වරක් ලබාදුන් එන්නතක් වැරදීමකින් නැවත ලබාදීමෙන් එය විෂවිය හැකිද?


සාමාන්‍යයෙන් දරුවෙකුට අපි එන්නත් ලබාදීමෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම. ප්‍රතිශක්තිය වර්ධනය කිරීම තුළින් දරුවාට වැළඳෙන රෝගවලින් බේරා ගැනීම අරමූණයි.

මෙසේ ලබාදෙන එන්නත් ලබාදිය යූත්තේ නොයෙක් නොයෙක් කාල පරාස වලදීයි. ඇතැම් එන්නත් එක්වරක් පමණයි දරුවාට ලබාදෙන්නේ. තවත් එන්නත් විවිධ කාල පරාසවලදී නැවත නැවත ලබාදෙනවා.

එන්නතක් ලබාදීමෙන් බලාපොරොත්තුවන්නේ දරුවාගේ ආරකෂාවනේ. නමූත් දරුවෙකුට යම්කිසි රෝගයක් වලක්වාගන්න එන්නතක් ලබාදුන් පලියට එම දරුවාට සියයට සියයක්ම එම රෝගයෙන් ආරකෂාව ලැබෙන්නේ නෑ. බොහෝ වෙලාවට එන්නතකින් ආරකෂාව ලැබෙන්නේ සියයට පනහක් පමණයි.

අපි සිතමූ උපතේදී දරුවාට ලබාදෙන බී.සී.ජී එන්නත ලබා දෙන්නේ කෂය රෝගය වලක්වන්නයි. බී.සී.ජී ලබාදුන්න දරුවෙකුට යම් කිසි හේතුවක් නිසා කෂය රෝගය හැඳුනා කියලා. ඒ හැදෙන්නේ ඉතාමත් තදට නොවෙයි මද වශයෙනූයි. නමූත් දරුවන්ට විවිධ කාල පරාසවලදී ලබාදෙන එන්නත්වල ආරකෂාව සියයට අනූපහට වැඩියි. එහෙත් එන්නතකින් ආරකෂාව සියයට සියයක් නැති වූණාට අපි දරුවන්ට එන්නත් ලබාදෙන්න නිර්දේශ කරනවා. උදාහරණයක් විදියට මාස 09 දී ලබාදෙන සරම්ප එන්නතත් අවූරුදු 03 දී ලබාදෙන සරම්ප රුබෙල්ලා එන්නත් තිබූණත් දරුවෙකුට සරම්ප කියන රෝගය වැළදෙන්න පූළුවනි. සරම්ප එන්නත් ලබාදුන් දරුවෙකුට සරම්ප එතරම් තදට නොහැදෙන්න බවයි කියන්න ඕනේ. දරුවෙකු උපන්විට ජීවිත කාලය තුළදී ලබාගන්නා සියලුම එන්නත් සටහන් පොතේ සටහන්වෙලා තියෙනවා.

දරුවන්ට එන්නත් ලබාදීම ගැන කතා කිරීමේදී මේ ගැන කිව යූතුමයි. බොහෝ අම්මලා දරුවාට පූංචි සෙම්ප්‍රතිශ්‍යාවක් කැස්සක් තිබෙන විට එන්නත් ලබාදීම සූදුසූ නැහැ කියලා හිතනවා. ඒක ලොකු වරදක්. දරුවාට එන්නත් ලබාදෙන කාල සීමාවේ උණක් නැත්නම් දරුවාට එන්නත් ලබාදීම සූදුසූයි. අපි හිතමූ දරුවාට උණක් නැහැ කියලා. තද සෙම ගතියක් පමණක් තියෙන අවස්ථාවක වෛද්‍යවරයා හමූවෙලා ඔහූ තීරණය කරනවා නම් දරුවාට එන්නත් ලබාදීම සූදුසූයි කියලා එවැනි අවස්ථාවක එන්නත් ලබාදීම කළ යූතුයි. තවත් දෙයක් තමයි, මවූවරු තමන්ගේ දරුවාට එන්නත ලබාදීලා රෝහලෙන් හෝ වෛද්‍ය සායනයෙන් දරුවා රැගෙන යන විට වෛද්‍යවරයාගෙන් හෝ පවූල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් හෝ නැවත දරුවාට එන්නත් ලබාදිය යූතු නිවැරදි දිනය දෑන ගැනීම වැදගත්.

දරුවෙකුට එන්නතක් ලබාදීමෙන් පසූ මවූවරු කරන වැරදි දෙයක් තමයි එන්නත ලබාදුන් තැන තැවීම. මෙය ඉතාම වැරදියි. එතනදී වෙන්නේ එන්නතින් ලබාදුන් ප්‍රතිශක්තිකරණ ශක්තිය ක්‍රියාවිරහිතවීම. ඔබ දන්නවා අපි සාමාන්‍යයෙන් එන්නත් ගබඩා කරන්නේ ශීතකරණයේ. ඒ කියන්නේ එන්නත් ලබාදීලා ගෙදර අරගෙන ගිහිල්ලා උණූසූම් වතුරින් තැව්වාම වෙන්නේ එහි ගුණය විනාශවීම බව.

එන්නතක් ලබාදුන්න දරුවෙකුට උණ හැදුනොත් එම උණ මනින එක ඉතාම වැදගත්. උණ කීයටද ආවේ කියන කාරණය අනූව ඊළඟට ලබාදෙන එන්නත වෙනස් කරනවාද නැද්ද කියලා වෛද්‍යවරයාට තීරණයක් ගන්න පූළුවනි. අපි හිතමූ දරුවාට සෙන්ටිග්‍රේඩ් එකසිය හතරට විතර උණ කියලා. එවැනි විටක ඊළඟ එන්නත ලබාදීම තරමක් වෙනස් කරනවා.

එන්නත ලබාදීමෙන් දවස් දෙකකට පසූ දරුවාට උණක් නැත්නම් නාවන්න පූළුවනි. දරුවාට එන්නත ලබාදීලා පැය හතළිස් අටකට වඩා උණක් තියෙනවා නම්, එන්නත ලබාදුන් තැන රතුපාටට ඉදිමිලා තිබෙනවා නම් වෛද්‍යවරයෙකුට පෙන්වා වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

විශේෂයෙන් දරුවාට මාස දෙක, හතර, හය කාලවලදී ලබාදෙන ත්‍රිත්ව හෙවත් ට්‍රිපල් එන්නත ලබාදුන් විට දරුවා නිතරම අඬන්න ගන්නා අවස්ථා අපි දෑකලා තියෙනවා. එවැනි අවස්ථාවලදී එම එන්නත ලබාදෙන කාල පරාස අපි වෙනස් කරනවා. විශේෂයෙන්ම මූල් දවස් දෙක තුළ උණ තිබූණොත් දරුවාගේ බර අනූව පැරසිටමෝල් මාත්‍රාවන් ලබාදීම පිළිබඳව මව දෑනූවත්වීම වැදගත්. සිරප් සහ බිංදු කියන්නේ දෙවර්ගයක් බව මව දෑනූවත්විය යූතුයි. මෙය වෛද්‍යවරයාගෙන් අසා දෑනගැනීම කළ හැකියි.

අපි හිතමූ යම් විදියකින් දරුවාට එන්නත් ලබාදෙන කාලය හෝ එන්නත වැරදි කාල පරාසයක් තුළ හෝ එකම එන්නත වාර දෙකකදී ලබාදුන්නා කියලා. එතනදී වැරදි එන්නතක් දරුවාට ලබාදුන්විට එහි වැරැද්ද ලබාදුන් ආයතනය හෝ වෛද්‍යවරයා හෝ එන්නත ලබාදුන් පූද්ගලයා බාරගත යූතුයි. මාස නවයේදී ලබාදෙන සරම්පවලට බොහෝවිට දරුවන් රැගෙන එන්නේ මාස අටයි දවස් කිහිපයක් සම්පූර්ණ වූ විටයි. නමූත් මාස නවය කියන්නේ එම කාලය හරියටම සම්පූර්ණ වූ පසූවයි. දරුවාට වැරදීමකින් ලබාදෙන එන්නත් වර්ගය අනූව ඉදිරි පියවර තීරණය කළ යූතුයි. අනවශ්‍ය ලෙස බියවීමට අවශ්‍යතාවයක් නැහැ. අදාළ කාලයේදී අදාළ එන්නත ලබාදීම තුළින් තමයි නිසි ක්‍රියාකාරීත්වයක් ඇති වන්නේ. අවූරුදු පහේදී දරුවෙකුට ලබාදෙන ද්විත්ව එන්නතේදී පිටගැස්ම එන්නතත් තියෙනවා. එහි ක්‍රියාකාරීත්වය අවූරුදු දහය දක්වා බලපවතිනවා. නමූත් වෙනත් හේතු නිසා දරුවාට ටෙටනස් (පිටගැස්ම) ගහන්න වෙන අවස්ථාවල එය නැවත නැවත ලබාදීමක් කළ යූතු නැහැ.

එකම එන්නත නැවත ලබා දුන්නාට අනවශ්‍ය කලබලවීමක් විය යූතු නැහැ. එන්නතක් විෂවීමක් වෙන්නේ නෑ. මූල් කාලයේදි එන්නත්වල පමණක් එන්නත ලබාදීමෙන් පසූ කැළලක් තිබූණත් දෑන් ලබාදෙන එන්නත්වලින් එන්නත හේතුවෙන් කැළැල් ඇතිවන්නේ නෑ. දෑන් බොහෝ එන්නත් ලබාදෙන්නේ දරුවාගේ කකුලටයි. මෙතනදී මවූවරුන්ට අවධාරණයෙන් කිව යූත්තේ නිවැරදි කාලයට නිවැරදි එන්නත තමන්ගේ දරුවාට ලබාදීම ගැන මව දෑනූවත් වීම වැදගත් බවයි.

උපදෙස් ඃ වෛද්‍ය දිමූතු ධර්මවර්ධන
සාකච්ඡා කළා ඃ හරින්දි ලියනගේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. සෙන්ටිග්‍රේඩ් 104ට උණ ගත්තොත් නම් ඊලග වැක්සීන් එක දෙන්න ලමයා ඉතුරු වෙන්නෙ නෑ නේද?

    ReplyDelete