හූස්ම ගන්න වෙලාවක් තියෙනවද?




වර්තමාන සමාජ පරිසරයේ බොහෝ දෙනෙක් ඉතාමත් කලබලකාරී හා තරඟකාරී ජීවන රටාවක් අනූගමනය කරන බව පෙනේ. මෙම කලබලකාරී බව වඩාත් මතුවී පෙනෙන්නේ "මට හූස්ම ගන්නවත් වෙලාවක් නැති තරම්" යයි පවසන විටය. හූස්ම ගැනීම ජීවිතයේ වැදගත්ම කොටසය. එයත් වේලාවක් නැති තරමට ජීවිතයේ වැඩකටයූතු බහූල වී ඇතැයි පැවසීමෙන් මතුවී පෙනෙන්නේ ජීවිතයක මූලිකම බලාපොරොත්තුව අමතක වී ඇති බවය. එනම් සියලු කටයූතු අවසානයේ අප බලාපොරොත්තු වන්නේ හෝ ලැබිය යූත්තේ හිතේ සතුට හෙවත් මානසික සන්තෘෂ්ඨිය බවයි.


"වේලාවක් සොයා ගන්නට නැතැයිද ඒ තරම වැඩ කටයූතුවලින් ඔළුව පිරිලා" යයි ද පවසමින් දවස පූරා නොසන්සූන් මනසකින් කටයූතු කොට, හැන්දෑවේ "ඒ ඔලුවම අවූල්වෙලා මොකවත් හිතාගන්නට බැහැ යයි" පවසමින් නින්දට වැටෙන්නේ නම් තමා තමාටම කරගන්නා වූ විපතකි. අපි සෑම මනූෂ්‍යයෙකුටම උපරිමයෙන් කළ හැකි වැඩ ප්‍රමාණයක් තිබේ. ඒ කොටස මැනවින් තේරුම් ගෙන කටයූතු නොකරන්නේ නම් අපගේ ශරීරය ඉක්මණින්ම දුබල වනූ ඇත. යන්ත්‍රයක් වූව ද අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක කළොත් හෝ ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කළොත් ඉක්මණින්ම අබලන් වනූ ඇත. කොපමණ නම් වූ වැඩකටයූතු අපට තිබූණත්, ඒ දරාගත නොහැකි වැඩ කටයූතු සියල්ලම කරන්නට යාමෙන් අප ලෙඩ විය හැකිය. විවිධ ආකාරයේ රෝගාබාධවලට ලක්වීමෙන් ඉක්මණින්ම මරණය ද ළඟාවනූ ඇත.


මා ඔබට ආරාධනා කරන්නේ කයත් මනසත් සූවපත් කරන හා නිරෝගී කරවන භාවනාවක් පූරුදු කරන ලෙසය. පහත සඳහන් අවස්ථා දෙකින් එක් ක්‍රමයකින් හෝ ඔබට මානසික විවේකයක් ලැබීමට විවේකයක් හෝ වේලාවක් සොයා ගත යූතුය. එක් ආකාරයක් නම් දිනකට උදයේ හෝ රාත්‍රියේ අඩූම තරමේ මිනිත්තු දහයක් පහළොවක් තරම් වේලාවක් සොයාගෙන මනස විවේකගැන්වීමය. අනෙක් ආකාරය නම් දවසේ ඉඩ ලද කවර නම් අවස්ථාවක වූව ද සන්සූන්ව සිහිය පිහිටූවා ගෙන ආශ්වාස හා ප්‍රශ්වාස කිරීම නම් වූ ආනාපානසතිය වැඩීමය. යම් විටෙක ඔබ නිවසේ සිටිමින් ගෙදර දොරේ වැඩකටයූතු කරනවා විය හැකිය. තවත් වරෙක කාර්යාලයක, පාසලක හෝ වැඩපොළක රාජකාරී කරමින් සිටිනවා විය හැකිය. මේ සෑම අවස්ථාවකදීම සිදුකරන කාර්යයට මැනවින් සිත යොමූ කරගෙන එය සිදුකරන්නට හැකි නම් ඔබ මනසින් සන්සූන් කෙනෙක් බවට පත්වනූ ඇත. එම කාර්යයද නිරවූල් වනූ ඇත. "දහසක් වැඩ ඔළුවේ තියාගෙන සිටින අපට ඕක කරන්නට පූළුවන් දෙයක්දැයි" ඔබ නොඅසනූ ඇතැයි මම විශ්වාස කරමි. දහසක් නොව දසදහසක් කටයූතු ඔළුවේ තබාගෙන සිටියත් එකින් එක නිරවූල්ව හා සාර්ථක ලෙස සිදුකිරීමට නම් ඔභ සිහිනූවණින් යූතුව එය සිදුකළ යූතුමය. නැතිනම් "නූල් බෝලයක් පැටලුනා" මෙන් සියලු කටයූතු එකම අවූල් ජාලයක් වනූ ඇත. සමහර අයට වැඩ කටයූතු බොහොමයක් නැත. සිදුකරන්නා වූ එකම වැඩක් වූව ද පිළිවෙළකට හා සාර්ථක අයූරින් සිදු කිරීමට නොහැකිය. මේ නිසා "කරන දේ හරියට කරන්නට" නම් ඔබ සතිය හෙවත් සිහිය පිහිටූවා ගැනීම කළ යූතුමය.

මෙම සතිය හෙවත් සිහිනූවණ මැනවින් පවත්වා ගැනීම අරමූණූ දෙකක් ඔස්සේ ඔබ විසින් සිදුකළ යූතුය. එක් අරමූණක් නම් ඔබගේ එදිනෙදා කටයූතු හෙවත් දෛනික ජීවිතයේ මානසික සන්තෘෂ්ඨියකින් සිත පවත්වා ගැනීමය. අනෙක් අරමූණ නම් ජීවිතය ගැඹූරින් අවබෝධ කර ගැනීම පිණිස සිත හා සිතේ පැවැත්ම පිළිබඳව අවදියෙන් සිටීමය. පළමූ අරමූණ ඉටූකර ගැනීම සඳහා මහා සතිපටිඨාන සූත්‍රයේ කායානූපස්සනාවේ විස්තර වන මෙම ඉගැන්වීම විමසා බලමූ. "ගතේ ඕතේ නිසින්නේ සූත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති" ගමන් කිරීම, සිටගෙන සිටීම, වාඩි වී සිටීම, ශ්‍රවණය කිරීම, නොනිදා සිටීම හා නිශ්ශබ්දව සිටින විට පවා පවත්නා ඉරියව්ව කෙරේ මනා සිහිනූවණින් යූතුව කටයූතු කිරීම මින් අදහස් කෙරෙයි. ආරම්භයේදී දත මදින හා මූහූණ සෝදන අවස්ථාවේ පටන් ටිකෙන් ටික හා එකින් එක සතියෙන් යූතුව සිදුකිරීමට උත්සාහ ගන්න. මේ වෙලාවේදී කිසිවකු හා වචනයක්වත් කතා නොකොට බිම බලාගෙන මේ කටයූතු කරන්නට යයි මින් අදහස් නොකෙරේ. එනමූත් මූලිකම අවධානය ඒ මොහොතෙහි කරන ක්‍රියාව ගැන යොමූකර ගත යූතුය. ටික දිනක් ගතවන විට කටයූතු පහසූ වන අයූරු ඔබටම දැනේ. අමතකවීම අඩූවීම, අත්වැරදීම්, තැන නොතැන නොබලා හැසිරීම් හා කතා කිරීම් ආදියෙහි පවා යහපත් වූ වෙනසක් ඔබ කෙරේම සිදුවනූ ඔබට දැකගත හැකිය. පවූල් පරිසරය සාමකාමී හා ප්‍රිය බවක් ඇතිවීමටද හේතුවක් වනූ ඇත. තමා සන්සූන්වීම නිසා තමාගෙන් සිදුවන අඩූපාඩූ හා අත්වැරදීම් බොහෝ දුරට මඟහරවා ගැනීමට අවස්ථාව සැලසෙනූ ඇත. සැබැවින්ම ප්‍රියශීලී අයෙක් වීමේ පළමූ හේතුව නම් සතියෙහි පිහිටා කටයූතු කරන අයෙක් බවට පත්වීමය.

දෙවෙනි අවස්ථාව නම් පරමාර්ථ ධර්මයෙහි පිහිටා සතියෙන් කටයූතු කිරීමයි. එනම් ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප ආදී අරමූණූ ගන්නා විට රාග, දෝස හා මෝහ ආදී කෙලෙස්වලින් යූතුව එම අරමූණූ අල්ලා නොගැනීමයි. ආවාහ විවාහයන්ට පත්ව දරුවන් ලබා රැකියා කටයූතු කරමින් බොහෝ සම්බාධක ඇතිව ජීවත්වන ඔබට එකවිටම එසේ කටයූතු කිරීම සැබෑවකි. එනමූත් වැරදි රාගයෙන් දුරුවීමටද, තරහව පාලනයට ද අතෘප්තිකර ආශාවන් පාලනය පිණිස මෙලොව සියලු දේ අනිත්‍ය බව ද සිතට පූරුදු කිරීමද මෙම පරමාර්ථ ධර්මයෙහි පිහිටා කටයූතු කිරීමෙන් ඔබට අවස්ථාව ලැබෙනූ ඇත. ස්වාමියා හා බිරිඳ අතර රාගය පවතිනූ ඇත. යම් විටෙක එය ද එක්තරා අවස්ථාවකදී පාලනයක් හා සන්සිඳීමක් බවට පත්කර ගත හැකිය. එනමූත් මෙහිදී අදහස් කරන්නේ පන්සිල්වල තුන්වෙනි ශිකෂාපදය ආරක්ෂා කිරීම සඳහා ද පරමාර්ථ ධර්මය අවබෝධ කර ගැනීම හේතුවන බවය. එනම් වැරදි ලෙස ඉඳුරන් පිනවීමට ඇතිවන කැමැත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමූණූවල ඇති අනන්‍යතාවය දකිමින් දුරු කරගත හැකි බවය. යම් විටෙක මෙම කරදරකාරී ආශාවන්ගෙන් සිත පාලනය කර ගැනීමට ඔබට ද අවශ්‍යතාවයක් තිබිය හැකිය. එනමූත් එයට දැඩි චිත්ත අධිෂ්ඨානයක් නොමැතිකමින් සිතුවිලිවලට වසඟවීමෙන් ඔබ මහත් වූ මානසික අසහනයකට පත්ව සිටිනවා විය හැකියි. එවැනි සිතුවිලි ගැන ඔබට, ස්වාමියාට, බිරිඳට, දෙමවූපියන්ට, දරුවන්ට හෝ යම් විටෙක හිතමිතුරෙකුටවත් පැවසිය හැකි දෙයක් නොවීය හැකිය. ඔබ සිතින් මහත් "වදයක්" විඳිනූ ඇත. එමෙන්ම තරහව ගැන සිතන්න. තරහව නොමනා සිතුවිල්ලක් බව අපි දනිමූ. එනමූත් බොහෝ කෙනෙකුට තරහව නිතර පැමිණේ. මෙහිදී ද රූප ආදී අරමූණූවල ගැටෙන විට සිතුවිලිද රූපය ද අනිත්‍යතාවයට හෙවත් වෙනස්වීමට පත්වන බව නූවණින් මෙනෙහිකර එම අරමූණ තරහව, ක්‍රෝධය, වෛරය බවට පත්නොවන්නට සිතින් කටයූතු කළ හැකිය. 

එනම් මා දකින රූපය හෝ මා අසන ශබ්දය, හඬ නිසා ඇතිවන අමනාප සිතුවිල්ල ඉක්මණින් වෙනස්වන බව මම දනිමි. එම සිතුවිල්ල ස්ථිර එකක් නොවේ. මා තරහ සිතුවිල්ලක් බවට පත් නොකරගෙන උපේක්ෂාවෙන් එම අරමූණ දෙස බලන්නටත් ශබ්දය හෝ වචනවල හඬට සිත යොමූ කරන්නටත් මගේ සිත පූරුදු කරමි. මෙම අභ්‍යාසය හෙවත් පූරුද්ද ඔබට ඔබගේ මනස සන්සූන්ව පවත්වා ගැනීමට උපකාර වනූ ඇත. මෙම දැක්ම අර්හත්වය දක්වා දියූණූ කළ හැකිය. එයට පෙර ඔබගේ පවූල් ජීවිතයද රැකියාව ආදී සමාජ ජීවිතයද නිරවූල්ව පවත්වා ගැනීමට මෙම සතිය හෙවත් නූවණින් දැකීම මහත්සේ උපකාරයක් වනූ ඇත. මෙසේ සතියෙන් කටයූතු කිරීමට අකමැති හෝ එසේ සතියෙන් කටයූතු නොකරන අය තමා නොදැනූවත්වම වරදට පෙළඹේ. මවූපදවිය හා පිය පදවිය අමතක වී යයි. තමා විවාහක බව හා සැමියෙක්, බිරිඳක් තමාට සිටින බව අමතක කරයි. යම් යම් අය උතුම් මිනිසත් බව ද අමතක කරයි. පසූව "අනේ මට මොකද වූණේ" කියමින් දුකට පත්වෙති. මෙවිට සියල්ල සිදුවී අවසන්ව තිබීමට හැකිය. අවසාන ප්‍රතිඵලය නම් අමාරුවෙන් ලැබූ මේ උතුම් මනූෂ්‍ය ජීවිතය එකම දුකක් හා ගිනි ගොඩක් බවට පත්කර ගැනීමත් මරණින් පසූ දුගතිගාමී වීමත්ය. එසේ නොවන්නට සතිය පූරුදු කරන්නට යයි මම ඔබට කාරුණිකව ආරාධනා කරමි. ඔබට සියලු සැනසිල්ල වේවා. උතුම් තුණූරුවන් සරණයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment