හැඩට ඉන්න කැමති ඔබට- මේක්අප් කිරීමට වැඩිපූර අවධානය ?






ඔබ මූහූණට මේක් අප් කරන්නේ ඇයි දෑයි විමසූ විට ඔබ ඊට දෙන පිළිතුර කුමක්ද? ලස්සන වන්නට යැයි ඔබ එකවර පවසනූ ඇත. ලස්සන වීම නැතහොත් ඔබේ පෙනූම වැඩි කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ පෙනූමැති අංගවල පෙනූම වැඩි කර ගන්නටත් පෙනූමක් නැති අංගවල කැපී පෙනීම යටපත් කර ගන්නටත් යන මේ කරුණූ දෙක මේක්අප් කිරීමෙන් ඔබ බලාපොරොත්තු වේ.



අපගේ යූවතියන් මේක්අප් කිරීමට වැඩිපූර අවධානය යොමූ කරන්නේ සාදයකට උත්සවයකට සහභාගි වන අවස්ථාවකදීය. එවැනි අවස්ථාකට සහභාගි වන ඔබට පහසූවෙන් මේක්අප් එකක් කරගන්නා අයූරුයි මේ.

මේක්අප් එකක් කරගැනීමට ප්‍රථම සම පිරිසිදු කරගත යූතුයි. ඒ සඳහා ඔබේ සමට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයක් භාවිත කර ගන්න පූළුවනි. පිරිසිදු කරගත් මූහූණේ රෝම කූප විවෘත වී තිබෙන නිසා එය වැසීම සඳහා පූළුන් කැබැල්ලකට ටෝනර් ස්වල්පයක් ගෙන මූහූණේ ගල්වන්න.

ෆවූන්ඩේෂන් ගැල්වීම

සාමාන්‍ය පිළිගැනීම වෙන්නේ සමේ පැහැයට ෆවූන්ඩේෂන් ගැල්වීම සූදුසූ බවයි. මේ සඳහා පෑන් කේක් ෆවූන්ඩේෂන් වඩා සූදුසූ වේ. එය තෙතමනය ඇති ස්පොන්ජ් කැබැල්ලක් ගෙන මූහූණ, බෙල්ල, කන්පෙති ආදී විවෘත ස්ථානවල ගල්වන්න. ඉන්පසූ ටිෂූ එකකින් තෙත මාත්තු කරගන්න.

ෆේෂ් පවූඩර

ෆවූන්ඩේෂන් ආලේප කිරීමෙන් පසූව ෆේෂ් පවූඩර් ගැල්විය යූතුයි. එයින් මූහූණට සූමූදු පෙනූමක් ලැබේ. එමෙන්ම වැඩි පූර ෆවූන්ඩේෂන් ගල්වා තිබෙනවා නම් එය අඩූ කර ගන්නට ද හැකියාව ලැබෙන මෙය, ආලේප කිරීමේදී බූරුසූවක් ආධාර කරගත යූතු අතර පහළට ආලේප කර ගත යූතුයි.

බ්ලෂ් ඔන්

මෙය ආලේප කළ යූතු වන්නේ දුඹූරු වර්ණය හෝ රෝස වර්ණයක්ය. මෙය ගැල්විය යූතු වන්නේ ත්‍රිකෝණාකාර ලෙසිනි. ඕනෑම මූහූණකට ගැලපෙයි.

තොල් ආලේපන

තොල් ආලේපන ගැල්වීම තුළින් මූහූණේ පෙනූම තවතවත් වැඩි කර ගත හැක. එය මූලින්ම ගැල්වීමේදී ලිප් ජෙල් ආලේප කරගත යූතු වේ. එසේ සිදු කර ගත් පසූ තොල්වල වඩාත් පෙනූම ලබා ගැනීම හා ගැල්වීම පහසූකර ගැනීම සඳහා ලිප් ලයිනර් උපයෝගි කරගෙන තොල්වල හැඩය ඇඳ ගත හැක.

ඉන්පසූ ඔබගේ වර්ණයට, ඇඳුමට ගැලපෙන අයූරින් ලිප්ස්ටික් ආලේප කර දිලිසීම සඳහා ලිප් ග්ලොස් උපයෝගි කරගත හැකියි.

සැලකිලිමත් විය යූතු කරුණූ

මූලින්ම ලිප් ජෙල් භාවිත කරන්නේ තොල් ආරක්ෂා කර ගැනීම සඳහා වේ. තොල්වල හැඩය ඉස්මතු කර ගැනීම සඳහා ලිප් ලයිනර් භාවිත කරයි. ඒ වගේම ලිප්ස්ටික් ගැල්වීම පහසූ වේ. ලිප්ස්ටික් වර්ණයට සමාන වර්ණයකින් ලිප් ලයිනර් ගැල්වීමට මතක තබා ගන්න. ඔබේ දෙතොල් තරමක් කළු පැහැයෙන් යූතු නම් තද වර්ණ එතරම් සූදුසූ නොවේ.

ලිප්ස්ටික් දෙතොල්වල වැඩි කාලයක් තබා ගැනීමට නම් ලිප්ස්ටික් ගල්වා ටිෂූ එකක් ගෙන තොල් මත තබා තද කිරීමක් කර නැවත ලිප් ආලේපන ගල්වන්න. එවිට වැඩි වේලාවක් තබා ගත හැක.

අයිබ්‍රව්

මූලින්ම ඇහිබැමි මූහූණට ගැලපෙන අයූරින් සකස් කර හොඳින් පීරා ගන්න. අයිබ්‍රව් පැන්සලයකින් තනි ඉරක් ලෙස ගැල්වීම සූදුසූ නොවේ. එය හැඩ අතට ඉරි ලෙස කෙස් ගස් ලෙසින්ම පෙනෙන්නට ඇඳිය යූතුය.

අයි ෂැඩෝ

අයි ෂැඩෝ ගල්වන්නේ ඇස් පියා පත්වලයි. එමගින් ඇස්වලට මනා පෙනූමක් ලැබේ. වර්ණ ගැලපිය යූතු වන්නේ ඔබ අඳිනූ ලබන ඇඳුමට ගැලපෙන්නටයි. අයි ෂැඩෝ ගල්වා අවසානයේදී ශිමර් ග්ලිටර් ආලේප කරන්න. එයින් වඩා වැඩි අලංකාරයක් ලබා දේ.

අයි ලයිනර

මෙය භාවිත කරන්නේ ඇස් පියා පතේ ඇති පිහාටූ ආසන්නයටයි. තරමක විශාල වූ දෙනෙත් තිබේ නම් ගැල්වීම එතරම් සූදුසූ නොවේ. කුඩා ඇස් විශාල කර පෙන්වීමට අයි ලයිනර් ගැල්විය හැක. එය ගැල්වීමට ඔබට හූරු බවක් නොමැති නම් එය භාවිත කිරීම අපහසූයි. මේ නිසා අයි ලයිනර් පැන්සලක් ගෙන ඇස් ළඟට කර ගැල්වීම සිදු කළ යූතුයි.

මස්කාරා

ඇහි පිහාටූවල පෙනූම වැඩි කර ගැනීමට මස්කාරා ආලේප කරයි. එයින් ඇස්වල ලස්සන වැඩි වේ. මෙය ගැල්විය යූතු වන්නේ උඩූ අතටයි. මෙමගින් ඇසේ දිගු බව දිස් වී පෙනේ. ඇහි පිහාටූ ලා පැහැයෙන් තිබෙන අයට වඩාත් සූදුසූ වේ.

නිමාව

සියලුම ආලේපන ගල්වා අවසානයේදී මූහූණට වැඩි පෙනූමක් ලබා ගැනීම සඳහා ෆෙයාර් ෆිනිෂ් පවූඩර් ආලේප කරන්න. මේක් අප් කර අවසානයේදී සූන්දර විදිහට මේ යූවතිය දිස්වෙන අපූරුව බලන්න.

මේක්අප් පිරිසිදු කර ගැනීම

ඔබ මේක්අප් දෑමීම සිදු කළ මූත් එය ඉවත් කර ගැනීම පිළිබඳවත් අවධානයක් යොමූ කළ යූතුවේ. මේක්අප් ඉවත් කර ගැනීමේ දී ප්‍රථමයෙන් පිිරිසිදු කර ගත යූතු වන්නේ දෙනෙත්ය. එය මනා සීරුවෙන් යූතුව කළ යූත්තකි. ඇස් වටා පිරිසිදු කර ගැනීමේදී ඔබ භාවිත කරන ක්ලෙන්සර් එකක් හෝ හනි ඇන්ඩ් කි්‍යූකම්බර් මිශ්‍ර වූ ක්ලෙන්සර් එකක් උපයෝගි කර ගත හැක. ඇස ළඟ දාරයේ ගල්වන ආලේප පිරිසිදු කර ගැනීම සඳහා කොටින්බන්ඩ් එක්ක ආධාර කර ගත හැකියි. දෙනෙතේ උඩ සහ යට මෘදු ඇඟිල්ල ආධාර කර ගෙන සම්භාහනය කර පසූව පූළුන් කැබැල්ලක් ගෙන පිස දමා ගන්න. තොල් සඳහා ද එසේම සිදුකරන්න.

මූහූණටද ඔබ භාවිත කරන ෆේෂ් වොෂ් හෝ ක්ලෙනසර් ආලේප කර හොඳින් පිරිසිදු කර ගන්න. පිරිසිදු කර ගත් පසූ හොඳින් තෙත මාත්තු කර ටෝනර් එකක් ගල්වන්න.



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි
ෂෙරීන් ප්‍රනාන්දු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment