දරුවාගේ නම දෙමාපියන්ගේ නම් සමඟ ගැලපීම කෙසේ විය යූතුද?



දරුවාට නමක් තබන විට එය දෙමාපියන්ගේ නම් සමඟ ගැලපීම කිහිප ආකාරයකින් සලකා බැලීමට පූළුවන්.

ශබ්ද ශාස්ත්‍රයේ තිබෙනවා, "අක්ෂර වේදය" කියා දෙයක්. ඒ අනූව "අ" ස්වරයට "උ" ස්වරය විරුද්ධ හැටියටත් "එ" ස්වරයට "ඉ" ස්වරය විරුද්ධ හැටියටත් "ඔ" හා "ඇ"ස්වරවලට කිසිම ස්වරයක් විරුද්ධ නැති හැටියටත් සැලකෙනවා. මේ ස්වර "ආ", "ඊ" ලෙස දීර්ඝ ලෙස ඇදුනත් ඒ තත්ත්වය එසේමයි.

මේ අනූව පියා සමරපාල නම් පූතාට කුලිඳු වගේ නමක් තැබූවොත් එය ප්‍රතිවිරුද්ධ වෙනවා. මව සෙනෙහෙලතා නම් පූතාට සිසිර වගේ නමක් තැබූවොත් එයත් එසේම ප්‍රතිිවිරුද්ධ වන බව සැලකෙනවා.

මේ නිසා පියාගේ හා මවගේ මූල් ස්වරවලට විරුද්ධ ස්වර ඉවත් කර ඉතිරි ස්වරයකින් දරුවාට නම තැබීම සූදුසූ වෙනවා. දෑනටමත් එසේ ප්‍රතිවිරුද්ධ ස්වර මූල්කරගෙන නම් තබා තිබෙනවා නම් එම දෙමාපියන්ට කියන්න තියෙනවා විශේෂ දෙයක්. එනම් මේනිසා දරුවා දෙමාපියන්ට විරුද්ධව නැගී සිටින බව කිසිසේත් අදහස්වන්නේ නැහැ.

"යෝනි චක්‍රය" නමින් චක්‍රය තිබෙනවා. අප නම් තැබීම සඳහා ඇතැම්විට මේ චක්‍රය යොදා ගන්නවා. හැම නමකටම යෝනියක් තිබෙනවා. එය අපට ගණනය කිරීම් මඟින් හඳුනා ගැනීමට පූළුවනි. මේ යෝනි අතර එකිනෙකට ප්‍රතිවිරුද්ධ යෝනිත් තිබෙනවා. නිදසූන් වශයෙන් ගුරුළු යෝනියට සර්ප යෝනිය විරුද්ධ හැටියටත්, ව්‍යාඝ්‍ර යෝනියට මූව යෝනිය විරුද්ධ හැටියටත් ආදී වශයෙන් දෑක්වෙනවා. මේ අනූව දෙමාපියන්ගේ නම්වල යෝනිවලට ප්‍රතිවිරුද්ධ නොවන යෝනියකින් නමක් දරුවාට තැබීම සූදුසූ වෙනවා.

දෙමාපියන්ගේ නම් දෙකේ ස්වරූපය අනූව එයට සමාන නමක් දරුවාට තබන්නටත් පූළුවනි. පියා අභය නම් පූතාට අබිරු නම හොඳයි. මව එරංගා නම් පූතාට එනූර නම හොඳයි. දෙමාපිය නම් දෙකම එකට සලකා තනි කමක් දරුවාට තබන්නටත් පූළුවනි. මව "වත්සලා" නම් පියා "සමීර" නම් මවගේ නමේ මූල් කොටස හා පියාගේ නමේ මූල් කොටස එකතු කර "වත්මිර" ලෙස පූතාට නම තැබීම හොඳයි. මේවගේ "මිහිඳු" හා "නදීකා" නම් දෙකේ එකතුවෙන් දුවට "මිහිනදී" ලෙස නම තබන්න පූළුවන්. මේ නම් එකතුව නිසා දෙමාපියන් දරුවන් අතර හදවතේ බැඳීම වැඩි කර ගැනීමටත් හොඳ හේතුවක් වෙනවා.

සමන්ති අහූබූදු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment