "අම්මණ්ඩිලාට" පමණය.

ඉංගිරිසි මළපොතේ අකුරක්වත් නොදන්නා නමූදු සමහර කාන්තාවන් නැන්දලා ඃ මාමලාට, අක්කලට ඃ නංගිලා, අයියලාට ඇමතීම සඳහා කුඩා දරුවන්ට උගන්වන්නේ ඇන්ටි ඃ අන්කල්, සිස්ටර් ඃ බ්‍රදර් යනාදී ඉංග්‍රීසි වචනය "ආයූබෝවන්, ගිහින් එන්නම්" කියා කියන්නටවත් ඔවූන් දන්නේ නැත. එක්කෝ, "චෙරියෝ" ය, නැත්නම්, "ගුඩ්බායි, බායි" ය. "බායි" වචනය ඇසෙන විට බායිලා මතක් වන්නේ ඉබේටමය. අපේ අම්මලා ඃ තාත්තලාට, ආච්චිලා ඃ සීයලාට, මිත්තණියලා ඃ මූත්තණූවන්ලාට කලාතුරකින් හැදුණූ උණක්, හෙම්බිරිස්සාවක් හැරෙන්න වෙන ලෙඩක් දුකක් හැදුණේ නැතත්, වත්මන් සමාජය ලෙඩූන්ගෙන් පිරී ගොසිනි. නාගරීකරණයත් සමගම ආහාර වටිටෝරුවද බටහිරකරණය වීම ඊට හේතුවය. ගැමි කාන්තාවන් නම්, දිනපතාම වාගේ කෑමට ඖෂධීයම ගුණයකින් යූතු පලා මැල්ලුමකුත් එක්කර ගන්නා නමූත් නගරබද ගෙවල කාන්තාවන් බොහෝ දෙනෙකුට මැල්ලුමක් හීනියට ලියා ගන්නවත් බැරිතරම්ය.

"ඉඟුරු දුරු අද යූතු

මල් ගොමූ හා වවා වතු

ගව මී තමා නතු" යනාදී වශයෙන් උපදේශාත්මක පැරණි කවියක් ඇතත්, සංකර සිරිතට විරිතට හූරුවීම නිසා, වත්තේපිටියේ නිෂ්පාදනවලට, දේශීය නිෂ්පාදනවලට ඇල්මක් නොදක්වා හැරෙන්නේ වෙළෙඳ පොළේ භාණ්ඩ දෙසටමය.

ගැමි කාන්තාවන්, නාගරික කාන්තාවන්ට වඩා සෞඛ්‍ය සම්පන්නව සිටීමට හේතුව, ඔවූන් වංගෙඩිය ඃ මෝල් ගහට, හිරමනයට, මිරිස් ගලට, කුල්ලට, කළගෙඩියට, හූරුපූරුදු වූවන් වන හෙයිනි. වංගෙඩිය ඃ මෝල් ගහ යනාදී භාණ්ඩ සැබැවින්ම ව්‍යායාම් උපකරණය වී හෝ පිටි හෝ කොටන විටක, පොල් ගාන විටක, මිරිස් අඹරන විටක, හාල් පොලන විටක, ලිඳෙන් වතුර ඇඳ කළයට පූරවා, කළය උකුලේ තබාගෙන එන විටක ඇඟට නොදැනීම ව්‍යායාමයකුත් සිදුවන වග අමූතුවෙන් කිව යූතු නැත.

වැලි කොස් ඇට මූල්ල, දුම ගැමිකමේ සංකේත වන අතර අපේ ගැමි කාන්තාවන් අහක යන කොස් ඇටය, කොස් මදුල පවා මතු ප්‍රයෝජනයට රැකගත්තේ කොස් ඇට මූල්ල, දුම ප්‍රයෝජනයට ගනිමිනි. වැලි කොස් ඇට මෙන්ම අටූකොස් ද ඉතාම රසවත් ආහාර වන නමූත් නාගරික ප්‍රදේශවල වැලි කොස් ඇට, අටූ කොස් යනාදිය දකින්නටවත් නැත.

"වත්තේ වැටූණූ පොල් අතු ටික නවම් මහේ

පොඟවා දියේ ගම් දැරියන් සමග මෙහේ

ගොඩ ඇද වියන අතරේ සෙල්ලමට පාහේ

ඇය දුන් සිනා කිංකිණි හඬ තවම ඇහේ"

යන කවිය ගම්බද පෙදෙසකින් මතුවූ නමගිය කවියකු මෙන්ම අගමැති ඩඩ්ලි සේනානායකයන්ගේ අතිරේක ප්‍රවෘත්ති ලේකම්වරයකුද, වූ හග්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ කවියක් වන අතර කවියෙන් පෙන්නූම් කෙරෙන්නේ ගම්බද සිරියාව හා ගැමි ලියන්ගේ ද සිරියාවය. අහක යන පොල් අත්තෙන් පවා ප්‍රයෝජනයක් ගැනීමට ගැමි කාන්තාවන් උනන්දු වන අන්දම ඒ කවියෙන් මනාව තේරුම් ගත හැකිය.

ගැමි කාන්තාව අරපිරිමැස්මට උපන් හපනියකි. ඊට හොඳම උදාහරණය "මිටි මූටිටිය" ය. බත් උයන්න හාල් ගන්නා විටක, ගත් හාල්වලින් මිටක් එක්කර මූටිටියකට දැමීම ඔවූන්ගේ පූරුද්ද වන නිසා, ඒ මූටිටිය හැඳින්වෙන්නේ මිටි මූටිටිය යනූවෙනි. ගෙදර හාල් නැතිව ගියත්, මිටි මූටිටියේ හාල්ය. අවශ්‍ය අවස්ථාවක උයන්න ඒ මූටිටියෙන් හෝ හාල් ගත හැකිය.

ගැමි කාන්තාවන් මූදල් ඉතිරි කිරීමටද හපනියන්ය. ගෙදර සෙස්සන් අත මූදල් හිඟ වූවත්, ගෘහණිය වන අම්මා අත නම්, කීයක් හෝ ඉතිරිව තිබෙනවාමය.

චිරාගත සිරිත් විරිත් අනූගමනය කිරීමටද ඔවූන් මැළි නොවන වග සත්‍යයකි. සිංහල අලුත් අවූරුද්දේ ගනූදෙනූ කරන නැකැත් වේලාවට අම්මලා බොහොමයක් කරන්නේ හාල් තුනපහ පොටිටනියක් ළිඳට දමා, ලිඳෙන් වතුර ඇද කළගෙඩියට පූරවා ගෙන ගෙට ගෙන ඒමය. සමහර අම්මලා සූදු මල් දෙකතුනක් ද ළිඳට දැමීමට අමතක කරන්නේ නැත.

ගම්බද කාන්තාවන් උයන පිහන කෑම ඉතා රසවත් වග කවූරුත් දනිති. "ගමේ කෑම"යි සඳහන් දැන්වීමක් සහිත ආපන ශාලා නාගරික ප්‍රදේශවලද දැන් දක්නට ලැබීමෙන්ම ඒ වග පසක් කරගත හැකිය.

ආගමානූ කටයූතුවලට පවා නාගරික කාන්තාවන්ට වඩා ගැමි කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන වග අමූතුවෙන් කිව යූතු නැත. පෙහෙවස් සමාදන්වීම, වන්දනා ගමන් යාම යනාදිය සඳහා ගැමි කාන්තාවන්ගේ ඇති උනන්දුව පොහෝ දිනක සිල් සමාදන් වන අයගෙන් හා සිරිපා වන්දනාවේ යන අයගෙන් ද මැනවින් වටහා ගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment