සූවබර නිරෝගී දිවියක් උදෙසා විටමින් "ඒ" අපේ ශරීරයට අත්‍යවශ්‍ය බව ඔබ දන්නවාද?



විටමින් "ඒ" ලෙස හඳුන්වන පෝෂ්‍ය පදාර්ථය මගින් මිනිස් ශරීරය තුළ ඉතාම වැදගත් මෙහෙයක් කරනූ ලබනවා. එයින් කිහිපයක් සඳහන් කළොත් ශරීරයේ කායික වර්ධනය සඳහා, රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා, ඇස්වලට පෙනීම ලබාදීම සඳහා, මිනිස් ශරීරයේ ඉතාම විශාලතම ඉනද්‍රියවන සමේ ආරකෂාවට මෙන්ම සම නිරෝගීව පවත්වා ගැනීමට, හිසකෙස් සහ ශරීරයේ විවිධ කොටස් නිරෝගීව පවත්වා ගැනීමට සහ හොඳ ප්‍රජනක සෞඛ්‍ය තත්ත්වයක් දිවිය තුළ පවත්වා ගැනීම සඳහා යි.

විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ විටමින් "ඒ" ඌණතාවය මඟ හරවා ගැනීම සියයට සියයක්ම තිබෙන්නේ මවකගේ අතේ. දරුවාට මව්කිරිදීම ආරම්භයේදීම පළමූව ස්‍රාවය වන කොලස්ට්‍රම් විටමින් "ඒ" වලින් යූක්ත නිසා දරුවාට එම කිරි මාත්‍රාව අඩූවකින් තොරව ලබාදීම ඉතාම වැදගත් වෙනවා. ළදරුවාට මාස හය සම්පූර්ණ වනතෙක් මව්කිරි පමණක් ලබාදීම, වසර දෙකක් පමණ ගත වන තෙක් අමතර ආහාර සමඟ මව්කිරිත් ආහාර ලෙස ලබාදීම, මාස හතේ සිටම විටමින් "ඒ" බහූල ආහාර ඔබේ දරුවාගේ ආහාරයට එකතු කිරීම වගේම අමතර ආහාර පිළියෙල කිරීමේදී තෙල්, මේද කොටස් ටිකෙන් ටික එකතු කිරීම වඩාත් හොඳයි. රෝගී අවස්ථාවකදී පවා ළදරුවාට මව්කිරි නොකඩවා ලබාදීමත් මව විටමින් "ඒ" බහූල ආහාර කෑමට එකතු කර ගැනීමත් විටමින් "ඒ" ඌණතාව ඔබේ දරුවාගෙන් ඈත් කරන්න ලොකු පියවරක් වෙනවා.

නිවසේදී ආහාර පිළියෙල කරන ක්‍රම මගින් පවා අපි ගන්න ආහාර වේල තුළ අඩංගු විටමින් "ඒ" විනාශ වෙන්න පූළුවන්. ආහාර වර්ග අධික උෂ්ණත්වයෙන් වැඩි වේලාවක් රත්කිරීමෙන් වෙන්නේ විටමින් "ඒ" විනාශවීම. උදාහරණයක් විදිහට පලාවර්ග, මැල්ලුම් වැඩිපූර ලිපේ තියලා තැම්බූනාම කොළපාට නැතිවෙලා, විටමින් විනාශවෙනවා. එවිට ගුණයත් රසයත් නැතිවෙලා යනවා. විටමින් "ඒ" මේදයේ දියවී අවශෝෂණය වන නිසා මේදය අඩංගු ආහාර සෑම ප්‍රධාන ආහාර වේලකටම එකතු කරගැනීම ඉතාම වැදගත්. ආහාරවල විවිධත්වය වර්ධනය කිරීම තුළ ජනතාවට තද කොළ, රතු එළවළු, පලතුරු, කොළ එළවළු පලතුරු මගින් සහ සත්ව ආහාර මගින් විටමින් "ඒ" ලැබෙනවා.

විටමින් "ඒ" අපේ ශරීරයට ලැබෙන ආකාර අපට කොටස් දෙකකට වෙන් කරලා හඳුන්වා දෙන්න පූළුවනි. ඒ සත්ව ආහාර ශාක ආහාර ලෙසටයි.

සත්ව ආහාර ලෙස අපි හඳුන්වන පීකුදු, බිත්තර, කිරි, යෝගටි, බටර්, චීස්, සත්ව තෙල් වර්ග, මෝරතෙල් මගින් ශරීරයට වඩා පහසූවෙන් ප්‍රයෝජනයට ගතහැකි ආකාරයෙන් විටමින් "ඒ" ලබාගන්න පූළුවන්.

ඒ වගේම ශාක ආහාර වන ගස්ලබූ, අඹ, ලාවූලු, මූකුණූවැන්න, සාරණ, කතුරුමූරුංගා, නිවිති, ගොටූකොළ, කැරටි, වටිටක්කා, කහ බතල, තක්කාලි වැනි කෑම වර්ග මගින් අපට විටමින් "ඒ" ලැබෙනවා.

මෙවැනි ආහාර වර්ග වැඩියෙන් භාවිතා කිරීමෙන් විටමින් "ඒ" ඉතාම පහසූවෙන් අපේ ශරීරයට විටමින් "ඒ" ගන්න පූළුවනි.

තවත් ඔබ මේ වෙනකොටත් විටමින් "ඒ" අධිමාත්‍රාව කියලා දෙයක් අහලා ඇති. ඒ කියන්නේ සෑම මවක්ම දරුවා බිහිකරලා රෝහලින් පිටව යාමට පෙර රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෝ එසේ නොහැකි වූ විට ප්‍රදේශයේ පවූල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් මත විටමින් "ඒ" අධි මාත්‍රාව දරුවාට දෙන්න. ඉන් පසූව අදාල වයස් සම්පූර්ණ වන විට දරුවාට විටමින් "ඒ" අධිමාත්‍රාව ලබා ගැනීමට දරුවාව සායනවලට

රැගෙන යන්න මොකද විටමින් "ඒ" කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් නිසා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment