රසට බොන්න බීම වර්ග


පැණි කොමඩූ බීමක්

අවශ්‍ය ද්‍රව්‍ය

පැණි කොමඩූ ගෙඩි 1

ගස්ලබූ ගෙඩි 1/2

සීනි රස අනූව

දෙහි යූෂ තේ හැඳි 2

අයිස් වතුර මිශ්‍ර කිරීමට

ලූණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

පැණි කොමඩූ ගෙඩිය දෙකට පලා ඇට ඉවත් කර ගන්න. ඊටපසූ හැන්දකින් මදය සූරාගන්න. ගස්ලබූවලද ඇට ඉවත් කරගෙන හැන්දකින් සූරාගෙන මදය ගන්න. පැණි කොමඩූවල මදය සහ ගස්ලබූවල මදය බ්ලෙන්ඩරයකට දමා ඊට වතුර , සීනි, ලූණූ සහ දෙහියූෂ දමා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පසූව මෙම බීම වීදුරුවල දමා සංග්‍රහ කරගන්න. මෙය දහදෙනෙකුට පමණ සෑහේ.

කිරි රසැති දිවූල් බීමක්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුනූ දිවූල් ගෙඩි 2

සීනි තේ හැඳි 3

වැනිලා අයිස්කී්‍රම් හැඳි 4

කල්කිරි හෝ එළකිරි තේ කෝප්ප 1

ලූණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

පළමූවෙන්ම දිවූල්වල මදය සූරාගෙන වතුර වීදුරුවක් එකතු කරගෙන පොඩි කරමින් මිරිකා ගන්න. දිවූල්වල ඇට ඉවත් කරගත් පසූ යූෂ, සීනි සහ කිරි මිශ්‍ර කරගෙන බ්ලෙන්ඩරයක දමා බ්ලෙන්ඩ් කරගන්න. ලූණූද එකතු කර ගෙන වීදුරු 4 කට වත් කරගන්න. උඩින් වැනිලා අයිස් කී්‍රම් හැන්ද බැගින් දමා ස්ට්‍රෝ එකක් හෝ දිග හැන්දක් දමා අමූත්තන්ට සංග්‍රහ කරන්න.

අයිස් කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය

කෝපි ග්‍රෑම් 50

ටින් කිරි ටින් 1

සීනි ග්‍රෑම් 100 ඃ 150

වැනිලා තේ හැඳි 12

තලාගත් කරාබූ නැටි 2

බ්‍රැන්ඩි වයින් වීදුරු 1

සාදන ක්‍රමය

වතුර වීදුරු 8 ක් සහ තලාගත් කරාබූ නැටි දමා වතුර උණූ කරගන්න. දෑන් කෝපි උණූ වතුර සමග කලවම් කරගෙන හොඳට උතුරුවා ගන්න. කෝපි මිශ්‍රණය ලිපෙන් බාගෙන කෝපි මන්ඩි යටට බහින තෙක් ටික වේලාවක් පැත්තකින් තියන්න. දෑන් කෝපි බොරය කලතන්නේ නැතිව තවත් භාජනයකට වත් කරගන්න. දෑන් ටින් කිරි සහ සීනි බොරය රහිත කෝපි සමග දිය කරගන්න. දෑන් මෙම කෝපි මිශ්‍රණය හොඳින් නිවූණාට පසූ වැනිලා සහ බ්‍රැන්ඩි එකතු කර ගෙන බෝතල්වල වත් කරගෙන උවමනා වන තුරු අයිස් යට තැන්පත් කර ගන්න. දුර බැහැර උත්සවයකට ගෙන යන විට ලී කුඩූ සහ අයිස් කැට කලවම් කර ලී පෙටිටියක දාමා බෝතල් යට කරලා කූල් එක සෑහෙන වේලාවක් තියාගන්න පූළුවන්.

මිශ්‍ර පලතුරු බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුනූ අන්නාසි ගෙඩි 1

දොඩම් ගෙඩි 2

පැෂන් පෘටි ගෙඩි 6 න් පැෂන් පෘටි පයින්ටි 1·4

ලෙමන් ගෙඩි 2

දෙහි ගෙඩි 4

ඔරෙන්ජ් ක්‍රෂ් බෝතල් 1

තැඹිලි ගෙඩි 2

නාරං තේ හැඳි 1

සීනි රාත්තල් 1 ලූණූ ස්වල්පයක්

අයිස් කැට

වීදුරුව සැරසීමට පාට කළ සීනි

සාදන ක්‍රමය

අන්නාස ිගෙඩියේ ලෙලි ඇර කුඩා කොටූවලට කපා ගන්න. කපාපූ අන්නාසිවලින් කුඩා කෝප්පයක් අයින් කර ඉතිරි අන්නාසිවලට වතුර දමා යූෂ මිරිකා ගන්න.

දොඩම් ගෙඩි මිරිකා යූෂ ගන්න. පැෂන් පෘටි යූෂවලටද වතුර යන්තමින් දමා මිරිකා ගන්න.

පැෂන් පෘටි අවාරෙට ගෙඩි සොයා ගන්න අමාරු නම් වෙළඳ පළේ තියෙන පැෂන් යූෂ පයින්ටි 1·4 ගන්න. ලෙමන් (දිග දෙහි) මිරිකා ගන්න. දෙහි යූෂ ද මිරිකා ගන්න. මේ හැම පලතුරක්ම මිරිකා ගැනීමට ඉතා අඩූවෙන් වතුර පාවිච්චි කරන්න.

දෑන් ලොකු බෝල් එකකට මිරිකා ගත් දොඩම්, දෙහි, නාරං, පැෂන් පෘටි පෙරාගන්න. ඔරෙන්ජ් ක්‍රෂ් බෝතලයද තැඹිලි ද දමා සීනි එකතු කර ගෙන හොඳට දිය කරගන්න. ලූණූ ද එකතු කර ගන්න. වීදුරුව සරසා ගැනීමට වීදුරුව කට වටෙිට වතුර ගා ගෙන පීරිසියකට දාගත් පාට කළ සීනිවල තවරා ගන්න. දෑන් වීදුරුවට බීම 3·4 ක් දමා කුඩාවට කපන ලද අන්නාසි, තේ හැඳි 1 ක් දමා අයිස් කැට 2 ඃ 3 ක්, ලෙමන් හෝ දෙහි පෙත්තක් වීදුරුවේ ගසා ගෙන අලංකාර කර ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment