ජීවනි ලබාදෙන්නේ පාචනය නැවැත්වීමට නොවේ



දරුවන්ට කුඩා කාලයේදී පාචනය කියන රෝගී තත්ත්වය ඇතිවන්නට පූළුවන්. මෙම රෝගය වැළදුනූවිට එහි ප්‍රධානතම ලක්ෂණය තමයි මළපහ සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වෙලා දියර ආකාරයට පහවීම. මෙතනදී තවත් ප්‍රශ්නයක් තිබෙනවා. එනම් සමහර දරුවන්ට මළපහ පිටවෙන වාර ගණන වැඩිවෙනවා. එවැනි විටකදී ඔබ දරුවාට රෝගි තත්ත්වයක් ඇතැයි අනිසි බයක් ඇති කර ගන්නට පූළුවන්. නමූත් එය රෝගි තත්ත්වයක් නොවේ. යම් ආසාදනයක් නිසා ඇතිවන මළපහ වීම හඳුනා ගැනීමට පූළුවන් විදිහක් තමයි උණ. උණත් සමග විටින් විට මළපහ වීමත්,

ඒ වගේම වමනය, බඩේ කැක්කුම, සහ කෑම අරුචිය ඇතිවන්නට පූළුවන්. එම නිසා උණ, වමනය, කෑම අරුචිය, මළපහ දියර ලෙස වරින් වර පිටවීම, මළපහ කොළ පැහැයෙන් හෝ ලේ සමග පිට වීම යන තත්ත්වයන් ආසාදනයක් නිසා ඇතිවන්නට පූළුවන්. එම නිසා දරුවෙකුට දිනකට වරක් දෙවරක් මළපහ වූණයි බියවීමට අවශ්‍ය වන්නේ නැහැ.

මෙතනදී තවත් වැදගත් කරුණක් තමයි පාචනය ඇතිවන්නේ වෛරස් ආසාදනය නිසා. එවිට ඇන්ටිබයිටික් කියන ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. බොහෝ පාචන රෝගි තත්ත්වයන් යටතේ දරුවාට පාචන රෝගය වැළදුන විට මළපහ වීමේ වාර ගණන වැඩිවන විට විජලනය ඇතිවන්නට පූළුවන්. විජලනය කියලා කියන්නේ ශරීරයේ දියරමය ස්වභාවය අඩූවන එකයි. දරුවාට විජලනය වීම වළක්වා ගැනීමට නිතර නිතරම දියරමය ආහාර ලබාදිය යූතුයි..

උදා - වතුර, කැඳ,සූප්, කිරි ආදිය ඕනම දියරමය ආහාරයක් ලබාදිය හැකිය.ි

ඔබ කවූරුත් දන්නවා මෙවැනි අවස්ථාවකදී "ජීවනි" කියන ඖෂධය දරුවාට ලබාදීමට නියම කරනවා. නමූත් ජීවනි කියන ඖෂධය පමණක්ම ලබා නොදී ඉහත සඳහන් කළාක් මෙන් විවිධ දියරමය දේවල් දරුවාට ලබාදීම ඉතා සූදුසූයි. ජීවනි කියන ඖෂධයත් ඒ රෝගි තත්ත්වය සඳහාම නිපදවා ඇති ඖෂදයක් සේම එයත් අනිවාර්යෙන්ම ලබාදීම වැදගත්.

නමූත් දරුවා නිතරම වමනය කරනවා නම් ඔබ කොතරම් දියරමය ආහාර දරුවාට ලබා දුන්නත් පලක් වන්නේ නැහැ. එවිට එවැනි තත්ත්වයක් තුළ දරුවා විජලනය තත්ත්වයට පත් වන්නට පූළුවන්. එම නිසා දරුවාට පාචනය සමග වමනය තිබෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත දරුවා රැගෙන යන්න. එවිට වමනය යෑම වැළැක්වීමට අවශ්‍ය ඖෂධ දරුවාට ලබා දෙනවා.

ඒ වගේම කියන්න ඕන ජීවනි කියන ඖෂධය ලබා දෙන්නේ පාචනය කියන තත්ත්වය පාලනයකිරීමට නොවේ. විජලන තත්ත්වය පාලනය කිරීම සඳහායි.

ඒ වගේම දරුවාගේ ශරීර උෂ්ණත්වය ගැනත් සිතන්නට ඕන. ආහාර ලෙස සැහැල්ලු ආහාර දීමත් ඉතා වැදගත් වෙනවා. සමහර දරුවන්ට පාචන රෝගය හැදුනට පස්සේ කිරි අජීර්ණ තත්ත්වයක් ඇති වෙනවා. එවිට ආසාදන ගතිය නැවතුණත් අර කිරි අජීර්ණ තත්ත්වය දිගටම තිබෙන්නට පූළුවන්. එවිට වෛද්‍යවරයෙකු වෙතට යා යූතුයි. ඊට අමතරව තවත් රෝගි තත්ත්වයක් තමයි ලේ අතීසාරය. කුඩා ළමූන්ට ලේ යනවානම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යූතුය. අවූරුද්දකට අඩූ ළමයෙකුට නම් රෝහල් ගත කිරීමට සිදු වෙනවා. එ වගේම පාචනය තිබෙන වෙලාවේදි දරුවාගේ ස්වභාවය පිළිබඳ සැලිකිලිමත් වීම අවශ්‍යයි. ශරීරයේ වියලීමක් දැස් ගිලීමක් වැනි යමක් දක්නට ලැබූණොත් ඒ කියන්නේ දරුවා විජලන තත්ත්වයට පත් වෙලා කියලයි. ඒ නිසා ඉහත සඳහන් කළාක් මෙන් දරුවාට නිතර දියර වර්ග ලබා දිය යූතු වෙනවා.

අධ්‍යක්ෂ ළමා රෝග විශේෂඥ
වෛද්‍ය අජිත් අමරසිංහ

ඇපලෝ රෝහල
සාකච්ඡා කළා - නිලුෂනි විදානේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment