පාසලට යන පූංචි දරුවා



"අපි රස්සාවට යන්නේ නැති හින්දා හොඳයි නේද අනේ.. නැත්නම් අපට ඉස්කෝලේ ඇරෙන කල් මෙතන ඉන්න පූළුවන්යැ." අනේ ඔව්, මමත් පාන්දර නැගිටිනවා. ගෙදර වැඩ ඔක්කොම අතපසූ කරලා මේ ඇවිත් ඉන්නේ..."
"ගෙදර අපාය වාගේ ඔයත් දැන් ඉස්කෝලේ යන්න පටන් අරගෙන කියලා අපේ මහත්තයාගෙන් මමත් බැණූම් අහනවා. ඔය පාසල අසල තිබෙන මැයිගහ හෙවන යට ඉන්න අම්මලාගේ කතාබහ.

ඇත්තටම අම්මලා උදේ සිට, දවල් පාසල ඇරෙන තුරු, පාසල ළඟ සිටිය යූතුද? දුර ඈතක සිට, ළමූන් සමග එන අම්මලා, දෙවරක් ඒ මේ අතර ගමන් නොකර, පාසල ඇරෙන තුරු සිට දරුවා සමග ගෙදර යෑම වරදක් නැහැ. නමූත් පාසල අවට සිටින අම්මලා තමන්ගේ සියලු වැඩකටයූතු අතපසූ කර දමා පාසල අසලවී දවසක් නිකරුණේ කල්ගත කිරීම, අපරාදේ කාලය කා දැමීමක්.

අලුතින් පාසලට ඇතුළු කරන සමහර ළමයි, අඬන්නට පටන් ගැනීම සිරිතකි. ඒ ටික වේලාවකට පමණකි.

පාසල් වැඩ කටයූතු පටන් ගත් මොහොතේ සිට, දරුවා කඳුළු පිසදාගෙන අනිත් ළමයි සමග අත්වැල් බැඳගෙන ගුරුතුමිය සමග එකතු වෙනවා ඇත.

"අනේ අපේ ළමයා අඬනවාද දන්නේ නෑ." කියා හිතට වද දිය යූතු නැත. පාසලට යා යූතු වයසට පත්වෙන විට දරුවාට මූළුගැන්වෙන්නට ඉඩ නොදී සමාජයට යොමූ කරවන්න. දවසින් දවස දරුවා ඉගෙන ගන්නා අලුත් දේවල් පිළිබඳව විමසා බලන්න. ඔහූගේ මතක සටහන ගැන ප්‍රශංසා කරන්න. ඇගයීම, උනන්දු කරවීම තුළ දරුවා පාසල ඉතා සූන්දර තැනක් බව වටහා ගනීවි. ආශාවෙන් පාසල් යන්නට පටන් ගත්විට, අම්මලාට සූසූම් හෙළමින්, කුතුහලයෙන්, දවස ගෙවන්නට සිදු නොවනවා ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment