විවාහ ජීවිතය තුළ කාන්තාව පිරිමියෙකු ලෙසින් හැසිරේ නම් එම විවාහ ජීවිතයට වැඩි ආයූෂ නැත



උදාවූයේ අලුත් අවූරුද්දකි. අවූරුද්ද පමණක් අලුත් වූවාට පළක් නැත. අලුත් අවූරුද්දේ අපිද අලුත් විය යූතුය. පරණ වැරදි සියල්ල අත් හැර දමා ඔබ අලුත් වූවහොත් අලුත් අවූරුද්දේ අලුත් ජීවිතයක් පටන් ගැනීමට හැකි අලුත් කාන්තාවක් වෙයි. කතාව කීමේ පහසූව පිණිස මම ඇය සූවිනීතා ලෙස නම් කරමි. ඇය විවාහ වූයේ පේ්‍රම සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙසය. ඇගේ සැමියා ජගත් ලෙස හඳුන්වමි. ඔවූන් දෙදෙනා එකම පාසලේ එකම පන්තියේ අකුරු කළහ. මූලින් ඔවූන් හොඳ මිතුරන් වූ අතර පසූව එය පේ්‍රම සම්බන්ධතාවක් දක්වා දුර දිග ගියේය. සූවිනීතාගේ දෙමාපියන් ජගත්ට අකැමැති වූයේ ඔහූ කතෝලික වූ නිසාම නොවේ. ඔහූ ඉවක් බවක් නැතිව ගැහැනූ ළමයි ඇසූරු කරන බව අතැමූන් කී කතා නිසාය. එහෙත් ජගත් කෙරෙහි ඇගේ සිත තුළ වූ ආදරය ප්‍රබල විය. ඒ නිසා ඇය දෙමාපියන්ගේ විරෝධයද නොතකා ජගත් හා විවාහ වූවාය.

දෙමාපියන් කී කතාවේ ඇත්ත නැත්ත ඇයට තේරුණේ විවාහ වී ටික කලක් ගත වෙද්දිය. ඔහූ ගණන් පදන් නැතිව ගැහැනූ ළමයි ඇසූරු කළා පමණක් නොව අසීමිතව මත්පැනටද ලොල් වී සිටියේය. ජගත් ඉපයූ සෑම සතයක්ම වියදම කළේ මත්පැන් හා ගැහැනූ ළමයි සඳහාය. සූවිනීතාත් රැකියාවක් නොකළ නිසා නිවසේ වියදම් පිරිමසා ගැනීම අතිශය දුෂ්කර විය. ඒ නිසා නිරන්තරයෙන්ම දෙදෙනා අතර අඩදබර ඇති විය. ඒ අතරවාරයේ සූවිනීතා ගැබ් ගත්තාය. දරුවා නිසා හෝ ජගත් වෙනස්වෙනූ ඇතැයි සිතුවද එය එසේ නොවීය. ඔහූ දිගින් දිගටම තම පරණ පූරුදු ජීවිතයම ගෙන ගියේය. මේ සියලු දුක් වේදනා තනිවම විඳ දරා ගැනීමට සිදු වූ නිසාදො සූවිනීතා බිහි කළ දරුවා මන්දබූද්ධික විය. ජගත් තව තවත් සල්ලාල ජීවිතයකට යොමූ වෙද්දි සූවිනීතා මන්දබූද්ධික දරුවා සමග නිවසේ හූදකලා වූවාය. හූදෙකලා වී හිඳින මොහොතක තමාට මෙසේ සිදුවූයේ කුමක් නිසාදැයි ඈ කල්පනා කළාය. තමාට වැරදුණේ ඔහූව විවාහ කරගත් නිසාද?

එසේ නැතහොත් විවාහ ජීවිතය ගත කළ ආකාරය වැරදි නිසාද යන්න කල්පනා කළාය. වරද කොතැන වූවත් නැවත ඒ වැරදි සකස් කළ නොහැකි නිසා ඔහූගෙන් වෙන්ව ආගමික ජීවිතයක් ගත කළ යූතු යැයි ඈ තීරණය කළාය. ඒ තීරණයත් සමග ඈ අසල ආරණ්‍යයක විසූ දසසිල් මාතාවක් වෙත ගියාය. ඈ මා වෙත යොමූ කළේ එම දසසිල් මාතාවයි.

එහිදී මා මූලින්ම කළේ ඇතිවන්නා වූ අනේක විධ දුක්ඛ දොමනස්සයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ඈ තුළ වර්ධනය කිරීමයි. ඇගේ මනස සවිබල ගැන්වීමයි. ස්වාමියාගේ දුර්වලතා හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කරගන්නවාත් සමගම ඔහූගේ දුර්වලතාවලට මූහූණ දීමේදී ඈ තුළ පවතින දුර්වලතා හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට මාර්ගය පෙන්වාදීමයි. ඒ තුළින් යහපත් අන්තර් සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට ඇයට හැකිවිය. මේ තුළ පියවර කිහිපයක් ඉදිරියට යන විට ඇයට සහනයක්සේම ආත්ම තෘප්තියක් ද ලැබූණි. ඒ සමගම ඔහූව වෙනස් කළ හැකියි යන සූභවාදී සිතුවිල්ල ඇය තුළ ඇති විය. ජගත්ගෙන් දික්කසාද වෙමියි තරයේ අදිටන් කරගෙන සිටි සූවිනීතා තමාද වෙනස් වෙමින් ජගත්වත් වෙනස් කර ගැනීමට තීරණය කළාය. අතීතයේ දී ඈ මූහූණ දුනූ අමිහිරි අත්දෑකීම් විටින් විට ඉස්මතු වෙමින් ඇගේ ඒ සිතුවිල්ල වරින් වර වෙනස් විය. ඒ නිසා ඇගේ සිත තුළ වූ චිත්තවේගී ආතතිය දුරු කර ගැනීමට අපි ඇයට උදව් දුන්නෙමූ. ඒ තුළින් ඇගේ සිත තුළ තිබූ චිත්ත වේගී ආතිතය ක්‍රමානූකූලව අඩූ විය. ජගත් නිසා ඇය මූහූණ දුන් අසූභවාදී හා ආසා නොකරන සිද්ධි නිසා ඇති කළකිරීම සමනය විය. අතීතයේදී ඔහූ අතින් සිදුවූ වැරදි ඔහූගේ දුර්වලකම් නිසා ඇති වූවක් බව ඇය තේරුම් ගත්තාය. ඒවා ඇගේ වර්තමාන ජීවිතය සඳහා ප්‍රශ්නයක් කර නොගන්නා තත්ත්වයට ඇයව පත් කළෙමූ. ඉන්පසූ ඔහූ අතින් සිදුවූ වැරදි ඔහූගේ මානසික දුර්වලතාවක් නිසා ඇතිවන ඒවා ලෙස සලකා බැහැර කිිරීමට ඈ පූරුදු වූවාය.

ඉන් අනතුරුව සැමියාගේ පෞරුෂය වර්ධනය කර ගැනීම සඳහා ප්‍රතිඵලදායක හා ගැලපෙන ක්‍රියාවලියකට ඇයව යොමූ කළෙමූ. ඒ අනූව ඇය සැමියාට ප්‍රියමනාප අන්දමට ඇඳීමට පැළඳීමට පූරුදු වූවාය. එපමණක් නොව ඔහූට ප්‍රියමනාප අන්දමට ගේ දොර හැඩ වැඩ කළාය. ඔහූට ආදරයෙන් කතාබහ කරමන් සැලකුවාය. එයින්ද නොනැවතී නිවසේ සිට කුලියට ඇඳුම් මසමින් සැමිියායට ආර්ථික වශයෙන් ශක්තියක් වූවාය. සැමියාගේ ඥාතින්ට හැකි ඉහළින්ම සංග්‍රහ කළාය. සූවිනීතාගේ මේ වෙනස් වීමත් සමග ජගත්ද ටික ටික වෙනස් වන්නට විය. ඔහූ වෙනදාට වඩා සූවිනීතා කෙරෙහි සැලකිල්ලක් දෑක්වීමට පූරුදු වූයේය. මෙතරම් හොඳ බිරිඳක් සිටියදී වෙනත් කාන්තාවන් ඇසූරු කිරීම පිළිබඳ පසූ තැවූණේය. ඔහූ තමාගේ සියලු වැරදි අත් හැර දමා සූවිනීතා සමග යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමට පෙළඹූනේය.

සූවිනීතාට පමණක් නොව ඔබටද ජීවිතයේදී ඇතිවන ගැටලුකාරි අවස්ථාවන්ට ඵලදායි ලෙස මූහූණ දීමට හා සූදුසූ තීරණ ගැනීමට හැකියාවක් තිබේ. නමූත් අපි අතර සිටින කාන්තාවන්ගෙන් බහූතරයක් ඒ හැකියාව අවබෝධ කරගෙන නැත. සැමියාගේ වරදක් දුටූ තැනදී ඔහූට කෑ ගසා බැන වැදී එම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ දරණයි. එයින් සිදුවන්නේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සීමය. ඔබ මූලින්ම කළ යූත්තේ ඔබ කාන්තාවක් බව අවබෝධ කර ගැනීමයි. ඔබත් පිරිමියෙක් සේ හැසිරෙන්නට ගියහොත් ඔබේ විවාහ ජීවිතයට වැඩි ආයූෂ නැත. ඒ නිසා සැමියාගේ දුර්වලතා හා ප්‍රබලතාද ඔහූගේ රුචි අරුචිකම් ද මනාව ඔබ වටහා ගත යූතුය. ඔහූගේ යම් වරදක් දුටූ තැනදී බොහෝ ඉවසීමෙන් කටයූතු කර ඔහූගේ වරද ඔහූටම අවබෝධ කර ගැනීමට ඉඩ දිය යූතුය. එසේ කටයූතු කළහොත් ඔබටත් මේ නව වසරේදී නවලියක් වීමට හැකිවනූ ඇත.

වෘත්තීය මනෝ සාමාජිය උපදේශක
රිඩ්ලි ජයසිංහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පූහූණූ)
ජාතික සමාජ සංවර්ධන ආයතනය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment