අසමෝදගම් කොළ සම්බෝලය ඉතාම ගුණයි



ඔසූවක් ලෙසට අප සියලු දෙනා හඳුන්වනූ ලබන අසමෝදගම් අතීතයේ නිවෙස්වල කුළු බඩූවක් විදියටද භාවිතයට ගනූ ලැබූවා.

අතීතයේ සිට අද දක්වාම ඖෂයක් විදියට භාවිතයට ගනූ ලබන්නේ තිබෙන ඖෂධීය වටිනාකම අපගේ උදවිය දන්නා නිසාය. කුඩා දරුවන් සිටින නිවෙස්වල අනිවාර්ය දෙයක් ලෙස පෙන්වාදිය හැකි අසමෝදගම් පිළිබඳව අපි දෑනූවත් වෙමූ.

අපගේ වැඩි දෙනෙක් සිතන්නේ අසමෝදගම් භාවිතයට ගන්නේ බඩ වේදනාවක් වමනය ඇති වූ විට පමණක් බවයි. ඒ නිසා තමයි සෑම නිවසකම වෙද ඇඳුරෙකු වශයෙන් අසමෝදගම් ස්ප්‍රීතු ලඟ තබා ගෙන සිටින්නේ. නමූත් ඊට වැඩිය ගුණයක් අසමෝදගම්වල තිබෙන බව සඳහන් කළ යූතුයි.

අසමෝදගම් ශාකයට ආවේණික සූවඳක් තිබේ. එතරම් උසට නොවැඩෙන මෙම ශාකය වඩාත් සූවඳ වහනය වන්නේ එහි තිබෙන පත්‍රවලිනි. අසමෝදගම්වලට සමාන වල් අසමෝදගම් යනූවෙන් තවත් වර්ගයක් තිබේ. එය එතරම් ගුණදායක නොවන අතර වෙනත් ඔසූ සඳහා ආයූර්වේදයේ යොදාගනී.

ආයූර්වේදයේදී බෙහෙත් සඳහා යොදාගන්නේ එහි හටගන්නා බීජ සහ තෙල් ය. බඩ රිදීමකදී වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා අසමෝදගම් සෙම නැති කිරීමේ හැකියාව, වාතය දුරු කිරීමේ හැකියාව, වාතය නිසා ඇතිවන වේදනා, ස්නායූ පද්ධතිය ශක්තිමත් කිරීම, හෘදය උත්තේජනය කිරීම (ක්‍රියාකිරීම) කැස්සට හා මූත්‍රකාරක ගුණයද ඇත.

ඇතැම් අය ආහාර අප්‍රියයි, බඩ පිපිලා, බඩගිනි නැහැ යනූවෙන් පවසනවා ඔබත් අසා ඇත. එවිට අසමෝදගම් පානය කිරීමෙන් එම තත්ත්වය දුරුකර ගත හැකියි.

අපේ ගැමියන් අත් බෙහෙතක් ලෙස අජීර්ණ අවස්ථාවලදී අසමෝදගම් සහ ඉඟුරු තම්බා පානය කරයි. ඒ වගේම ශරීරය ඉදිමූණ විටදී ඇට අඹරා ආලේප කිරීමට ද යොදාගනී.

ශරීරයේ වේදනා ඇති විටද අසමෝදගම් තෙල් ආලේප කිරීමෙන් ගුණයක් ලබාගත හැකි වන හා ඇදුම රෝගීන්ට අසමෝදගම් ඇට කුඩූ දුම් ඇල්ලීමත් ඉතා හොඳයි.

අප මාෂ් පාස්ලි ලෙස රසකර කර ආහාරයට ගනූ ලබන කොළ වර්ගය වන්නේ අසමෝදගම් කොළය. එය ඉතා රසවත් සම්බෝලයක් වන අතර ආහාර සරසා ගැනීමට වර්තමානයේ ගෘහනිය යොදා ගන්නා කොළ විශේෂයකි. (සූපිරි වෙළඳ සැල්වල මිලදී ගැනීමට ඇත.)

ඉතා ගුණවත් සම්බෝලයක් වන මෙය ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය ඇති කරගත හැකි වෙයි.

ඒ වගේම අද කුළුබඩූවක් ලෙස අප වැඩිවශයෙන් ප්‍රයෝජනයට ගනූ නොලැබූණත් ඉන්දීය ජනයාගේ සියලුම ආහාරවලට එකතු කරගන්නා රසකාරකයකි. එයට හේතුව එයින් ආහාර රුචිය ඇතිවන අතර සූවඳවත් කිරීමට හැකියාව තිබෙන නිසා වේ.

කොතරම් ස්වභාවික කුළුබඩූවක් වූවද ඖෂධයක් වූවද මෙය ආහාරයට ගැනීම පිළිබඳ මනා අවබෝධයක් තිබිය යූතුය. එයට හේතුව වැඩි වශයෙන් මෙය භාවිතයට ගැනීමෙන් හිසරදය, වෙහෙස, වමනය, අතීසාරය, හූස්ම ගැනීමේ අපහසූව, මූත්‍රා දෑවිල්ල සහ මූත්‍රාවල පැහැය වෙනස්වීම, සිහි නැතිවීම ආදී අතුරු ආබාධ රැසක්ද ඇතිවීමේ ඉඩකඩ ඇති නිසාය. මේ නිසා මේ පිළිබඳව දෑනූවත් වී නියමිත මාත්‍රාව පමණක් ගැනීමට වගබලා ගත යූතු වේ. ඒ වගේම සඳහන් කළ යූතු වන්නේ අසමෝදගම් උෂ්ණ සැර බැවින් යූතු නිසා ගැස්ට්‍රයිටීස් (බඩ දෑවිල්ල) ආදී රෝගයට ද අගුණ බවයි.

ආයූර්වේද විශේෂඥ වෛද්‍ය
ඩී.එච්. තෙන්නකෝන්
ආයූර්වේද රෝහල, බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment