සිසිරගේ මූහූණ තුළ වූ අප්‍රසන්න හැඟීම නිසාම ඔහූ තරහ සිතින් සිටින බව තේරුම් ගැනීමට සූබාට අපහසූ වූණේ නැත.
සිසිර දැන්ද ආවේ..
ඔව්..
පිළිතුර ඉතාම කෙටිය.
හරි වැඩේ සිසිර වූණේ. නිමල්ගේ තාත්තා අන්තරා වෙලා ඊයේ... හෙට අඟහරුවාදා හින්ද අද භූමිදානය කළා. නොගිහින්ම බැරිහින්දා මම ගියා...
හ්ම්.. සිසිර කිසිදු ප්‍රතිචාරයක් නැත. තව දුරටත් මෙතැන රැඳී නිදහසට කරුණූ ඉදිරිපත් කිරීම පසෙක තබා සූබා ගෙට ගියාය. රාත්‍රිය වෙනූවෙන් ආහාර පිසීමටද දැන් කාලය ඇවිදින්ය. සියල්ල පසෙක තබා ඇය සිසිරට උණූසූම් තේ කෝප්පයක් පිළියෙළ කළාය. සිසිර තවමත් හිස් බැල්මෙන් යූතුව ආලින්දයේය.
ආ.. තේ එක බොන්න...
සිසිර කෝප්පය අතට ගත්තේය.
සූබා, මොකක්ද මේකෙ තේරුම. සතියේ දවස් පහම කන්තෝරුවට. සති අන්තයෙත් මොකක් හරි මගුලක්. මරණයක්.. දාන පිංකමක්... කන්තෝරු ඇරිලත් ගෙදර එන්න බෑ.. තවත් ගමනක්... ඉතිං සිසිර මළ ගෙදරක් වූණාම යන්න ඕන නේද? අපි එකට වැඩ කරන කොට එහෙම නොවී පූළුවන්ද? ඔයාගේ කන්තෝරුවෙ මළ ගෙවල් වූණාම කොච්චර දුර ගෙවාගෙන යනවාද? මම ගියෙත් කනත්තට විතරයි. ඒත් නොගිහින් බැරි නිසයි.
අද විතරක් නෙවෙයි... හැමදාම ඔහොමයි. මම කලින් ගෙදර ආවොත් ඔයා ගෙදර නෑ. ළමයින්ට අම්මා නෑ.. ගෙදර පිළිවෙළක් නෑ. ඔයා මඟටම කාලය ගත කරලා ඉවරයි.
අම්මා කෙනෙකු වූණොත් දරුවන් රැකබලාගෙන ගෙදර දොර පිළිවෙලකට තබාගත යූතු ගැහැනියක වීම අවශ්‍යයි. මව් චරිතයේ සැබෑ ලක්ෂණය එයයි. එහෙත්... ආර්ථිකයට උර දෙන කාන්තාවක් වූ විට ගොඩනැගෙන අන්තර් සමාජ සම්බන්ධතාවයක්හිදී එයින් දුරස්ථව සිටීමට මව් චරිතයක් වූ තරමටම ගැහැණියකට අවස්ථාවක් ඇත්ද?
සිසිර ආදරවන්ත ස්වාමි පූරුෂයෙකු වූව ද විටෙක ඔහූගේම නරුම ගති මතු නොවෙනවාම නොවේ. සූබා ඕනෑම දෙයක් කරන්නේ ඒ පිළිබඳ දෙතුන් වතාවක් සිතාමතාය. කාර්යාලයේ වැඩකටයූතුවලදී ප්‍රමාද සිදුවී ආයතන ප්‍රධානින්ගෙන් දොස් ඇසීමට ඇය ඇය මනාප නැත. නමූත් සිසිර එසේ නොවේ. ඕනෑම විටෙක ඔහූ කිසිදු ලෙස විකල්ප අවස්ථා පිරිමැසීමට ඉදිරිපත් වන්නේ නැත. සූබාට හිස ගිනි ගන්නා තරමට රාජකාරී බහූල වූවද, සිසිර තමන්ගේ පාර්ශ්වයෙන් ඒ බර ලිහිල් කරන්නේ නැත. ඔහූට අවස්ථාව ඇතත් දරුවෙකුගේ දෙයක් වෙනූවෙන් පාසල පළාතක යන්නේ නැත. ඔයා නිවාඩූ දාලා අද ඉන්න. සිසිරට ඇති සෘජූ පිළිතුර එයයි.
අද මට යන්නම ඕනෑ සිසිර. ගිණූම් ටික හදලා ඉවරත් නෑ, ටෙන්ඩර් බෝඩ් එකත් 10.00 ට. මේ මොනතරම් වගකීම් තිබූණද සිසිරගේ ස්ථාවරය වෙනස් නැත.
මට ඔය ගෑණූ ඉස්කෝල ගානේ ඇවිදින්න බෑ.
හැමදාම ඉතිං කන්තෝරුව තමයි. අනිත් ගෑණූත් කන්තෝරු යනවා. සිසිරගේ වචන දරුණූය.
කන්තෝරුවේ සිටින බොහෝ කාන්තාවන් සිය පෞද්ගලික අවශ්‍යතා සියල්ල සපූරා ගන්නේ රාජකාරී කාලසීමාව තුළය. මහජන මූදලින් වැටූප් ලබමින් තමා සිදුකරන කාර්යය තුළ සිය සේවාව ඉටූ නොවන්නේය යන චෝදනාව ලැබීමට සූබා සූදානම් නැත. නිවසේ පවතින ප්‍රධාන ගැටූමද එයයි. සූබාගේ රැකියාවේ ඵලදායී බව වගකීම ගැන සිසිර සිතන්නේ ඉතාම අවතක්සේරුවෙන්ය.
සූමානයක් ජීවත්වෙන්න මදි.. මාසයක් වැඩ කරලා ගන්න පඩිය. ඒකට මොකද කන්තෝරුව මත්තෙම නැහෙනවා...
රජයේ රස්සා එහෙම තමා සිසිර.. ඒ වගේද ආරක්ෂාව... විශ්‍රාම වැටූප.
අපි එතකං හිටියොත්නේ විශ්‍රාම ගන්නේ. නිකම්ම මැරිල ගියොත්...
ඉතිං දරුවන්ට හරි ලැබෙනවානේ...
ඕවා ලැබෙනවා කියල ඉතිිං කන්තෝරුවට මැරිලා යයි.
සූබාගේ වැටූපෙන් ගෙදර දොර බොහෝ කටයූතු ඉෂ්ඨ සිද්ධ වූවද ඒ පිළිබඳව ඇගයීමක් සිසිරට නැත. වැටූප, ණය, අත්තිකාරම්, අතිකාල මේ සියල්ලම ගෙදර දොර ආර්ථිකය වෙනූවෙන් බැර වූවද, තම බිරිඳගෙන් ලැබෙන දායකත්වය ගැන ඔහූට කිසිදු ඇගයීමක් නැත.
බිරිඳක් රැකියාවක නිරත විට එයින් ආර්ථිකය උදෙසා විශිෂ්ට දායකත්වයක් ලැබෙන බව නොරහසකි. ඒ අතරම කාර්යාලය තුළින් ඇය සමග ගොඩනැගෙන බාහිර සම්බන්ධතා ඉහළය. මෙම බාහිර සම්බන්දතා තුළින් මිදී මාත්, මාගේ පවූලත් යන සිතුවිල්ල තුළ රැඳී සිටීමට අවසර නැත. එවන් වූ ආත්මාර්ථකාමී සිතුවිල්ලේ සිටීම මගින් සමාජය ඇය ප්‍රතික්ෂේප කරනූ ඇත.
අවමගුලක් වැනි අවස්ථාවක් සිදුවන්නේ අහබූ ලෙසය. එවන් විටෙකදී ඊට සහභාගිවීමේ අවසරය බිරිඳක් වූ තමාට අයිති බව සූබා දනී. මේ වෙනූවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කළ ද මව, බිරිඳ ලෙස වූ වගකීම් යූතුකම් ඉදිරියට ගනිමින් සිසිර සියල්ල බිඳ දමන බව සූබා දනී. තමා වරදක් නොකළ බව ඇගේ සිතට එකඟව දන්නීය. අනවශ්‍ය වියදම්, අනවශ්‍ය ගමන් මගහැර පවූල තුළ වූ වගකීම, යූතුකම ඇය ඉටූ කිරීමට බැඳී සිටී. එහෙත් සිසිර ඒකපාර්ශ්වීය ලෙසින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි. බාහිර සමාජය සමග වූ අන්තර් සම්බන්ධතාවයන්ට ගැහැනියක වූවද තමාටත් ඉඩකඩ අවශ්‍ය බව සිසිරට අමතකව ඇති සැටි පිළිබඳව සූබාගේ සිතට සියූම් වේදනාවක් දැනිණ.
පූන්‍යා චාන්දනී ද සිල්වා
0 comments :
Post a Comment