ශිතකරණය සහ බිත්තිය අතර තැබිය යූතු ඉඩ ප්‍රමාණය දන්නවාද?


අප මිලදී ගන්නා ශීතකරණ විවිධ ප්‍රමාණවලින් හා විවිධ මාදිලි වලින් මිලදී ගැනීමට තිබේ. ඒ කොතරම් වර්ග හා ප්‍රමාණවලින් තිබූණද ඔබ ඔබේ නිවසට ගැලපෙන ඔබට නඩත්තු කිරීමට පහසූ ශීතකරණයක් තෝරාගැනීමට දැනූවත් බවක් තිබිය යූතුයි. ශීතකරණයක් මිලදී ගැනීමේදී අවධානය යොමූ කළ යූතු ප්‍රධාන කරුණූ කාරණා කිහිපයක් හා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යූතු අංශ කිහිපයක් තිබේ.

ඔබ නිවසට රැගෙන ආ ශීතකරණය එකවර ඔබ කැමති ස්ථානයක තැබීම සිදු කරයි. එහෙත් ශීතකරණය ස්ථානගත කිරීමේදී හිරු එළිය නොවැටෙන ස්ථානයක තැබීම සිදුකළ යූතු වෙයි. එයට හේතුව හිරු රැස් එකවර ශීතකරණයට වැටීමෙන් එය රත්වීම සිදුවන බැවින් එම රත්වීම සිසිල්වීමට වැඩි විදුලි ප්‍රමාණයක් වැය වන බැවිනි. ඔබ නිවසට රැගෙන ආ ශීතකරණය එකවර පරිපථයට සම්බන්ධ කර භාවිත කිරීම සූදුසූ නොවේ. එසේ සටහන් කරන්නේ ප්‍රවාහනය කරන අතරතුර ශීතකරණය තුළ තියෙන තෙල් ගැස්සී සෙලවී එහි තිබෙන බටවල තැන්පත් වී තිබෙන්නට හැකි බැවිනි. ඒනිසා මෙම උපකරණයට රැගෙන ආ දිනට පසූ දින පරිපථයට සම්බන්ධ කර භාවිත කිරීමයි වඩා සූදුසූ දේ වන්නේ.

සාමාන්‍යයෙන් ශීතකරණය තැන්පත් කරන ස්ථානයේ පිටූපස බිත්තියේ සිට අඟල් 8 හෝ 9 ක් පමණ දුරින් එය තැබීම කළ යූතුය. එවිට උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාකරන්නට හැකිය.

ජලය වැඩිපූර ශීතකරණයට වැටෙන ස්ථානයක තැබීමත් සූදුසූ නැත. එසේ නිතර ජලය වැටෙන ස්ථානයක තැබීමෙන් දිරායෑම ඉක්මන් වේ.

භාවිතයට ගනූ ලබන ශීතකරණයේ කුටීර පිළිබඳවත් අවධානයක් යොමූ කළ යූතුයි. මන්ද ශීතකරණයේ වඩාත් සීතල කොටස ඉහළ කොටසයි. එය අධි ශීතකරණය ලෙස හඳුන්වයි. මෙම කොටසේ ඔබ රැගෙන එන මස්, මාළු, අයිස්ක්‍රිම් , අයිස් කැට, වැනි දෑ තැන්පත් කළ යූතුයි. එයට පහළින් තිබෙන කොටසේ අයිස් මිදීමක් සිදු නොවේ. එහි ඔබට අවශ්‍ය කරන එළවළු, පලතුරු, බීම වර්ග, විවිධ ආහාර වර්ග ආදිය තැබීම කළ යූතුවේ. මෙහිදී ඔබ මතකයේ රඳවා ගත යූතු වන්නේ එළවළු, පලතුරු වෙන වෙනම සිලි බෑග්වල අසූරා ශීතකරණයේ තැන්පත් කිරීමටයි. එයින් ආහාරවල වැඩිපූර ජල වාෂ්ප රැඳීම අවම වේ. ශීතකරණයට ද්‍රව්‍ය වැඩියෙන් ඇසූරුම් කළා නම් එහි උෂ්ණත්වයත් එලෙසින්ම වැඩි කිරීමට පූරුදු වන්න. එසේ සිදු නොකිරීමෙන් මෝටරයේ (කම්පෙෂරයේ) ආයූ කාලය අඩූ වී යයි. ඒ වගේම දොර පියනේ තිබෙන රාක්කවලට අවශ්‍ය කරන ප්‍රමාණයට බඩූ ඇසිරීම කළ යූතුයි. නැතිනම් සිදුවන්නේ එම රාක්කවලට හානි ගෙන දීමයි.

ශීතකරණය තුළට ආහාර දෑමීමේදී උණූසූම් ආහාර නොදැමීමට වගබලා ගන්න. එම

ඟින් සිදුවන්නේ උණූසූම් දේ සිසිල් වීමට වැඩිපූර කාලයත් විදුලියත් වැය වීම පමණකි.

ඇතැම් නිවෙස්වල ශීතකරණය උස මටිටමක තැබීම සඳහා ලෑලි කැබැල්ලක් මත තබයි. එසේ කිරීමෙන් සිදුවන්නේ ජලය රැඳී තිබී ඉක්මනින් යට කොටස මළ බැඳි දිරායෑමයි. ඉදිරි පසට ආරක්ෂාව සඳහා රබර් පාපිස්නාවක් තැබීම වරදක් නොවේ.

ඇතැම් ගෘහනියන් හැඩලයට රෙදි ආවරණයක් කර තිබෙනවා දකින්නට පූළුවනි. රෙදි කැබැල්ලක් හැඩලයට ගැට ගැසීමෙන් සිදුවන්නේ රෙදි කැබැල්ලට උරාගන්නා ජලය නිසා උපකරණයේ හැඩලය මළබැඳීමයි. මේ නිසා හැඩලය විවෘතව තැබීම කළ යූතුය.

මෙය පිරිසිදු කිරීමේදී අයිස් බැදෙන අධිශීතකරණ කුටිය මසකට වතාවක් පිරිසිදු කළයූතුය. එවිට ඉතා හොඳින් කාර්යක්ෂම ලෙස සිසිල් බව ලබා ගත හැකි බැවින්ය.

විදුලි කෙටීමකදී අකුණූ සැරකදී ශීතකරණය විසන්ධි කළ යූතු අතර එය ඔබට අමතක වීමක් හෝ අපහසූ නම් හොඳම දේ වන්නේ ආරක්ෂාකාරී ක්‍රමයක් ආධාර කර ගැනීමයි.

(පවර්ගාඩ්) වැනි විදුලිය පාලනය කරන පරිපථයකට ශීතකරණය සම්බන්ධකර තිබීමෙන් භාණ්ඩයට වගේම ඔබටද අනතුරුවලින් වැළකීමට පූළුවනි.

විදුලිය ඔබට අවම කර ගැනීම සඳහා කළ යූතු වන්නේ රාත්‍රි කාලයේදී උෂ්ණත්වය උපරිමයට කරකවා විසන්ධි කර තැබීමයි. ඔබ ශීතකරණය පරිහරණය කිරීමෙන් අනතුරුව නැවත වැසීමේදී දොර හොඳින් වසා තිබේ දැයි පරීක්ෂා කර බැලීමත් වැදගත් වේ.

එයින් වැඩි විදුලියක් පරිභෝජනය වීම අවම වෙන බැවිනි.

ඔබ පරිහරණය කරන ශීතකරණය පිළිබඳ කරුණූ දැන ගැනීමෙන් නිවැරදි ලෙස වැඩි ආයූ කාලයක් පවතින අයූරින් භාවිත කිරීමට හැකි වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment