ගෘහනියට නැතිවම බැරි පොල්

පොල් ගෙඩිය අතීතයේ සිට අද දක්වාම වනිතාවන්ට අත්‍යාවශ්‍ය දෙයකි. සියලුම ආහාර වර්ග සෑදීම සඳහා පොල් කිරි අවශ්‍ය වන බැවිනි. වර්තමාන වෙළඳපොලේ පොල් මිල ඉහළ ගිය ද පොල් නැතුවනම් ආහාර පිසින්නේ නැති තරම්ය.

අපගේ වනිතාවන් ආහාර වර්ග සාදන විට නිතරම පොල් උපයෝගී කරගනූ ලැබූවත් එහි තිබෙන ගුණය පිළිබඳව නම් අවබෝධයක් නැති තරම්ය.

පොල් ප්‍රබේද කිහිපයකින් සමන්විතයි. අස්වැන්න මාස 2 කින් හෝ 3 කින් කඩාගත හැක. ලුණූ මිශ්‍ර වියළි කලාපයේ බහූලව වැවේ. දේශීය ඖෂධ සඳහා පොල් මූල්, පොල් පිත්තේ අග තිබෙන බූව, පොල් වතුර, රා, මද, තෙල්, මල්, කහකඩ, භාවිත කරයි. අවස්ථාව අනූවත් පොල් ඖෂධ සඳහා භාවිතයට ගනී. එනම් කුරුම්බා, කලටි පොල්, පැසූණූ පොල්. වියළි පොල්, කොටිට පොල්, කොප්පරා, මීරා ආදියයි. පොල්වලින් රා, පොල් පැණි, හකුරු, පොල් තෙල්, පොල් විනාකිරි, අරක්කු ආදියද නිෂ්පාදනය කර වෙළඳ පොලේ විකිණීමට තිබෙනවා දකින්නට පූළුවනි.

පොල් මදය

ප්‍රෝටීන්, මේද, සීනි හා පොල් කිරිවල සීනි, මැලියම්, ප්‍රෝටීන, ටාටරික් අම්ලය, ඛණිජ ලවණ සහ ජලය අඩංගු වේ.

කුරුම්බාවල ප්‍රෝටීන සියයට 0.6

සීනි සියයට 5.05

ක්ලෝරයිඩ් සියයට 0.55

ජලය සියයට 92.32

අම්ල සියයට 0.84

පොස්පරස් සියයට 0.01

ඛණිජ ලවණ 0.4

කැල්සියම් සියයට 0.02

ආදී විටමින් වර්ග වලිනූත් පරිපූර්ණය.

කුරුම්බා ඉතා ගුණවත් වගේම රසවත් පානයකි. මූත්‍රා දැවිල්ලට, මූත්‍රා ගල්වලට, මූත්‍රා සමඟ සැරව පිටවන අවස්ථාවලදී වගේම මූත්‍රාශය පිරිසිදු කිරීමේ හැකියාව තිබේ. සේලයින් වෙනූවට ද භාවිත කිරීමට පූළුවන.

ජීර්ණය පහසූ කරවයි. සිරුර ශක්තිමත් කිරීමේ හැකියාව පවතී. මධූර රසින් යූතු පොල් වතුර සිසිල් ගුණයෙන් හෙබි නිසා පිපාසය නිවීමේ හැකියාව ඇත. එමෙන්ම ගෘහනිය ප්‍රයෝජනයට ගන්නා පොල් ගෙඩියේ වතුර ටික ඉවත ලයි. නමූත් එහි ගුණය ඉතාමත් ඉහළවන අතර රුව වඩවාලන පානයක් ලෙසත් පෙන්වාදීමට හැකිය. ඒ වගේම සියයට සියයක් පිරිසිදු ජලය හැටියටත් පොල් වතුර හැඳින්වීමට පූළුවනි.

වාත පිත සමනය කර බඩගින්න වඩවාලයි. උදර දාහයටද ගුණදායක ඔසූවකි.

පැරැන්නන් අත් බෙහෙතක් විදියට තැඹිලිවලට හෝ පොල් වතුරට ඖෂධ වර්ග එකතුකර රැයක් පින්නෙ තබා පානය කිරීමක් සිදු කළා. එයින් සිරුරේ උෂ්ණ බව දුරුවී සිසිල් වන බව ආයූර්වේදයේ සඳහන් වී තිබේ.

කුරුම්බැටිටියක් ගලගා ආලේප කිරීමෙන් තුවාල සූවවේ. ඔබ නොදන්නවා වූණාට පොල් පිත්තේ ඇති සූබූල්ල සූරා මධ්‍යසාර සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන් ලේ ගලන තුවාල සූවවේ

රුවට

කාන්තා අප කවූරුත් තම රූපය ගැන සැලකිලිමත් වේ. ඒ සඳහා ඇය මූදල් වියදම් කිරීමට පසූබට වන්නේ නැත. විශේෂයෙන් කාන්තාවන්ගේ කේශකලාපය වඩවා ගන්නට තිබෙන වටිනාම ඔසූව පොල්තෙල් වේ.

කොටිට පොල් හා කොප්පරා

තැවීම් පොටිටනි සාදාගැනීමට උපකාරී වෙයි. තෙල් සිඳීමට හැක.

මල්

ඖෂධවලට භාවිත කරයි. මූඛය සේදීමට යොදා ගනී. විශේෂ උත්සව අවස්ථාවලට පූන්කලස් ආදියට නැතුවම බැරි පොල් මල්, රා විනාකිරි ආදිය නිෂ්පාදනයට උපකාරී වේ.

පූජනීයත්වයට

පොල් තෙල් පහන් පත්තු කිරීම, සියලු දෙවියන් උදෙසා කරන කටයූතුවලදී ප්‍රධාන තැනක් හිමිවේ. අවූරුදු කාලවලදී දෙවියන් උදෙසා කරනූ ලබන ක්‍රීඩාවක් ලෙස පොර පොල් ගැසීම පෙන්වා දිය හැක.

පොල් මූල්

ඉතා හොඳ මූත්‍රාකාරකයක්. ගර්භාෂ රෝගවලටද ඉතා ගුණය. මූඛයේ හටගන්නා රෝග වන විදුරුමස් රෝග ආදියට තම්බා මූඛය සේදීමට යොදාගනී.

පොල් තෙල් ගුණ නැතැයි පවසන අයට මෙය සූබ ආරංචියක්. මෝර තෙල්වල තිබෙන ගුණය පොල් තෙල්වල තිබෙන බව වෛද්‍ය පරීකෂණවලින් තහවූරු වී ඇත. ඒ වගේම පොල්තෙල් ආහාරයට ගැනීමට මිනිසූන් බියක් දැක්විය. ඒ පොල් තෙල්වල කොලෙස්ටරෝල් තිබේ යැයි මතයක් වූ හෙයිනි. ආයූර්වේදයට අනූව නම් ආහාරය සඳහා අනූමත කරන්නේ පොල් තෙල් වන අතරම එය හෘදයට හිතවත් ශරීරය වෙහෙස කරවන සියලු දෙනාටත් ඉතා ගුණ ස්වභාවික ශාකමය තෙලක් ලෙස හඳුන්වා දී ඇත.

පොල් ගසෙන් අපට ප්‍රයෝජන බොහෝය. අපේ මූතුන්මිත්තන් පොල් ගස දේවත්වයෙන් සැලකූ අතර කප්රුක යන නාමයෙන් හඳුන්වනූ ලැබූවේ එහි වටිනාකම එදත් අදත් මිනිසාට ලබාදෙන බැවිනි.

ආයූර්වේද විශේෂඥ වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment