මතුපිට ස්වභාවය අනූව සම හඳුනාගනිමූ


සම මතුපිට ස්වභාවය අනූව ඒවා හඳුනාගැනීම අපට පූළුවන. ඒවායේ ස්වභාවය වගේම පැවැත්ම හඳුනා ගන්නේ කෙසේදැයි සාකච්ඡා කරමූ.

සාමාන්‍ය සම

වෙල්වටි රෙද්දක ස්වභාවය ගන්නා පැල්ලම් රහිත තෙතමනය සහිත ලස්සන සම සාමාන්‍ය සම ලෙස හැඳින්වේ. බොහෝවිට රෝස පාටට හූරු පෙනූමක් ගෙන දෙන මෙම

සම කාගේත් අවධානයට ලක්වේ. මෙවැනි රෝස පැහැති පෙනූමක් ඇතිවන්නට බලපාන්නේ ශරීරයේ රුධිරය හොඳින් සංක්‍රමය වන නිසාය.

මේ සමේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අප හැඳින්වූවත්, ඉතා දුර්වල සමකි. සම පවත්වාගෙන යන්නට මහන්සි විය යූතුය.

වියලි සම

සාමාන්‍ය සමට අමතරව අපේ අවධානයට යොමූවිය යූත්තේ වියලි සමය. මේ සම ඉතා වියලි ස්වරූපයක් ගන්නා අතර මෙය බොහෝ දුරට ඉතා සංවේදීය. පහසූවෙන් රැළි ඇතිවිය හැකි සමකි. මෙය සේදූවිට තද ගතියක් දැනේ. මෙය කිසි විටෙකත් දිදුළන ගතියක් නොගනී. සමට අවශ්‍ය ප්‍රමාණයට සීබටි නිෂ්පාදනය නොකරයි. තිබෙන තෙල් ප්‍රමාණයත් ඉක්මණින් වාෂ්පවීමෙන් සම තවත් වියළි වේ. සූළඟ, තාපය, හිරුඑළිය, හා වායූසමනය සම තවදුරටත් වියළයි. මෙය හඳුනාගන්න පහසූම දේ නම් කම්මූල් ප්‍රදේශය, ගෙල හා ඇස් අවට වියලී තිබීමයි.

තෙල් සහිත සම

සම රළුය. ඝණකම්ය. දිලිසෙයි. ස්පර්ශ කළ විට තෙල් ස්වභාවයක් ඇත. කලු ලප, සූදු ලප, විශාල බිබිලි සහ කුරුලෑ සෑදීමට ඉඩ ඇත. මෙය ඕනෑම වයස් කාණ්ඩවල දැකිය හැක. සමේ තෙල් ග්‍රන්ථ සීබටි නිෂ්පාදනය කරයි. හෝර්මෝන වැඩියෙන් ශ්‍රාවය වනවිට හොඳින් බලාගතහොත් තෙල් සහිත සම හැකිලී රැළි නොවැටෙන නිසා එය ඉතා වටිනා සමක් ලෙස සැළකිය හැක. ලෙහෙසියෙන් හඳුනාගත හැක.

මිශ්‍ර සම

ටී සෝන් ප්‍රදේශයේ තෙල් සහිත වන අතර කම්මූල් වියළී හෝ සාමාන්‍ය වේ. අප අතර බහූලව දක්නට ලැබෙන සම මෙයයි. නාසය, නිකට සහ මූහූණෙන් මධ්‍යම කොටස තෙල් සහිත වන අතර කම්මූල, ගෙල, නලලේ දෙපැත්ත වියලි සාමාන්‍ය වේ.

සංවේදී සම

මෙම සම ඉක්මණට හානිවේ. නහර කැඩීයාම හා සම රතුවීම, සූළු ගැටූමකින් හෝ තුවාල වීම සිදුවේ. බොහෝ ආලේපනවලට අගුණ ලෙස ප්‍රතික්‍රියා කරයි. මෙම සම වියලි හෝ තෙල් සහිත වීමට ඉඩ ඇත. සීතලට, තාපයට සබන් හා ආලේපනවලට බරපතල ලෙස ප්‍රතික්‍රියා කරයි. මෙවැනි සමකට ප්‍රත්ිකාර කරන විට ප්‍රවේශම් විය යූතුය. වැරැදි ආලේපනයක් ගෑ විටදී රෝහල් ගත කිරීමටද සිදුවිය හැක.

ඉහත ඇත්තේ සම පිළිබඳව ඉතාමත් කෙටි හැඳින්වීමකි. මෙය නිසි ආකාරයෙන් අවබෝධ කරගත හොත් හා ඉගෙන ගතහොත් සේවාදායකයින්ට ඉතාමත් හොඳ සාධාරණයක් කරමින් සේවයක් සැපයිය හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment