මව්කිරි කියන්නේ ළදරුවන්ට සමබල ආහාර වේලක්





අපේ රටෙි මව්වරුන් තමන්ගේ ළදරුවා උපන්න දා සිටම ළදරුවාගේ ප්‍රධාන ආහාරය ලෙස දෙන්නේ මව්කිරි.

කාලෙන් කාලෙට විවිධ ගුණ ගැන වර්ණනා ඉදිරිපත් කරමින් නොයෙක් නොයෙක් ළදරු කිරිපිටි වර්ග වෙළෙඳ පොළට පැමිණියත් තවමත් අපේ මව්වරු සහ වැඩිහිටියන් මව්කිරේ ඇති බලය ගැන සහ ගුණය ගැන අවතක්සේරුවකින් බලන්නේ නැහැ.

කාන්තාවක් ගැබිනියක් වූ විට බොහෝ විට අප සමාජ ක්‍රමය තුළ සිදුවූයේ ගැබිනි මව ඇයගේ මහගෙදරට කැඳවා ගෙන යමින් ඇයට නිසි ආරක්ෂාවත් පෝෂණයත් රැකවරණයත් ලබා දීමයි. ගැබිනි මව ඇගේ මහ ගෙදරට කැඳවාගෙන යන්නට නොහැකි අවස්ථාවල ඇගේ මව හෝ ඇගේ මිත්තනිය ඇය ජීවත් වන නිවසට පැමිණෙන්නේද ගැබිනි මවගේ අරක්ෂාව පෝෂණය

රැකවරණය ගැන වඩාත් සැලිකිලිමත් විය යූතු නිසාය.

ගැබිනි මවක් දරුවා ප්‍රසූත කරන කරන කාලය තෙක් ලබා ගන්නා ආහාර වේල්වල පෝෂණයත් දරු උපත සිදුවීමෙන් පසූ කිරි දෙන කාලය තුළ ලබාගන්නා ආහාරවල පෝෂණයත් පෝෂ්‍යදායි මව්කිරි වේලක් දරුවාට ලබාදීම කෙරෙහි බලපායි. එමෙන්ම හොඳ මව්කිරි වේලක් ලබාදීමෙන් දරුවාගේ මානසික වර්ධනයද උපරිම මටිටමෙන් සිදුවන බව මේ වන විට සොයාගෙන තිබේ.

මවකට පෝෂණයෙන් අනූන කිරි එරීමට නම් මානසික සූවය ඇයට අත්‍යවශ්‍ය වන බව ඔබ දන්නවාද?

තවද පියයූරුවල "තන පූඩූව" ලෙස අපි හඳුන්වන කොටස දරුවාට කිරි උරාබීම පිණිස සකසාදීම ඉතාම වැදගත්. මේ කාරණාව සම්බන්ධයෙන් මාතෘ සායනවලදී එහි කටයූතු කරන වෛද්‍යවරයා හෝ පවූල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් උපදෙස් ලබාදීම කරයි.

මව්කිරි දරුවාට ලබාදීමෙන් එහි ඇති පෝෂණ කොටස් විශේෂයෙන්ම ප්‍රෝටීන ඉක්මනින්ම දරුවාගේ උදරය තුළ ජීර්ණය වීමත්, මව්කිරි ඉතාම ලාභදායි වගේම පෝෂණයෙන් කිසිම අඩූවක් නැති ළදරු ආහාර හෝ කිරි පිටි සමග සැසදිය නොහැකි හොඳම ආහාරයයි. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න නිරෝගි දරුවකු බිහිකිරීම සඳහා දරුවාගේ ජීවිතයට ලබාදෙන සවිමත් අඩිතාලමයි.

මව්කිරිවල අන්තර්ගත ප්‍රධාන කාබෝහයිඩේ්‍රටය වන ලැක්ටෝස් ළදරු සිරුරට උපරිම ශක්තිය දෙන කැලරි ප්‍රමාණයක් සපයන අතර අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් අවශෝෂණය ඉහළ මටිටමකට රැගෙන යයි. තවත් ළදරුවාගේ ආන්ත්‍රය තුළ හානිකර බැක්ටීරියා වර්ධනය වළක්වන අතර "ලැක්ටො බැසිලය" නම් මව්කිරිවල අඩංගු මේද කොටස ළදරුවාගේ මොළයේ වර්ධනයට උවමනා වෙන මේද අම්ල මව්කිරිවල තිබේ. මෙය අපට එළකිරිවලින් ලබා ගත නොහැකියි.

දරු ප්‍රසූතියෙන් පසූ මූලින්ම තන පූඩූූූවෙන් වෑස්සෙන කහ පැහති කොලස්ට්‍රම් ළදරුවාට ලබාදීම ඉතාම අවශ්‍යයි.

මෙම කොලස්ට්‍රම්වල අධික ප්‍රෝටීන ප්‍රමාණයක් මෙන්ම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 10 ක් සහ ප්‍රතිශක්තිකරණය මෙහි වේ. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් විෂබීජ නිසා ඇතිවන ආසාදනවලට ඔරොත්තු දෙන "ඉමියූනොග්ලොබියූලින්" වැනි සංඝටකයන් පවා අඩංගු වේ.

තවත් ළදරුවාගේ ආන්ත්‍රවලට වින කරතැයි සිතිය හැකි විෂබීජ මර්දනය කරන ප්‍රතිදේහ වැනි සජීවි ෙසෙලද මව්කිරේ ඇත.

එම නිසා ළදරුවෙකුට දිනපතාම මව්කිරි ලබාදීම තුළ දරුවා නිරෝගීව වැඩෙන අතර ආරක්ෂාව නිසි පරිදිම ලැබේ. එම නිසා රටට වැඩදායක සූන්දර අනාගත පරපූරක් තනන මව්වරුනි ඔබේ දරුවාට ලබාදෙන මව්කිරි තරම් පෝෂණයෙන් අනූන වෙනත් කිරක් මිහිපිට නොමැති බව මතක තබා ගෙන කටයූතු කරන්න. ඔබට හැකියාවක් ඇති නම් ඔබ දරුවාට අවූරුදු 2 ක් යනතෙක් මව්කිරි ලබාදෙන්න. නැතහොත් අවම වශයෙන් මූල් මාස 6 තුළවත් මව්කිරි ලබා දෙන්නට ඔබ වගබලාගන්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment