කාන්තාවන් ආරක්ෂා කරන පත්තිනි මෑණියෝ


පත්තිනිිි මෑණියන් හත් වරක් , දොළොස් වරක් මෙලොවට පහළ වූ බව පැවසෙනවා. පත්තිනි මෑණියෝ අනාගතයේ බූදුවන්නට පෙරුම් පූරන කෙනෙක්. ඇය සඳහා දේවාලයක් නවගමූවේ ඉදිකර තිබෙනවා.

නවගමූවේ, හිම දේව මාලිගාවේ, මළ උළුවස්සේ කොස් ගෙඩියක් හටගත් කතාව ඔබ දන්නවාද?

නවගමූව දේවාලයේ කොස් ලීයෙන් ඉදිකළ උළුවස්සක් තිබෙනවා. එම උළුවස්සේ කොස් ගෙඩියක් හටගත්තාලූ. කොස් ගසක මිස උළුවස්සක කොස් ඵල හටගන්නා බවක් අපි අසා නැහැ. මෙය පත්තිනි මෑණියන්ගේ හාස්කම් බලයෙන් සිදුවූ බවයි විශ්වාස කෙරෙන්නේ.

අසරණ මනූස්සයෙක් දේවාල භූමියේ බොහොම කුසගින්නේ කාලය ගතකළා. ටික වෙලාවක් යනකොට වරකා සූවඳක් මේ මිනිසාට දෑනූණා. ඔහූ මේ සූවඳ ඔස්සේ සොයා ගෙන යනකොට දේවාලයේ උළුවස්සක ලොකු වරකා ගෙඩියක් හට ගෙන තිබූණා. මේ මනූස්සයා වරකා ගෙඩිය උළුවස්සේ තිබියදීම කොටසක් කපලා ගත්තා. අරගෙන ඉන් කොටසක් දෙවියන්ට පූජා කළා. ඉන් පස්සේ ඔහූත් වරකා ආහාරයට ගත්තා. මේ මිනිසා බොහොම දේව භක්තියෙන් සිටි අයෙකු නිසා ඔහූගේ කුසගිනි නිවන්නට වරකා ගෙඩියක් හටගත් බවයි ජනප්‍රවාදයේ තිබෙන්නේ.

පත්තිනි මෑණියන් එපමණටම හාස්කම් සිදුකරන අසරණ අයට පතිවෘතාව රකින කාන්තාවන්ට පිහිට වෙන දෙවි කෙනෙකු බවයි ඉතිහාසය පවසන්නේ.

ඔබට මතක ඇති පත්තිනි මෑණියන් තමන්ගේ සැමියා මරාදෑමූ අවස්ථාවේ වම් පියයූර කඩා පොළොවේ ගසා ශාප කළ අවස්ථාව.

මේ හේතුව නිසා කාන්තාවන්ගේ වම් පියයූර දකුණට වඩා මදක් කුඩා බවයි පැවසෙන්නේ.

කිරි අම්මා දානය දෙන්නෙත් පත්තිනි මෑණියන් වෙනූවෙනූයි. මෙයට කිරි අම්මාවරු හත් දෙනෙක් සහභාගි වෙන්නේ පත්තිනි මෑණියන් හත් වරක් උපත ලැබූ බව සිහි කරමින්. ඒ වගේම දේවතාවියන් වඩින වෙලාවට දානය දීම සිදු කරනවා. කොස් කොළේ නැටිට පෙනෙන්නට පෙර දානය දී නිම කළ යූතුයි. මේ එක් කිරි අම්මා කෙනෙකුට එක් ආහාරයකින් හත බැගින් කැවිලි කිරිබත් කෙසෙල් ආදිය පිරිනමනවා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

2 comments :

  1. මහානුභාව සම්පන්න සත්පත්තිනි දේව මෑනි පිහිට ආරකෂාව ලැබී ඔබ මගේ පැතුම් ඉටුවේවා !

    ReplyDelete