ගෙදරදීම ජෑම් හදමූ

මතකයට

ං කල් තබා ගැනීමට අවශ්‍ය නම් පමණක් සිට්‍රික් ඇසිඩ් එකතු කරන්න.

ං බෝතල්වල අසූරණ විට උණූ ජෑම් මිශ්‍රණය තම්බා පිරිසිදු කරගත් බෝතලයට උණූවෙන්ට දමා, හොඳින් නිවූණූ පසූ මූඩිය වසන්න.

ං ජෑම් සෑදීමට හොඳින් ඉදුනූ පලතුරු ගන්න එපා.

ං මිශ්‍රණය වඩාත් ඝනවීමට හෝ දියාරු වීමට දෙන්න එපා.

ං ජෑම් සෑදීමට ්‍යැ්ඩහ ඊදඑඑැප භාජනයක් භාවිත කරන්න.

වටිටක්කා ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

වටිටක්කා කිලෝ 1

සීනි ග්‍රෑම් 750

සිට්‍රික් ඇසිඩ් තේ හැඳි 1

අන්නාසි රස කාරක මේස හැඳි 1

කහ වර්ණය බිංදු කීපයක්

සාදන ක්‍රමය

වටිටක්කා ගෙඩියේ ඇට ඉවත් කර ලෙලි ගසාගන්න. වටිටක්කා මදය ගේ්‍රටි කරගන්න. එම මදය සමග වතුර තේ කෝප්පයක් දමා ප්‍රෙෂර් කුකරයකින් හෝ භාජනයක දමා ලිප තබා හෝ වතුර හිඳෙන තුරු උණූ කරගන්න. නිතරම හැඳි ගාන්න. සිට්‍රික් ඇසිඩ් එකතු කරගෙන ජෑම් වන තුරු කලවම් කරගෙන ලිපෙන් ඉවතට ගන්න. වර්ණක සහ එසන්ස් එකතු කරන්නේ ලිපෙන් බාගත් පසූවයි. දැන් හොඳින් සෝදා වාෂ්පයෙන් තම්බාගත් බෝතල්වල උණූවෙන්ම සාදාගත් ජෑම් දමා හොඳින් නිවූණාට පසූ මූඩිය වසාගන්න. ජෑම් දියාරු නොවී කුටිටි ලෙස තිබෙන්නේ එවිටයි.

අන්නාසි ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කොටූ කපාගත් අන්නාසි කිලෝ 2

සීනි කිලෝ 2

ලෙමන් ගෙඩි දෙකක යූෂ

සිට්‍රික් ඇසිඩ්

සාදන ක්‍රමය

අන්නාසිවල ලෙලි ඉවත් කර නාරටිය නොමැතිව කුඩා කැබලිවලට කපාගන්න. එම කැබලි පොඩි කර පල්ප් එකක් සාදාගන්න. ජෑම් සාදන විට පතුල ඝනව සහ බරට ්‍යෑ්ඪශ ඊධඔඔධඵ තිබෙන සාස්පානක් පාවිච්චි කරන්න. සාදාගත් අන්නාසි පල්ප් එක සහ සීනි එම බඳුනට දමා එයට ලෙමන් යූෂ දමා උණූ කරන්න.

හැඳිි ගාමින් උණූ කරගන්න. ඕනෑවට වඩා ඝන කරගන්න එපා. හැන්දට ස්වල්පයක් ගෙන බැලූ විට සෙලවෙනවා නම් පදම නිවැරදියි. කල්තබා ගන්නට අවශ්‍ය නම් සිට්‍රික් ඇසිඩ් එකතු කරන්න. උණූවෙන්ට පිරිසිදු කළ බෝතල්වලට දමා නිවූන පසූ මූඩිය වසන්න.

දිවූල් ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

දිවූල් මද ග්‍රෑම් 400

සීනි ග්‍රෑම් 300

වතුර පයින්ටි 1 1/2

සිට්‍රික් ඇසිඩ් තේ හැඳි 1/2

සාදන ක්‍රමය

දිවූල් මදය පමණක් සූරාගන්න. එම මද වතුර සමග භාජනයකට දමා කලවම් කර පොඩි කරමින් උණූ කරගන්න. වතුර භාගයක් දමා දිවූල් ඉස්ම පමණක් පෙරාගන්න. පෙරාගත් ඉස්ම භාජනයකට දමාගෙන සීනි එකතු කරන්න. සිට්‍රික් ඇසිඩ් ද දමන්න. හොඳින් මිශ්‍රකරමින් උණූ කර ගන්න. මතුපිටට එන පෙණ ඉවත් කරන්න.

ප්‍රමාණයට වඩා උණූ කරන්න එපා. තම්බා පිරිසිදු කරගත් බෝතල්වලට උණූවෙන්ම අසූරා නිවූණ පසූ මූඩිය වසා ගන්න.

ස්ට්‍රෝබෙරි රස පූහූල් ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

පූහූල් ග්‍රෑම් 500

සීනි ග්‍රෑම් 400

වතුර කෝප්ප 1

ස්ට්‍රෝබෙරි රස කාරක තේ හැඳි 1 1/2

රතුපාට වර්ණක තේ හැඳි 1/2 සිට්‍රික් ඇසිඩ් තේ හැඳි 1/4

සාදන ක්‍රමය

පූහූල්වල ඇට සහ ලෙලි ඉවත් කර ගන්න. පූහූල් තරමක කැබලිවලට කපාගෙන ගේ්‍රටි කරගන්න. දැන් සාස්පානකට පූහූල් දමා වතුර කෝප්පයක් එකතු කරගෙන උණූ කරගන්න. පූහූල් හොඳට තැම්බූණාට පසූ සීනි එකතු කරගෙන මිශ්‍ර කරමින් හැඳි ගා ගන්න. වතුර සිඳී පදමට ආ විට ස්ට්‍රෝබෙරි එසන්ස් සහ කලරිං යොදා ගන්න. කල්තබා ගන්නවා නම් සිට්‍රික් ඇසිඩ් එකතු කරගෙන උණූවෙන්ම බෝතල් කර නිවූන පසූ මූඩිය වසාගන්න.

මිශ්‍ර පලතුරු ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

මදක් ඉදුනූ අඹ ග්‍රෑම් 250

ඉදුනූ අන්නාසි ග්‍රෑම් 250

පැෂන් පෘටි මද ග්‍රෑම් 250

ගස්ලබූ ග්‍රෑම් 250

දෙහි යූෂ මේද හැඳි 2

සීනි කිලෝ 1

සිට්‍රික් ඇසිඩ් තේ හැඳි 1

සාදන ක්‍රමය

අඹ ලෙලි ඉවත් කර කුඩා කැබලිවලට කපාගන්න. අන්නාසිවල ලෙලි ඉවත් කර කුඩාවට කොටූ කපාගන්න. (නාරටිය රහිතව) පැෂන් පෘටිවල මදය හැන්දකින් සූරාගෙන වතුර ස්වල්පයක් දමා පෙරාගන්න.

ගස්ලබූවල ලෙලි ඇට ඉවත් කර හැන්දකින් මදය සූරා ගන්න. දෙහි යූෂ පෙරාගන්න. පලතුරු සියල්ලම භාජනයකට දමා වතුර කෝප්පයක් එකතු කරගෙන බාගයක් හිඳෙන තුරු උණූ කරගන්න. දැන් සීනි එකතු කරගෙන ජෑම් වන තුරු හැඳි ගාමින් උණූ කරගන්න. සිට්‍රික් ඇසිඩ් එකතු කරගෙන උණූවෙන්ම බෝතල් කරගෙන හොඳින් නිවූණාට පසූ මූඩිය වසන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment