පලා වර්ග රසට උයන්න

ලෙටිටකොච්ච මැල්ලූම

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ලියාගත් ලෙටිටකොච්ච කොළ ග්‍රෑම් 200

සිහින්ව කපාගත් ළුෑනූ ග්‍රෑම් 200

සිහින්ව ගා ගත් පොල් ග්‍රෑම් 30

කහ කුඩූ ස්වල්පයක්

අමූ මිරිස් කරල් 2

සිහින්ව ලියාගත් කරපිංචා තේ හැඳි 1

දෙහි බෑයක යූෂ

අවශ්‍ය නම් තලාගත් අබ ස්වල්පයක්

අවශ්‍ය නම් උම්බලකඩ කුඩූ ස්වල්පයක්

සාදන ක්‍රමය

ළුෑනූ, සූදුළුෑනූ, කරපිංචා, අමූමිරිස්, පොල්, ලුණූ එකට දමා තරමක් කොටා ගන්න. එයටම කහ මිශ්‍ර කර කොටන්න. එම මිශ්‍රණය ලියාගත් ලෙටිටකොච්ච කොළවලට මිශ්‍ර කරන්න.

වැඩි ගින්දරේ කූරු ගාමින් පැහැය වෙනස් නොවන ලෙස ඉක්මනින් මලවාගෙන ලිපෙන් ඉවතට ගෙන දෙහි දමන්න. උම්බලකඩ කුඩූ දමනවා නම් සිහින්ව කොටා දමාගන්න. අබ දමනවා නම් කොළ බාගෙට මැලවෙන විට අබ දමන්න.

කොහිල දළු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

දණ්ඩත් සමඟ කොහිල දළු ග්‍රෑම් 200 (කටූ සූරා හීනියට කපන්න. වතුර ටිකක් ලිප තබා කහ, ලුණූ එකතු කර උතුරන්නට හරින්න. එය ලිපෙන් ඉවතට ගෙන කපාගත් කොහිල එයට දමා විනාඩියක් පමණ වසා තබා දිය පෙරා ගන්න)

ලියාගත් රතුළුෑනූ ග්‍රෑම් 30

විනාකිරෙන් අඹරාගත් අබ තේ හැඳි 1

විනාකිරි තේ හැඳි 1/4

ගම්මිරිස් කුඩූ ස්වල්පයක්

ලුණූ අවශ්‍ය පමණ

ඇට ඉවත් කරන ලද තක්කාලි මදය සිහින්ව දිගට කපා එයින් ග්‍රෑම් 30

සාදන ක්‍රමය

විනාකිරි, අබ, ලුණූ, සීනි, ගම්මිරිස් කුඩූ එකට මිශ්‍ර කරන්න. ලුණූ, ඇඹූල් බලා ළුෑනූ මිශ්‍ර කර සකස් කරගත් කොහිල දළු දමා පොඩි නොකර යන්තම් මිශ්‍ර කර බඳුනක දමා උඩින් තක්කාලි කැබලි අතුරන්න.



පෙනෙල කොළ තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය

පෙනෙල කොළ ග්‍රෑම් 200

රතුළුෑනූ ග්‍රෑම් 50

කැබලි මිරිස් තේ හැඳි 1

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

සූදුළුෑනූ බික් 2

ලියාගත් කරපිංචා තේ හැඳි 1

රම්පෙ කැබැල්ලක්, කරපිංචා, කුරුඳුපොතු

දෙහි බෑයක්

අවශ්‍ය පමණ ලුණූ

එළඟි තෙල් හෝ පිරිසිදු පොල් තෙල්

අමූමිරිස් කරල් 2 (ලියාගත්)

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා තෙල් එකතු කර රත්වන විට ළුෑනූ, රම්පේ, කරපිංචා, කුරුඳු, සූදුළුෑනූ දමා රන්වන් පාට වන තුරු බදින්න. බැදෙන විට කැබලි මිරිස් හා ලුණූ එකතු කර අඩූ ගින්දරේ බදින්න. උම්බලකඩ කුඩූද දමන්න. ඉන්පසූ කොළ දමා යන්තමින් මලවාගන්න. ලිපෙන් ඉවතට ගෙන දෙහි යූෂ දමා රස කරගන්න.

සූදු සාරණ වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

සෝදා ගත් සූදු සාරණ ග්‍රෑම් 200

හීනියට ලියාගත් රතුළුෑනූ ග්‍රෑම් 50

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

උළුහාල් ඇට 10 පමණ

සූදුළුෑනූ බික් 2

සිහින්ව කපාගත් අමූමිරිස් කරල් 2

කරපිංචා, රම්පේ

කුඩා කුරුඳු පොතු කැබැල්ලක්

කහ ස්වල්පයක්

කරි කුඩූ තේ හැඳි 1 1/2

මිරිස් කුඩූ ස්වල්පයක්

මිටි කිරි කෝප්ප 1/2

අවශ්‍ය පමණ ලුණූ

සාදන ක්‍රමය

මේ සියල්ල එකට මිශ්‍ර කර වැඩි ගින්දරේ තබා උතුරන විට ගින්දර අඩූ කර හිඳෙන තුරු තබන්න. අවශ්‍ය නම් කරි කුඩූ, මිරිස් කුඩූ නැතිව කහ පමණක් එකතු කරන්නට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment