සූරතල් සතුන් නිවස තුළ ඇති කිරීම හොඳ ද?




බොහෝ විට කුඩා දරුවන් සිටින පවූල් තුළ සූරතල් සතුන් ඇති කරනවා. සූරතල් සතුන් ඇති කිරීමෙන් යහපතක් සේම අයහපත් දේවලූත් සිදුවන බව ඔබ මොහොතකටවත් සිතා බැලුවේද? නිවසක සූරතලයට සතුන් ඇති කිරීමෙහි කිසිදු වරදක් නැහැ. නමූත් දෙමාපියන් හැටියට ඔබ දෑනූවත් වී සිටිය යූතුයි සතුන්ගෙන් ඇතිවිය හැකි හානිය සහ එම හානිය වළක්වා ගෙන සතුන් ඇතිකළ යූත්තේ කෙසේද යන්න පිළිබඳව .

විදේශ රටවල්වල වගේ නොවේ අප රටෙහි සූරතලයට සතුන් ඇති කර කාලයක් ගත වීමෙන් එම සතා ගැන ඇති සැලකිලිමත් භාවය අඩූ වී යනවා. ඒ සතුන් පිළිබඳ අවධානයක් යොමූ කරන්නේ නැහැ. එය එසේ නොවිය යූතුයි. අපි නිවසෙහි සතෙකු ඇති කරනවා නම් එම සතාට අවශ්‍ය දේවල් ලබාදිය යූතුයි. එම සතාගේ ලෙඩ රෝග පිළිබඳව සොයා බැලිය යූතුයි. එමගින් ඔබේ පවූලේ සාමාජිකයන් සහ එම සතාද ලෙඩ රෝග

මගින් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.

අප බොහෝ විට නිවස තුළ ඇති කරන්නේ බල්ලන් සහ පූසන් වැනි සතුන්. ඒ ඇරුණාම කුරුල්ලන් හාවන් වැනි සතුන්ද ඇතිකරනූ ලබනවා. නමූත් ප්‍රධාන වශයෙන් නිවස තුළ ඇති කරනූ ලබන්නේ බල්ලන් සහ පූසන් වැනි සතුනූයි.

මේ සතුන් මගින් තුන් ආකාරයට රෝග ඇතිවෙන්නට පූළුවන්.

1. මළ මූත්‍රා මගින් රෝග ඇතිවීම

2. ලෝම මගින් රෝග ඇති වීම

3. සපා කෑමෙන් සහ සීරිමෙන් රෝග ඇති වීම

මේ තුන් ආකාරයෙන්ම රෝග ඇතිවෙන්නට පූළුවන්.

මළ මූත්‍රා බෝවන රෝග පිළිබඳව කතා කළොත්

මිනිසූන් තුළ පණූවන් සිිටිනවා සේම සතුන් ගේ ශරීරය තුළත් විවිධ පණූවන් වර්ග සිටිනවා. උදාහරණය ලෙස කොකු පණූ හා වටපනූවන්. සතුන් තුළ සිටින ඒ පණූවන් අප ශරීරයටද ඇතුළු වන්නට පූළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ශරීර තුළට. කොහොමද මේ පණූවන් දරුවන්ගේ ශරීර තුළට ඇතුල්වෙන්නේ. සමහර බල්ලන් නිවස තුළ මළ පහ කරනවා. මිදුලේ මළ පහ කරනවා.එවිට කුඩා දරුවන් හැමදේම අතපත ගානවා වැලි සමග සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන ගමන් අත කටටත් ඔබා ගන්නවා. එවැනි අවස්ථාවලදී මේ පණූ බිත්තර කුඩා දරුවන්ගේ ශරීරයට ඇතුල් වෙන්නට පූළුවන්. තවත් සමහර දරුවන් පාවහන් පළදින්නේ නැතිව මිදුලේ ඇවිදිනවා.කොකු පනූවාට කකුල විදගෙන ශරීරයට ඇතුළු වන්නට පූළුවන්. මේ නිසා බල්ලන් ඇති කරන විට එම බල්ලාට නිවස තුළ සහ මිදුලේ මළපහ කිරීමට අවස්ථාව නොදී වෙනත් දරුවා නොගැවසෙන ස්ථානයක මළපහ කිරීමට පූරුදු කළ යූතුයි. නිවස තුළ සතුන් මළ පහ කළ විට විෂබීජ නාශකයක් දමා එම ස්ථානය හොඳින් පිරිසිදු කළ යූතුයි.

ඒ වගේම කියන්නට ඕන (ඔධංධඡඛ්ීඵධීෂීඃ ටොක්සෝප්ලැස්මෝසිස් කියලා රෝගයක් තිබෙනවා. එම රෝගය වැඩිපූරම ඇතිවන්නේ පූසන්ගෙන් පූසන්ගේ මළපහ මගින් තමයි මෙම රෝගය ඇතිවන්නේ. පූසන්ගේ මළපහ මූඛ මාර්ගයකින් ශරීර ගත වීමෙන් දරුවන්ට මෙම රෝගය වැළදෙන්නට පූළුවන්. ඒ වගේම මෙතනදී විශේෂයෙන් කිව යූතු කරුණක් තිබෙනවා. ගර්භනී මාතාවන්හට මෙම රෝගය මූඛ මාර්ගයෙන් ශරීරගත වූවහොත් මවගේ කළලයට එය ඇතුළුවන්නට පූළුවන් එම නිසා ගර්භනී මව්වරුන් මේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

අපි කොහොමද සතුන්ගේ මළපහ මගින් ඇති වන මෙම රෝග වළක්වා ගන්නේ.

කුඩා දරුවන් වැලි සමග සෙල්ලම් කරන්න හරිම කැමතියි. ඒ වගේම වැලි ගොඩවල්වල තමයි සතුන් වැඩිපූරම මළපහ කරන්නේ. ඉතින් ඔබට පූළුවන් දරුවාට වැලි සමඟ සෙල්ලම් කරන්න නොදී හොඳ වැලි ටිකක් බේසමකට දාලා දරුවාට සෙල්ලම් කරන්න දෙන්න. පසූව එම වැලි ටික පරිස්සමට අරන් තියලා සතුන්ට හසූ නොවන ලෙස යළිත් දරුවාට සෙල්ලම් කරන්නට එම වැලි ටික දෙන්නට පූළුවන්. ඒ වගේම වැලි සෙල්ලම කළාට පසූ හැම විටම අත් හොඳින් සේදීමට දරුවා පූරුදු කළ යූතුයි.

දරුවාට අවවාද කළ යූතුයි වැලි සෙල්ලම් කරන විට අත කටෙි නොදමන ලෙස.

ඒ වගේම දරුවා මිදුලෙහි සෙල්ලම් කරන විට සෑම විටකම දරුවාට පාවහන් පළඳා තිබිය යූතුයි. එමගින් මෙම රෝග වලින් දරුවා ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා.

අනෙක් කරුණ තමයි සතුන්ගේ සම මගින් සහ ලෝම මගින් රෝග ඇතිවීම.

බල්ලන්ට සහ පූසන්ට දිලීර රෝග තිබෙනවා. මෙම සතුන්ට දිලීර රෝග තිබෙන කොට අපට හඳුනා ගැනීමට පහසූයි. එම සතුන්ගේ ඇගෙහි තැනින් තැන ලොම් නැතුව හම රතුපාට වෙලා තිබෙනවා. එය දිලීර රෝගයක් ලෙස අපට හඳුනා ගැනීමට පූළුවන්. එම දිලීර රෝග ලොකු පොඩි කාටත් බෝවන්නට පූළුවන්. විශේෂයෙන් දරුවන්ට. ඒ වගේම තියෙනවා කේඩීස් කියලා කසන රෝගයක්. එයත් සතුන් මඟින් බෝවන්නට පූළුවන්. අප මූලින් කතා කළ දිලීර රෝගය සහ කේඩීස් රෝගය සමාජයේ බොහෝ සේ දක්නට ලැබෙනවා. මෙම රෝග තිබෙන සතුන් තුරුළු කරගෙන ළඟ තබා ගැනීමෙන් මෙම රෝග අපට වැළඳෙන්නට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment