එදා කාන්තාව මූළුතැන්ගෙට අරපිරිමැස්ම එක් කරගත් අයූරු ඔබ දන්නවාද?



අද බොහෝ නිවෙස්වල ශීතකරණය අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වී හමාරය. එයින් ගෘහණියන්ට අවශ්‍ය කරන සියලු දෑ නරක් නොවී තබා ගැනීමට හැකියාව ලැබෙන බව සැබෑය. නමූත් ඇතැම් නිවෙස්වල ශීතකරණය නිකරුණේ තිබෙන නිසා බොහෝ විදුලියක් අපතේ යෑමක් සිදු වේ. ඒ වගේම එහි රඳවා තබා ඇත්තේ සිසිල් කළ ජල බඳුනකි. එයින් නිවසේ සිටින අය ලෙඩ කරවයි.

ඔබගේ ශීතකරණයේ සිසිල් වතුර බෝතලයක් පමණක් තබා ගෙන සිටිනවාට වඩා සිසිල් ජලය අවැසි නම් මැටි කළයක් භාවිත කළ හැක. එයින් නැවූම් බවත් සෞඛ්‍යාරක්ෂිත බවත් නිසැකයෙන්ම ඔබටත් පවූලේ අයටත් හිමි වේ.

අතීතයේ නිවෙස්වල ගෘහනියට ශීතකරණ තිබූණේ නැත. එදා ආහාර වේල කල්තබා පරණ කර ආහාරයට ගත්තේද නැත. පැරණි කාන්තාවන් එදිනෙදා ආහාර වේල සකසා ගත්තේ ගෙවත්ත තුළිනි. එමෙන්ම ඔබ ශීතකරණයේ කිසිදු ආහාරමය ද්‍රව්‍ය නොමැතිව පොල් වැනි දෑ දමා තිබෙනවා දකින්නට ලැබේ. නිරපරාදේ පොල් බෑය පමණක් ශීතකරණයට දමා තබා ගන්නවාට වඩා එය නැවත හෙට දිනයේ ප්‍රයෝජනයට ගන්නවා නම් පෙල් බෑයට ලුණූකුඩූ සහ කහ ස්වල්පයක් තවරා තැබීමෙන් එය නරක් නොවී පසූ දිනට ප්‍රයෝජනයට ගත හැක. එයින් ශීතකරණයේ විදුලියත් අවම කර ගත හැක.

අරපිරිමැස්මෙන් යූතුව කටයූතු කිරීම එදා වනිතාව තුළ දකින්නට ලැබූණූ හොඳ ලක්ෂණයකි. මූළු තැන්ගෙයි බත පිසීම සඳහා ගනූ ලබන සහල්වලින් මිටක් නැවත මූටිටියක බහා තැබීමට ඇය අමතක කළේ නැත.. එසේ ඇය සිදුකළේ හදිසි අවස්ථාවකදී එය ප්‍රයෝජනයට ගත හැකි නිසාවෙනි.

ඒ වගේම පිසූ බත් ටික ඉතිරි වූ විට එය වේලා ගැනීමටද ඇය කම්මැලි වූණේ නැත. අද නම් ඉතිරි වන බත් අපගේ මූළුතැන්ගෙයින් ඉවතට විසි වී යන්නේ කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි බව සිතා ගෙනය. නමූත් එවා වේලා තබා ගැනීමෙන් සවසට අග්ගලා වැනි රස කැවිල්ලක් සාදා ගත හැකි අතරම එමගින් ශරීරයට මොන තරම් ගුණයක් ලැබෙනවාද කියා ඔබ දන්නවාද?

අරපිරිමැස්මෙන් කටයූතු කළා වගේම විවිධ කෙම් ක්‍රමද ඇය භාවිත කළ බව ඔබ දන්නවාද? සිංහල අවූරුදු කාලෙට නිවසට එන කෝදුරුවන් නිසා මහත් කරදරයකට මූහූණ පාන ඇය කැවූම් සැකසීමට පෙර තරමක ලොකු කැවූම් ගෙඩියක් සාදා ගසක එල්ලා තැබීමක්ද සිදු කරනූ ලබනවා. එයින් ආහාරයට ගන්නා කෑම ආරක්ෂා වීමක්ද සිදු වේ. නිවසේ සිටින මැසි මදුරුවන් පලවා හැරීම සඳහා අද වනිතාව වස විෂ භාවිත කරන අතර ඒවා ශරීරගත වීමද එතරම් සූදුසූ නොවේ. නමූත් එදා වනිතාවන් මැසි මදුරුවන් පලවා හැරීම සඳහා යොදා ගනූ ලැබූ උපක්‍රමයක් වන්නේ කහ දියර, ලුණූූ දියර ටිකක් නිවසට ඉසීම පමණකි. ඒ වගේම කෑම මේසයේ කුඩා පහනක් දැල්වීමක් සිදු කරනූ ලැබූවා.එයින් කෘමි සතුන් පාලනය වීමක් හා විෂබීජ පාලනයක් වීමද සිදුවිය.

සූළු අසනීපයකදී පවා මූදල් නාස්තිකරගෙන බිය වී ප්‍රතිකාර කර ගැනීම අපගේ වනිතාවන් සිදු කරයි. නූමත් එදා වනිතාව කොත්තමල්ලි වෙනිවැල්ගැට වැනි ශාකමය ඔසූ පානය සඳහා සකසා ගත් අතරම පත්තෑයෙකු වැනි කෘමි සතකු දෂ්ඨ කිරීමෙන් රත්සඳුන් කැබැල්ලක් දෙහි ඇඹූලෙන් ගලගා ආලේප කිරීමයි සිදුකළේ. දත් කැක්කුමකදී කුරුඳු තෙල් ස්වල්පයක් දත තුළ රඳවාගත් ඇය අද වන විට නම් එය ගලවා දෑමීම සිදු කරයි. එසේ නොමැති නම් කුමන හෝ ඖෂධ පෙති වර්ගයක් මූදල් දී පානය කිරීම සිදු කරනූ ලබයි.

එදා ජීවන රටාව සෞඛ්‍යාරක්ෂිත ලෙසත් පරිසරයට හිතකර විදියටත් හූරු වී තිබූණි. අනාගත පරපූර උදෙසා ද මේ උරුමයන් හා සිරිත් පූරුදු කළ යූතු අතර ඒ සඳහා අවධානය යොමූ කිරීම වඩා වැදගත් වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment