සාමාන්‍ය පෙළ ලියන්න යන දූ ඃ පූතුන්ට ගණදෙවි පූජාව

අපේ භාෂාවේ නිරන්තරයෙන්ම මූණ ගැසෙන වචනයක් තමයි "ගණ දෙවියෝ නූවණ දෙන්න ඃ සරස්වතිය මූඛයට පහළ වෙන්න" කියන එක. වැඩිහිටියන් ළමයින්ට ආශිර්වාද කරන කොට නිරන්තරයෙන් කියන ආශිර්වාද වාක්‍යයක්. "ගණ" කියන වචනයෙන් කියවෙන්නේ සමූහය. මිනිසා මූලින්ම පෘථිවිය මත පහළ වූන දවසේ ඉඳලා අද මේ දක්වා තාකෂණික පහසූකම් තියෙන ලෝකයකට මිනිසාට එන්න ලැබූණේ දිගින් දිගටම ඒ මනූෂ්‍යයාට විශාල මානව ප්‍රජාවක් විවිධ දේ සොයා ගනිමින් උදවූ වූ නිසයි. මූල්ම මිනිසා ලී දෙකක් අතුල්ලා ගින්දර් හදා ගන්නවා. ඊළඟට තවත් මිනිසෙක් ඒ ගින්දරෙන් වතුර රත්කරගෙන උණූ වතුර ටිකකින් ශරීරය උණූසූම් කර ගනිමින්, ඒ වතුර පානය කරන්න ඇති. තව දවසක ඒ උණූ වතුරට තමන් සොයා ගත්ත අලයක්, මස් කෑල්ලක් දාලා තම්බලා දිරවා ගන්න පූළුවන් විදිහට ආහාරයට ගන්න ඇති. මේ විදිහට මානව වශයෙන් එක එක අය පූංචියට පූංචියට සොයා ගත්ත දේවල් තමයි අද වෙනකොට පරම්පරාවෙන් පරම්පරාවට විෂය නිර්දේශය හැටියට පිළියෙල වෙමින් පාඨමාලා හැටියට සකස්වෙමින් මානව පූරුදු සහ මානව ශිල්ප ශාස්ත්‍ර හැටියට අප වෙත ළඟාවෙලා තියෙන්නේ. ඒ නිසා අප අද භුක්ති විඳින සෑම පහසූකමක්ම අපේ ඇඳුම, වාහනය, අපේ ලේඛන කලාව, සන්නිවේදන කලාව වැනි සෑම දෙයක්ම පවතින්නේ මානව වංශයේ විශාල පිරිසකගේ, පරම්පරා ගණනාවක මානවයන්ගේ මානව සමූහයක් ඇත්දැකීම් සහ දැනූම් පද්ධතියයි.

ගණ කියලා කියන්නේ මෙන්න මේ දැනූම් පද්ධතිය දායක කළ අතීත වර්තමාන ඥානවන්ත වූ මානව ගොන්නයි. මානව සමූහයයි. ඒ නිසා අපි ගණ දෙවි පූජාවක් තියෙනවා කියන්නේ පෘථිවියේ පහළ වූ පළමූ මිනිසාගේ සිට සියලුම නිර්මාණාත්මක මානවයන්ගේ නිර්මාණශීලීත්වයට, ගවේෂණාත්මක මනසට සන්නිවේදනය කලා වූ දැනූම දායාද කළා වූ අත්දැකීම් ලැබූවා වූ මනසට පූජා තැබීමයි.

සමහර විට ගණදෙවි පූජාවට විරුද්ධ වන ඕනෑම කෙනෙක් මේ තරම් පූළුල් ලෙස මේ ගැන නොසිතන පටූ මනසක හිමිකරුවෙක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට ගණදෙවි පූජාවට හාස්‍යයෙන් යූතුව වචන ගොනූ කරන්න පූළුවන්කම ලැබේවි. නමූත් මේ විදිහට අපි බූක්ති විඳින ලෝකය අනාගතයේදී මීටත් වඩා අංග සම්පූර්ණ හෙවත් පහසූකම් ඇති තැනක් බවට පත්කරගන්න දරුවන්ට අත දෙන්නේ හිත දෙන්නේ අධ්‍යාපනයයි. ඉගැන්වීමයි. ඒ නිසා අධ්‍යාපනය සහ ඉගැන්වීම කියන කාරණාවේදී ගණදෙවියන් ප්‍රමූඛ කොට පූජා තබන්නට අපි කවූරුත් හූරුපූරුදු වී තියෙනවා. මේ නිසා ගණදෙවි පූජාවක් තැබීම පිළිබඳව ඉතාම කෙටියෙන් කිව්වොත් මූලින්ම අපි දැනූවත් වෙන්න ඕන එම පූජාවේ මූලික හරය මේ තරම් අතීත කාලයක මානව වංශයේ ආරම්භක මධ්‍යස්ථානය සොයාගෙන ගමන් කරන දීර්ඝ කාලීන ක්‍රියාවක් බව.

දෙවනූව අප ඇගයීමට ලක් කරන්න ඕනෑ සියලුම මිනිසූන්ගේ අත්දැකීම් පද්ධතිය. අතීත මානවයා, විවිධ ජාතිවලට අයිති මානවයා, විවිධ කුල ගෝත්‍රවලට අයත් මානවයන්, විවිධ යූගවලට අයත් මානවයා. මේ විදිහට මානවයන්ගේ හෙවත් මනූෂ්‍යයන්ගේ ජාති, කුල, ආගම්, බේද රහිතව මානව ඥානයට ගරු බූහූමන් කිරීමේ හෝ ඇගයීමේ හැකියාව අප තුළ ගොඩනගා ගන්නට ඕනෑම ගණදෙවි පූජාවකට ඉස්සර වෙලා.

ඊළඟට ගණදෙවි පූජාවේදි අපි යොදා ගන්නා සෑම වස්තුවක්ම ස්වභාවික පරිසරයෙන් එකතු කරගත්ත දේ බවට පත්වෙන්න ඕනෑ. ඒ අතරදී ඒ පූජාවට යොදාගන්නා භාණ්ඩවලින් දක්වන පූජාවේදී අපි ස්තූති පූර්වක ඥානය අපේ මනූස්‍යත්වය පූජනීය පැතිකඩ අතීත මානව වංශය වෙනූවෙන් පූජා කළ හැකි කායික ක්‍රියාවන් කොටසක් හරහා මානසික ක්‍රියාවක් බවට පත්කරවන ක්‍රියාකාරකම් එම පූජාව තුළ ඇතුළත් වෙන්න ඕනා.

ඒ නිසා තමයි කලාත්මක වූ මිනිසෙක් නිර්මාණය කළ විශාල වූ ඥානයක් තැන්පත් කරගත හැකි විශාල වූ හිසකින් සංකේතවත් කරන අලි හිස, ජීවිතය රස විඳීම ගැන කතා කරන රස කැවිල්ලක් සහිත එක අතක්, ඒත් එක්කම නිර්මාණශීලී බව හඳුන්වා දුන් මෙවලම් සහිත අනෙක් අත, සෑම දෙයක්ම සියූම් ලෙස දැන ගැනීමේ සහ හඳුනා ගැනීමේ ඉව කර ගැනීමේ වටහා ගැනීම කෂණිකව ක්‍රියාත්මකවීමේ ගුණය ගැන කතා කරන සියලුම සංකේතර්ථයින් නිරූපණය කරන මීයාගේ සළකුණ, මේ සෑම දෙයක්ම අපි ඉතා හොඳ ඉවසීමෙන් අවබෝධ කරගතයූතු සංකේතාර්ථයන්. කිසිම දෙයක් අපි හරි හැටි අවබෝධ කරගන්නේ නැතිව නිකම්ම නිකං ඇදහිල්ලකට යාමක්. අනේ දෙවියනේ මට ඥානය දෙන්න කියා හිඟන්නෙක් වගේ පූලන්නෙක් වගේ ඉල්ලා සිටීමයි. එම ගණදෙවි පූජාව කරන මනූෂ්‍යයාට කරන්නට සිද්ධ වෙන්නේ. මෙන්න මේ නිසා තමයි ගණදෙවි පූජාවේදී මූලින්ම ගැඹූරු ආශ්වාසය ඃ ප්‍රාශ්වාසය හරහා හූස්ම වාර 49 ක් ගෙන භාවනාත්මක වෙන්න කියලා මූලින්ම කියන්නේ.

ඊළඟට පහන් දැල්වීම, කිරිවලින් ස්නානය කරවීම, ගණදෙවියන්ගේ රූපය ජලයෙන් සහ බෙලි පත්‍රවලින් ස්නානය කරවීම, උක් පැණිවලින් ස්නානය කරවීම, බෙලි යූෂ, දිවූල් යූෂ, අඹ යූෂ, සූදු හඳුන් යූෂ, සූදු හඳුන් දියර, කහ වෙනිවැල් මිශ්‍ර සූවඳ ඖෂධ ද්‍රාවණයේ ස්නානය කරවීම මේ සෑම දෙයකිින්ම කියවෙන්නේ ඒ සෑම ද්‍රව්‍යයකම අඩංගු අපේ ජීවිතයට සම්බන්ධ බව යොදා මේ උත්තරීතර මහා ජන පූජාව ආදී සියලු ඥානවන්ත මානව වර්ගයා සමගින් පූජනීය වූ මානසික වූත් මනෝමය වූත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම.

අනික මෙහිදී බෙලි පත්‍ර, බෙලි යූෂ, අඹ යූෂ, දිවූල් යූෂ වැනි මේවායේ තිබෙන සූගන්ධය අපේ මනස යම් ඒකාත්මිකභාවයකට ගෙනියනවා. ඇල්ෆා තත්ත්වයට පත්වීමට උදව් කරන වාෂ්පශීලී රසායනික සමූහයක් මෙම විවිද ද්‍රව්‍යවල අඩංගු වන නිසා. ඒත් එක්කම සූදු පැහැයෙන් ස්නානය කරන කිරි, වර්ණ අන්දතාවයට වැඩියෙන්ම ගොදුරු කරන කහ වර්ණයෙන් කරන සහනයත් අපේ අවධානය අපේ දෘෂ්ටික ස්නායූව හරහා මොළයේ විවිධ ප්‍රදේශ උත්තේජනය කිරීමත් පැහැදිලිවම මෙතැනදී සිද්ධවෙනවා. මේ සියලු කාරණා කරද්දී ගණදෙවි පූජාවේදී සියලු පි්රිමි අය උඩූකය නිරාවරණය කරගෙනත්, ඉනෙන් පහළ ඉතාම සැහැල්ලු රෙද්දක් ඇඳුම ලෙස ඇඳගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. පූජාවට පෙර පූජාව පවත්වන ප්‍රදේශය මූළුමණින්ම සෝදා පිරිසිදු කර දුම් අල්ලා සහ මූලින්ම විෂබීජ නාශනයට පත් කළ යූතුයි. දැඩි භක්තියාදරයෙන් මේ සියලු දේ පිදීමෙන් කායික ශික්ෂණය හරහා පූජාවකට සූදුසූ මානසික ශික්ෂණය පූජාව පවත්වන්නා තුළ ගොඩනැගෙනවා. මේ නිසා ගණදෙවි පූජාවෙන් යම් වරප්‍රසාදයක් දිනා ගැනීමට අවශ්‍ය නම් ඔබ ඒ සඳහා පියවරින් පියවර ඒ සඳහා සූදානම් විය යූතුයි. සූදුස්සෙක් විය යූතුයි. ඒ සූදුසූකම ඔබ පියවරෙන් පියවර භෞතික, කායික අභ්‍යාස හරහා මනෝකායික වශයෙන් අත්දකින්නට පූළුවන්කම තිබිය යූතුයි. ඒ නිසා තමයි කියන්නේ පූංචි ළමයින්ට ගණදෙවියන්ට කෙළි සෙල්ලම් කරන්න ඉඩ දෙන්න කියලා. පූංචි ළමයි සෙල්ලම් කරන ඉසව්වක ගණදෙවියන්ගේ පිළිරුවක් නැගෙනහිර හෝ උතුරු දිශානතියන්ට මූහූණ ලා පිහිටූවන්නට කියලා කියන්නේ ඒ නිසයි. පූංචි අයගේ සිත ඉතාම මෘදුයි. මොළොක්. නිදහස්. ඒ නිදහස් සිතින් මනසින් මූදා හැරෙන සිතුවිලි තරංග දිව්‍යමය වූ ගුණය සමග සම්බන්ධයි. ඒ නිසාම කුඩාවූන්ට ආදරය වූ ඒ ආදී මූතුන් මිත්තන් ප්‍රඥාවන්ත නිර්මාණකරුවන් කුඩාවූන්ගේ මනස සමග යම් ආකාරයක සබඳතාවයකින් කොටසක් ගොඩනගා ගන්නවා පූංචි අය සෙල්ලම් කරද්දී. ඒ හරහා පූංචි වූන්ගේ මනස තුළට නිර්මාණශීලීව ගණිතය ඇතුලු ක්‍රියාකාරකම්වලට අවශ්‍ය කරන මොළයේ ප්‍රදේශ උත්තේජනය කරනවා කියන එකයි පූංචි ළමයි ගණදෙවි පිළිමයක් සහිත ස්ථානයක කෙළි සෙල්ලම් කරවන්නට යොදවන්න, යොමූ වෙන්න කියන එකෙන් අදහස කරන්නේ මේ සියලු රහස් තාකෂණයේ සියලු රහස්, විද්‍යාවේ සියලුම රහස් අනාගතය සරුසාර කරන මේ සියලුම රහස් මේ විශ්වයේ, මේ වායූගෝලයේ, මේ පොළව මත සැඟව පවතින දේවල්. ඒවා ඒකරාශි කොට යම් රටාවකට එකලස් කළ පසූ නව මෙවලම්, නව සමීකරණ, නව පහසූකම් මානව වංශයට ලැබී තිබෙනවා.

දුරකතනය නොදුටූ ග්‍රැහැම්බෙල් එවකට සොයාගෙන තිබූණ ලෝහ කැබලි සහ වයර් කැබලි යම් රටාවකට එකලස් කළ නිසා දුරකතනය නමැති මෙවලම හදාගන්න ඔහූට පූළුවන් වූණා. එය අදටත් අපේ ජීවිත පහසූ කරනවා. තමන් ජීවත්වෙන පරිසරයේ වටපිටාවේ ඇති අනන්ත අප්‍රමාණ සම්පත් යම් රටාවකට පෙළගැස්වීම සඳහා ඒ සෑම දෙයක්ම පිළිබඳව ගැඹූරු අවධානමක් වීමත් ඒ සඳහා දරුවා යොමූ කිරීමයි ගණදෙවි පූජාවෙන් ගණදෙවියන් සමග ඇසූරින් එදා වැඩිහිටියන් බලාපොරොත්තු වූණ ලොකුම කාර්ය. නමූත් අද අපි ගණදෙවි පූජාව සඳහා ළමයෙක් වාඩි කරවන්නේ කොණ්ඩය කපන ස්ථානයකට දරුවෙක් එක්කගෙන යන ආකාරයටයි. ඒ නිසා පෙරහූරු කිරීම් පූහූණූූ කිරීම් කිසිවක් නැති නිසා කුඩා දරුවන්ට හෝ වැඩහිිටියන්ටවත් ගණදෙවියන්ගේ බැල්ම ලැබෙන්නේ නැහැ. මක්නිසාද යත් ඔවූන්ට සිතීමෙන් තොරව බලාපොරොත්තු ඉටූකර ගැනීමේ ඇති හැකියාව සොයමින් ඒවා මිලදී ගැනීමේ සක්‍යතාව දියූණූ කර ගනිමින් ජීවත්වීමට පෙළඹෙවෙන සමාජ චින්තනයක් ගොඩනැගී ඇති නිසයි. මේ ගැන හොඳින් කියවා බලා ඔබට වැටහෙනවා නම් ඔබත් අනාගතය සඳහා පරිවර්තනය වීමට සූදානම් වනවා නම් මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබන්නට අපත් සමග සම්බන්ධ වෙන්න. ඒ වෙනූවෙන් ඔබේ ලිපිනය සහ මූද්දරය සහිත දිග ලියූම් කවරයක් නවලිය කර්තෘ මණ්ඩලය වෙත යොමූ කරන්න.




ආධ්‍යාත්මවේදී සහ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර,


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment