අත්තිවාරම දමා කලක් ගතවී ඇතත් ඔබටත් තවම නිවස සාදා ගන්නට බැරිවෙලාද?




ගෙයක් සෑදීමට ඉඩමක් මිලදී ගන්නා අය පළමූව ඉඩමේ පිහිටීම ගැන සැලකිලිමත් වන්න ඕනා. හෝදාපාළු ඉඩමක් ගත්තොත් ගල් වැටි බැද පස් පූරවා නිසිපරිදි සකස් කළ යූතු වනවා. ඒ වගේම සමචතුරශ්‍ර ආකාර හෝ සෘජූකෝණාශ්‍ර ඉඩම් ගැනීම පදිංචියට ඉතා හොඳයි. එසේ නැතිව එල් අකුර වැනි ඉඩම් තුන් මූලස් ඉඩම්, කොන් හත, අට ඇති ඉඩම් නොගෙන සිටීම වැදගත් වෙනවා. එසේ ගන්නට සිදුවූවහොත් හෝ මිලදී ගෙන ඇත්නම් නිවස සාදන ප්‍රදේශය බැමි දමා හෝ වැටගසා හෝ සමචතුරශ්‍ර ආකාරයට සකස් කරගත යූතුයි. ඉන්පසූ නිසි පරිදි ඇඳගත් ප්ලෑනකට අනූව නිවස සාදන්න. ගෙයි ප්ලෑනේ පොරෝ හැඩය ඇත්නම් ඒවාත් තබා ගන්න එපා. මේ හැර තවත් දෝෂ දොරවල් තැබීම නිසාද ඇති වේ. ඒවාද මඟ හැර ගත යූතුයි. වහල පරාල ගැසීම නිසාත් විවිධ දෝෂ ඇති වේ. ඒවාත් ඉවත් කර ගැනීම කළ යූතුයි. විශේෂයෙන්ම ගෙයි අය වැඩි යූතුයි. ගෙයි පිටින් පිට දිග පළලින් වැඩි කර එය අටෙන් වැඩි කර දොළහෙන් බෙදා එන ශේෂය අය බව සලකන්න. ගෙයි දිග පළලින් වැඩි කර එය නවයෙන් වැඩි කර දහයෙන් බෙදු විට ඉතුරු වන ශේෂය වැය බව ගත යූතුයි. මේ අනූව අය වැය බලාගත හැකිය. අය අඩූනම් කොහෙත්ම හොඳ නැත.

ගෙට ලිඳේ කොන් හෝ ප්‍රධාන යට ලී කෙළින් වැටී ඇත්නම් එයද අසූබ බව සලකන්න. එය නිවැරදි කර ගත යූතුයි. අප මෙතෙක් කතා කළේ ඉඩමක් නිවසක් ඇති අයගේ යහපතට කරුණූ කිහිපයකි.

බොහෝ විට අත්තිවාරම දමා අවූරුදු දහය පහළොව ගස් වැවෙමින් පවතින අත්තිවාරම අප දෑක ඇත. එවැනි අත්තිවාරම් ඇති අයට නිවස සාදා ගැනීමට බාධක මග හැරී යන කෙම් ක්‍රමයක් පහත දෑක් වේ.

පළමූව එම අත්තිවාරමේ ඇති සියලුම අපද්‍රව්‍ය ඉවත් කළ යූතුයි. දෙවූනව අත්තිවාරමට තබා ඇති මූල්ගල ඉවත් කර දෑමිය යූතුයි. ඉන්පසූ දිග පළල අනූව නිසි වර්ගයකට සකස් කර ගතයූතුයි.

පොරෝ හැඩය ලෙස සකස් කර ඇත්නම් එය වහා වෙනස් කර ගත යූතු වෙනවා. නැවත මූල් ගලක් තැබීම සඳහා පවූලේ සියලු දෙනාටම ගැලපෙන පරිිදි සූබ නැකතක් සකස් කර ගත යූතුයි. එම නැකතට පළමූව බදාදා දිනක රාත්‍රි කාලයේ හිස් ඉඩක් ඇති ස්ථානයක තෝරාගෙන සූදු රෙද්දක් ගෙන එම ස්ථානයට ඉහළින් කොන් හතරෙන් බැද සකස් කර ගන්න. පසූදා උදේ අළුයම එම රෙද්ද මිරිකා එහි ඇති පිනිදියර කතා නොකර බෝතලයකට රැස් කර ගන්න. ඉන්පසූ පසූ පසට පියවර කිහිපයක් ගොස් අතට හසූවන ගසකින් කොළමිටක් කඩා කොටා වතුර නොදමා මිරිකා පෙර එකතු කරගත් පිනිදියට තිබෙන බෝතලයට දමා ගන්න. මෙම බෝතලය තුළට පස්ලෝවලින් සෑදු කුඩා කූරක් බ්‍රහස්පතින්දා උදේ 6ඃ7 අතර කාලයේදී දමන්න. නතර වූ නිවසේ වැඩ යළි අරඹන විට මෙම බෝතලය මූල් ගල සමග තැන්පත් කරන්න. නිවසේ කටයූතු බොහෝ ඉක්මනින් සිදු වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment