යන්තමින් දන්නා හඳුනන පිරිමින් අතරමඟදී ඔබට සමීප වීමට වෙර දරන හැටි දන්නවාද?



වැරදි හමූවීමක්

වර්තමාන සමාජයේ සිටින බොහෝ පිරිමින් අතරමඟදී හමූවන කාන්තාවක යම් තරමකින් සමීප වූවොත් සිතන්නේ ඇය වෙතින් අනූරාගී සතුටක් විඳිය හැකි බවය. මෙම පදනම මත බොහෝ පිරිමින් සමාජයේ සිටින කතුන් දෙස බලන්නේ එම අරමූණෙන්ම පමණි. එහෙයින් එම අරමූණ කරා ගමන් කිරීමට පිරිමින් කතුන් විවිධ ක්‍රම තුළින් ළංවන අන්දම ඔබ හඳුනා ගෙන සිටිය යූතු වේ.

මෑතකදී මා දන්නා එක්තරා යූවතියකට දුම්රියේදී හමූවූයේ පාසලේදී එකම පන්තියේ සිටි තරුණයෙකි. එහෙයින් ඇය තමා සමග ඉගෙනූම ලද සෙසූ මිතුරු මිතුරියන් පිළිබඳව ඔහූ සමග කීවේද කලෙකින් තොරතුරක් නොලද අය ගැන විමසූවේද පාසල් වියේ සූන්දරත්වය යළි සිිහියට නගා ගැනීමේ අදහසිනි. අවසානයේදී ඇය තම දුරකතන අංකය ඔහූට ලබා දුන්නේ තම පන්තියේ එකට ඉගෙනූම ලැබූ සහෝදරයෙකු වීමෙනි. නමූත් ඒ වෙද්දි සිදුවූයේ ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩ දුරකතන ඇමතුම් ලබා දෙමින් හා අතරමග රැඳී සිටීමෙන් ඔහූ කරදරයක් බවට පත්වීමෙනි.එවැනි උදාහරණ බොහොමයක්ම ඉදිරිපත් කිරීමට හැකිය. කතුන් වූ ඔබට පිරිමින් සමීප වීමට උත්සාහ දරන ක්‍රම කිහිපයකි. පාසල් වියේදී එකම පාසලේ එකම ප්‍රදේශයේ හෝ දුම්රිය බස් රියේ ගමන් කළ හෝ කොහේ හෝ වරෙක හමූවූ පූද්ගලයෙකු යළි හමූවූ විටදී සිදුවන කතා බහකින් පසූව සමීප වීමට උත්සාහ දෑරීමට හැකිය.

දෙවනූව දෙදෙනාම දන්නා හඳුනන අයෙකුගේ නිවසේදී මංගල හෝ අවමංගල්‍ය උත්සවයකීද හෝ අන් අයකෙු මාර්ගයෙන් හඳුනාගත් අයෙකු නැවත හමූ වූ විටදී මිත්‍රවීමකට උත්සාහ දෑරීමට හැකිය.

තෙවනූව තමාගේ පවූලේ සාමාජිකයෙකුගේ විවාහය හේතුවෙන් සම්බන්ධ වූ වරක් දෙවරක් හමූ වූවෙකු අහම්බෙන් හමූ වූ විටදී සූහදව කතා බහ කිරීමට හැකිය.

සිව් දෙවනූව තමාගේ මිතුරෙකු හෝ මිතුරියක ගේ හිතවතකු වීමෙන් නමූත් කෙදිනක හෝ හමූනොවූවෙකු ඒ මොහොතේදී මිත්‍රවීමෙන් හෝ යම් උදව්වක්. කිරීමට පොරොන්දු වීමෙන් මිත්‍රත්වයක් ගොඩ නගාගැනීමට උත්සාහ ගනී.

පසූව කෙදිනක හෝ නාඳුනන හෝ කිසිදු සම්බන්ධාතවකින් තොරව අතරමගදි හඳුනාගත් අයකු විස්තර කතා බහ කරද්දි එකිනෙකා දන්නා හෝ සමීප ඥාතින් අනෙකාද හැඳිනීමෙන් ඇතිවන හිතවත්කම හේතුවෙන් අනවශ්‍ය ලෙසින් සමීප වීමට උත්සාහ දෑරීමක් සිදුවීමට හැකිය.

නොසිතු දෙයක්

යම් යම් මාර්ගවලින් හඳුනාගත් පූද්ගලයෙකු අහම්බෙන් මඟ තොටකදී හෝ ප්‍රවාහන සේවයකදි හමූ වූ විටදී ඇය සූහදව කතා බහ කරන්නේ වරදක් වේ යැයි නොසීතීමෙනි. දුරකතන අංකය ඉල්ලු විටදී එය ලබා දෙන්නේ එයද අද සාමාන්‍ය දෙයක් බවට පත් වීමෙනි. නමූත් බොහෝ අවස්ථාවලදී එම පූද්ගලයන් ඔබ සමග සම්බන්ධ වන්නේ හා කතාබහ කරන්නේ ඔබ සිතන අන්දමට නොවේ. ඔබේ අරමූණෙන් නොවේ.

එසේ ඔබේ ජීවිතයට සම්බන්ධ නැති කාලයක සිට නොහඳුනන හදිසියේ කෙටි හිතවත්කම අලුත් කරගත් පූද්ගලයන් ඔබට සමීප වීමට උත්සාහ දරණ ක්‍රමයන් හඳුනා ගැනීම වැදගත් වේ. අහම්බෙන් හමූවූවද ඔහූ ඇගයීමට වෙර දරන්නේ නිතරම එම මාර්ගයේ යන්නකු ලෙසිනි. මන්ද ඔහූට ඉදිරියේදී ඔබ යන එන වෙලාවට එවිට රැඳී සිටීමට හැකි වේ. එයට අමතරව ඔහූ යන්තමින් ඔබට මතක ඇති පූද්ගලයෙකු නම් කරන්නේ ඔබද මතක ඇති බව අගවමින් තොරතුරු විමසීමය. එවිට කෙසේ හෝ අවසානයේදී පැමිණෙන්නේ ඔබේ සමීපතම ඥාතියෙකු හෝ මිතුරෙකු හොඳින් දන්නා අයෙකු සේය.

කාන්තාවන්ට සමීප වීමේ තවත් උපක්‍රමයක් ලෙසින් පිරිමින් භාවිත කරන්නේ තමා සමග දුම්රියේ හෝ බස්රියේදී ගමන් කරන කාන්තාවක සමග කෙසේ හෝ කතාවට වැටීමය. ඒ සමගම ඇගේ තොරතුරු විමසන්නේ ඔහූගේද තොරතුරු පවසමිිනි. ඒ සමගම ඇය දන්නා පූද්ගලයන් හෝ කාර්යාලීය ප්‍රධානීන් ඔහූද දන්නා බවක් අඟවනූ ඇත. බොහෝ විට ඔවූන් හැසිරෙන්නේ බලයක් හිමි දේශපාලනඥයන් හෝ ජනප්‍රිය කලාකරුවන් හඳුනන කලාකරුවකු හෝ උසස් රැකියාවක යෙදෙන්නෙකු සේය. ඇයට හෝ ඇගේ පවූලේ සාමාජිකයන්ට උදව් කිරීමට හැකි අයකු සේ පෙනී සිටීමද ඔහූගේ ස්වභාවයයි.

විනීතකමින් පිරිමි

මෙම පූද්ගලයන් බොහෝ විනීත සූන්දරව තෙපලන ආචාරශීලී පූද්ගලයන් ලෙසින් හැසිරෙන්නේ කාන්තාවන්ගේ වැඩි ආකර්ඃණීය බවක් ලැබීමටය. එයට අමතරව අසාධාරණයට එරෙහි වීරත්වයෙන් පිරි පූද්ගලයකු සේම දෑනූම අවබෝධයෙන් පිරි පූද්ගලයෙකු ලෙසින් හැසිරීමටද හැකිය. එහෙයින් කාන්තාවන්ට සමීප වීමට උත්සාහ දරණ මෙම පිරිමින්ගේ ගතිගුණ ප්‍රතික්ෙඃ්ප කිරීම තරමක් අසීරු වේ.

මෙවැනි යන්තමින් හඳුණන වරක් දෙවරක් පමණක් යම් ස්ථානයකදී දෑක ඇති දන්නා අයකුගේ හිතවතකු හෝ ඥාතියෙකු වූ පිරිමියෙකු කතා බහ කිරීමෙන් ඔබට සමීප වූ විටදී ඔහූව මඟ හැරීම ඔබට තරමක් අසීරු වේ. මන්ද අතරමගදී එක දවසක් හෝ පමණට වඩා සූහදව මිත්‍රත්වයක් ඇති කර ගත් විටදී ඔහූ සෙසූ දිනවලදී ඔබ හමූවට පැමිණේ. බොහෝ පිරිමින් අහම්බෙන් ඔබ හමූවට ආ බවක් ඇඟවූවද සිදුවන්නේ සිතාමතාම ඔබ එන මගෙහි රැඳී සිටීම විය හැකියි. එයට අමතරව ඔබ කතා නොකර සිටියොත් එසේ කරන්නේ ඇයිද යන්න ඔහූගේ විමතියට හේතු වේ.

තවද ජංගම දුරකතන හෝ කාර්යාලයේ දුරකතන අංකය ලබා දුන්නොත් ඔබේ නම පැහැදිලිවම ප්‍රකාශ කළොත් එයට ඇමතීමටද හෝ උදව්වක් ඉල්ලා සිටීමට හැකිය. නොමැති නම් කාර්යාලයට පැමිණීමට හැකිය. ආපසූ රැකියාවෙන් පසූව නිවසට යන වෙලාවේ හා ගමන් මාර්ගය ඔබ විස්තර කළොත් ඔහූ සැදැවේ අතරමග රැඳී සිටීමටද හැකිය.

මේ සියලු දේ තුළින් ඔහූ ඔබට කරදරයක් බවට අවසානයේදී පත්වීමට හැකිය. ඔහූ ඔබේ විශේඃිත ලක්ඃණයකට ආදරය කරන බව ඇඟවීමට හෝ ඔබ සමග මඳක් නිදහසේ කතා කිරීමට ප්‍රිය බවක් දෑන්වීම ඔහූගේ අවසාන ඉලක්කයන්ය. ඒ සියලු දේ හිසරදයක් බවට ඔබට අබෝධ වෙද්දි ඔහූ ඔබ පසූපසින් පැමිණීම අරඹා තිබීමට හැකිය. එහෙයින් එසේ වැඩිපූර නාඳුනන පිරිමින්ට සමීප වීම දුරකතන අංක ලබාදීම හෝ සේවය කරන කාර්යාලය හා අංශය පැවසීම වරදක් බව ඔබට වටහා ගත හැකියි.





Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment