වෙහෙස නිවන්නට රසවත් බීමක්

මිශ්‍ර පලතුරු බීමක්

අවශ්‍ය ද්‍රව්‍ය :
ඉදුනූ අන්නාසි ගෙඩි 1

දොඩම් ගෙඩි 2

ෆැෂන් ගෙඩි 6

ලෙමන් ගෙඩි 2

දෙහි ගෙඩි 4

ඔරේන්ජ් ක්‍රෂ් බෝතල් 1

තැඹිලි ගෙඩි 2

නාරං තේ හැඳි 1

සීනි රාත්තල් 1

අයිස් කැට

ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

අන්නාසි ගෙඩියේ ලෙලි ඇර කුඩා කොටූ කපාගන්න. ඉන් කෝප්පයක් ඉතිරි කර, අනෙක් අන්නාසිවලට වතුර දමා යූෂ මිරිකා ගන්න.

දොඩම් ගෙඩි මිරිකා යූෂ ගන්න. ෆැෂන් ෆෘටිවලටද වතුර යන්තමින් දමා මිරිකා ගන්න. ලෙමන්, දිග දෙහි යූෂ මිරිකා ගන්න. දෙහි යූෂ ද මිරිකා ගන්න. මේ හැම පලතුරක්ම මිරිකා ගැනීමට වතුර අඩූවෙන් පාවිච්චි කරන්න.

ලොකු භාජනයක් ගෙන මිරිකා ගත් දොඩම් දෙහි, නාරං, පැංෂන් පෙරා ගන්න ඔරේන්ජ් ක්‍රෂ් බෝතලයද, තැඹිලි ද දමා සීනි එකතු කරගෙන හොඳින් දිය කරගන්න. ලුණූ ද එකතු කරගන්න.

වීදුරුවක 3·4 ප්‍රමාණයට බීම දමා කුඩාවට කපාගත් අන්නාසි හැඳි 1 ක් දමා අයිස් කැට 2ඃ3 ක් දමා ලෙමන් හෝ දෙහි පෙත්තක් ගෙන වීදුරුවේ ගසන්න.

කිරි රසැති දිවූල් බීම

අවශ්‍ය ද්‍රව්‍ය (

ඉදුනූ දිවූල් ගෙඩි 2

සීනි තේ හැඳි 3

වැනිලා අයිස් ක්‍රීම් හැඳි 4

කල් කිරි හෝ එළකිරි කෝප්ප 1

ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

දිවූල් මදය සූරාගෙන වතුර වීදුරුවක් එකතු කරගෙන යූෂ මිරිකා ගන්න. දිවූල්වල ඇට ඉවත් කරගත් පසූ යූෂ, සීනි සහ කිරි මිශ්‍ර කරගන්න. ලුණූ ද දමන්න. වීදුරු 4 ට දමන්න. වැනිලා අයිස් ක්‍රීම් සමග පිළිගන්වන්න.

අයිස් කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය (

කෝපි ග්‍රෑම් 50

ටින් කිරි ටින් 1

සීනි ග්‍රෑම් 100ඃ150

වැනිලා තේ හැඳි 1/2

තලාගත් කරාබූනැටි 2

බ්‍රැන්ඩි වයින් වීදුරු 1

සාදන ක්‍රමය

වතුර වීදුරු 8 ක් සහ තලාගත් කරාබූ නැටි දමා වතුර උණූ කරන්න. කෝපි උණූ වතුර සමග කලවම් කර හොඳින් උතුරවා ගන්න. කෝපි මිශ්‍රණය ලිපෙන් බාගෙන කෝපි මණ්ඩි බහින්නට තබන්න.

එය වෙනත් භාජනයකට පෙරා ගන්න. ටින් කිරි සහ සීනි පෙරා ගත් කෝපි සමග මිශ්‍ර කරන්න. මෙය හොඳින් නිවූණාට පසූ වැනිලා සහ බ්‍රැන්ඩි එකතු කර ගෙන බෝතල්වල අසූරා ගන්න. අයිස් කැට යට තැන්පත් කර තබන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment