මිදි පලතුරකට වඩා ඉතා හොඳ ඔසූවක්



මිදි කොයි කවූරු අතරත් ප්‍රියකරන පලතුරක්. එය පහසූවෙන් කුඩා දරුවෙකුට වූව ද ආහාරයට ගන්න පූළුවන්. මිදි ආහාරයට ගන්නා සේම එය ආර්ථික වටිනාකමකින් යූතු පලතුරක් ලෙස ද හඳුන්වන්නට පූළුවනි.



Grapes contain flavonoids that are very powerful antioxidants, which can reduce the damage caused by free radicals and slacken ageing.Grapes, owing to their high nutrient content, play an important role in ensuring a healthy and robust life.

තම රුව අලංකාර කරගත හැකි වනවා මෙන්ම වෙළඳ පොළේ නම් ටිකක් මිල අධික පලතුරක් හැටියට මෙය හඳුන්වා දෙන්න පූළුවන්. ඒ කෙසේ වෙතත් මිදිවල අන්තර්ගත වෙලා තිබෙන පෝෂණ ගුණය සහ ආයූර්වේද ඔසූ ගුණයත් මේ පූංචි මිදි ගෙඩියේ බොහෝම වැඩියි.

මෙම පලතුර ප්‍රභේද බොහෝ තිබෙන අතර, වැවෙන ප්‍රදේශ, ගෙඩියේ වර්ණය, හැඩය ආදී වශයෙන් නොයෙකුත් ප්‍රභේද දකින්නට පූළුවන්.

වැවෙන ප්‍රදේශ

මිදි වැවෙන ප්‍රදේශ ලෙසට ප්‍රකට වන්නේ වයඹ දිග ඉන්දියානූ ප්‍රදේශ, පන්ජාබ්, කාශ්මීර, බලුකිස්ථාන්, ඇෆ්ගනිස්ථාන් ආදී ප්‍රදේශයන්ය. ශ්‍රී ලංකාවේ යාපනය , මහඉලුප්පල්ලම ආදී උතුරු මැද පළාත්වල ද වගා කෙරේ. මිදි වගා කළ හැකි වන්නේ අධික වර්ෂාපතනය අඩූ ප්‍රදේශවලයි. මෙම පලතුර සෑම ප්‍රදේශයකම වගා කරන්නට හැකි වූනත් ඒවා අධික අම්ල රසින් යූතුයි.

මිදිවල කළු පැහැ ගෙඩි අර්ශස් රෝගවලට හැර අන් ඔසූ සඳහා යෝගය්‍යය. මෙම පලතුර මෘදුය. මධූර රසින් යූක්ත වන හා සීතල ගුණයෙන් ද හෙබිය.

ප්‍රධාන වශයෙන් වාතය, පිත සමනය කරයි. දැවිල්ල, පිත් ප්‍රබල රෝගීන්ට ගුණයි. මෙහි තිබෙන සීත ගුණය නිසා පිපාසය සංසිඳීමේ ගුණයත් මිදිවලට හිමිවෙනවා සේම අධිකව සෙම ඇති අයට නම් ගුණදායක නැත.

මිදි ආහාරයට ගැනීමෙන් පිරිමින්ගේ ශුක්‍ර දෝෂවලට ගුණ ලබාදෙන අතර කාන්තාවන්ගේ ගර්භාෂයේ දුර්වලතාවලට ද ඉතා ගුණ පලතුරක් විදියට පෙන්වා දීමට පූළුවන.

පැසූණූ මිදි

පැසූණූ මිදි ගෙඩිය ඉතා සීතලයි. මෙය ආහාරයට ගැනීමෙන් රක්ත පිත සූව කරයි. එමෙන්ම සිරුරේ දැවිල්ල හා උෂ්ණ අවස්ථාවලදී පැසූණූ මිදි ආහාරයට ගැනීම හොඳයි.

වියළි මිදි

ඔබ වියළි මිදි කෑම සඳහා ගන්නේ නම් එහි සෙම සමනය කිරීමේ ගුණය ද වියළි මිදි සතුව පවතිනවා.

නොපැසූණූ මිදි

මෙම මිදි යූෂ පානය කිරීමෙන් මල බද්ධය ඇති කරවයි. නොපැසූණූ මිදිවලට සිරුරේ නාඩි ව්‍යූහයට වගේම, මස්තිශ්කය ශක්තිමත් කිරීමේ හැකියාව පවතී. ශුක්‍ර ධාතු වර්ධනය කරන අතර ආහාර මාර්ගයටද ඉතා ගුණය.

මිදි කොළ

කොළවල යූෂවලට ආමාශය ශක්තිමත් කිරීමේ හැකියාව පවතී. සෙම, ලේ වහනයට, අතීසාර රෝගවලට ඉතා හොඳ ඔසූවකි.

ලා දලු

හිසරදය ඇතිවී තියෙන විටදී සිහින්ව අඹරා ආලේප කිරීමෙන් සූවයක් ලබාගත හැකි වීම හා අක්ෂි ඉදිමී තියෙන අවස්ථාවලදී ද ඇස වටා ආලේපයනයක් ලෙස භාවිත කිරීමට පූළුවන.

මිදි මල්

ඉතා හොඳ ඔසූවක්ි. හෘදයට ගුණ ලබාදෙයි. ඉක්කාව, වමනයට හොඳයි. මිදි මල් අඹරා කෑමෙන් ලේ වමනය යන අවස්ථාවලදී ගුණදායක වෙයි. මූත්‍රා කාරක ගුණයද හිමි මිදි මල් අතීසාර රෝගවලටද ඔසූවක් ලෙස භාවිත කරයි.

දඬූ

ආයූර්වේදයට අනූව මිදි දඬූ පූළුස්සා ගත් අලු මූත්‍රා ගල් නැසීමට යොදාගනි. හිසරදයට හා අර්ශස් රෝගවලට පානය කිරීම හා ආලේපනයක් ලෙස සකසා ආලේප කිරීමෙන් සූවයක් ලබාගත හැකිවෙයි.

හෘදයට ලැදි මිදි හෘදය ශක්තිමත් කරවයි. සිරුරේ රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව මෙයට හිමිය.

එමෙන්ම ඔබගේ ශ්වසන ව්‍යූහයේ බල වැඩිකිරීමේ හැකියාවද කෂයරෝගය, ගොත ගැසීම, ඇඳුම රෝගවලටත් ඉතා ගුණදායක වන අතර ඉතා හොඳ මූත්‍රා කාරකයක් හැටියටද පෙන්වා දීමට පූළුවන්.

මිදිවල අඩංගුවී ඇති රසායනික ගුණ වගාව ඉමහත්ය.

ඔබ දන්නවාද පැසූණූ මිදිවල බහූලව ටටාරික් අම්ලය සහ විටමින් සී අඩංගු බව. ශර්කරා, ටැනින්, සිටිට්‍රික් අම්ලය, මැලික් අම්ලය, පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, පොටෑසියම් සල්ෆේඩ්, මැග්නීසම්. සිනක්කාර, අයන් (යකඩ) වලින්ද අනූන පලතුරක් හැටියට මේ පූංචි මිදි ගෙඩිය පෙන්වා දීමට පූළුවන.

රත් පැහැ මිදිවල කැල්සියම් සහ මැග්නීසියම් පොටෑසියම්, යකඩ, අන්තර්ගත වෙනවා. මිදි ගෙඩියේ තිබෙන කුඩා බීජවල ස්ථිර තෙලක් ඇති අතර ටැනින් අම්ලය ද එහි අඩංගුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment