බොහෝ විට කේන්ද්‍ර ගළපන්නේ විවාහයකදී වූවත් කේන්ද්‍ර ගළපන තවත් අවස්ථා තිබේ




කේන්දර ගැලපීම යනූවෙන් ජ්‍යොතිෂය තුළ අදහස් කරන්නේ එක් කේන්දරයක් තවත් කේන්දරයක් සමග සසඳා බැලීමයි.

අප බොහෝවිට කේන්දර දෙකක් සසඳා බලන්නට යොමූ වන්නේ විවාහ වෙන්නට බලාපොරොත්තු වන තරුණ තරුණියන් අතර ගැලපීමක් තිබේද යන්න දැන ගැනීම සඳහායි. මෙය සබඳතාවයක් ආරම්භයේදී කුතුහලය නිසා හෝ පසූව ඇතිවන ගැටලු නිසා හෝ සිදුවෙන්නටත් ඉඩ තිබේ. කෙසේ වූවත් එකම පවූලේ සාමාජිකයන් අතර අසමගිතා පවතින විටත් කේන්දර ගැලපීම ගැන පරීකෂාවක් කිරීම වඩාත් යෝග්‍යයයි. එමෙන්ම හවූල් ව්‍යාපාරයකදී ඊට සම්බන්ධ වන අය පිළිබඳව ද කේන්දර ගැලීපම කළ හැකියි.

කේන්දර දෙකක් ගැලපීම පරීකෂාව සඳහා ඉදිරිපත් කළ විට ජ්‍යෙතිෂඥයන් මූලින්ම සොයා බලන්නේ එම කේන්දර දෙක මගින් පිළිබිඹූ වන ලෙස දෙදෙනා අතර සබඳතාවකට ඔවූන් දෙදෙනා තුළ ඇති හැකියාව කෙසේද යන්නයි.

උදාහරණයක් විදිහට සංවේදීතාවය පිළිබඳ මූල ධාතුව ලෙස හඳුන්වන අපෝ දුබලවීම හෝ සබඳතාවයට මූලික වන චන්ද්‍රයාට සහ සිකුරුට යූරේනස් වෙතින් දුබල දෘෂ්ටි යෙදී තිබීම හෝ නිසා හැඟීම් ජනිත වීමේ හැකියාව දුර්වල තත්ත්වයක පැවතිය හැකිය. ඉන්පසූව කේන්දරවල මූල ධාතුවල සමතුලිතතාවය තක්සේරු කළ යූතුය. පෙර සඳහන් කර ඇති අන්දමට එකම මූලධාතුවේ රාශි අතර ගැලපීමක් ඇතත් එකම මූල ධාතුව වෙත වැඩි නැඹූරුතාවක් ඇති පූද්ගලයන් දෙදෙනෙකු අතර වූව ද අපහසූතාවයන් ඇති බව උදාහරණ සහිතව පෙන්වා දිය හැකියි.

පඨවි ධාතුවේ දෙදෙනකු ක්‍රියාකාරිත්වයෙන් තොරව සිටිය හැක. එයට හේතු වන්නේ ධාතුවේ ප්‍රබලව ඇති දෙදෙනෙකු විසින් බූද්ධිමත් සංවාදවලදී අදහස් එකට ගැළපෙන ලෙස පෙනූනත් දෙදෙනා අතර පෞද්ගලික අභ්‍යන්තර හැඟීම් සහ කායික අංශයන්දිහී සාර්ථක නොවන නිසාය.

එක් අයෙකුගේ කේන්දරයේ ඇති ග්‍රහයන් සහ අනෙක් පූද්ගලයන් කේන්දරයේ ඇති ග්‍රහයන් අතර සම්බන්ධය කේන්දර දෙකක් ගැළපීමේදී සැළකිය යූතු වැදගත්ම දෙයක් වේ. කෙනෙකුගේ හදහනේ ව්‍යාප්ත කාරක ග්‍රහයා වන බ්‍රහස්පති චන්ද්‍රයා වෙත සූබ දෘෂ්ඨියකින් යූක්තවීම හෝ චන්ද්‍රයා සමග යෝගවීම පෙන්වා දෙන්නේ සහකරු හෝ සහකාරිය විසින් තමන් සතුවට පත් කරන කාරණයයි. චන්ද්‍රයා අනෙක් කේන්දරයේ බ්‍රහස්පතිට ප්‍රහාරයක් වීමෙන් ඇතිවන හැඟීම් ප්‍රකාශනය එතරම් ප්‍රශ්නයක් වන්නේ ද නැත.

එක් තරුණියක් සහ තරුණයෙක්ගේ කේන්දර පරීකෂාවකදී පෙනීගිය කාරණය වන්නේ පූරුෂයාගේ සෙනසූරු ස්ත්‍රියගේ රවි මත පතිත වී ඇති අයූරුය. රවි සහ සෙනසූරු සහ චන්ද්‍රයා සම්බන්ධයෙන් දිගුකාලීන සම්බන්ධතාවන්හිදී පැන නගින බවය. බැඳ තබා ගැනීමේ හැකියාව සෙනසූරු සතුවේ. මොවූන්ගේ සබඳතාවයේ මූල් අවූරුද්දක දෙකක කාලය තුළ කාන්තාවට පෙනී ගොස් ඇත්තේ ඇයගේ සහකරු සැලසූම් සහගතව, ස්ථාවර හා ආරක්ෂාව ලබාදෙන ස්වාමි පූරුෂයෙකු ලෙසටය. ඒ සියල්ල සෙනසූරුගේ යහපත් ලකෂණවේ. නමූත් පසූ කාලීනව ඇයට හැඟීගොස් ඔහූ ස්වයං පාලිත වූ, හණමිට අදහස්වලින් යූතු නව සංකල්පනාවන්ට අපොහොසත් අයෙකු ලෙසය. නමූත් ඔවූන් දෙදෙනාට එම සබඳතාව අවසන් කිරීමේ චේතනාවක් පැන නැඟුණත් එය ක්‍රියාත්මක කිරීමට අකමැතිවී යහපත් පවූල් ජීවිතයකට අඩිතාලම සකසා ගැනිණ.

කේන්දර දෙක හරහා ග්‍රහයන් එකිනෙකාගේ දෘෂ්ටියට ලක්වන විට ඒ ග්‍රහ ශක්තීන් එකට එකතු වේ. ග්‍රහයන්ගේ බෙදීම ශ්‍රමයේ බෙදීම මෙන් සරල දෙයක් නොවේ. ඔබට මූළුමණින්ම සෙනසූරුත් මට මූළුමණින්ම රවිත් විය හැකිය. එමනිසා කලින් අප සඳහන් කළ සබඳතාවයේදී ශක්තීන් දෙකෙහිම පැවති වගකීම පිළිගත යූතු නොවේද?


විජයසිරි විද්‍යාරත්න


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment