දෙනෙත වටා කළු පැහැයට ප්‍රතිකාරයක්



මූහූණ පැහැපත්ව තිබියදී තම දෙනෙත් වටා කළු පැහැගැන්වී තිබීම දකින විට ඔබටම හිතෙනවා නේද? මොන තරම් නම් අවලස්සනක් දිස්වෙනවාද කියලා. මූහූණේ ලස්සන තව තවත් වැඩි වෙන්නට නම් අපගේ ඇස් දෙකත් මනාව හැඩට තිබිය යූතුයි. නමූත් ඇතැම් යූවතියන් දෙනෙතට ප්‍රතිකාර කිරීමට නම් මූහූණට ෆේෂල් එකක් කළ යූතු යැයි සිතනවා. නමූත් දෙනෙතට ප්‍රතිකාර කිරීමට ෆේෂල් එකක් කළ යූතුම නොවේ.

ඇස් වටා කළුවීම වැඩි වශයෙන් සිදුවන්නේ ආතතිය, නිසි පෝෂණය නොමැතිවීම, නිදිවැරීම ආදී කරුණූ කාරණා බොහොමයක් බලපාන නිසාවෙනි. එවැනි අයට ඉක්මනින්ම ප්‍රතිඵල ලබාගත හැකි පූංචි ප්‍රතිකාරයක් ඔබට ඉදිරිපත් කරන්නටයි යන්නේ.

පළමූවෙන්ම ඇස් සඳහා නිෂ්පාදිත ක්ලෙන්සර් එකක් ආධාරයෙන් හොඳින් ඇස් වටා පිරිසිදු කරගන්න. තෙතමනය සහිත මසාජ් ක්‍රීම් එකක් භාවිත කර තිත් ආකාරයට ඇස්වටා ආලේප කර හතරවැනි මෘදු ඇඟිල්ල උපයෝගී කරගෙන ඇස්වටා, රවූම් ආකාරයට සෙමින් කවාකාරව සම්භාහනය කරන්න.

දෙවැනි ක්‍රමය හා තුන්වැනි ක්‍රමය ලෙස ඇස්වටා උඩූ අතට සහ පහතට සියූම් තෙරපීමක් කරන්න. එසේ කිරීමෙන් ඇසේ රැළි වැටීම අඩූවී යයි. ඇස මූල සහ කොණ කඳුළු සිරවීමක් වී නම් එවැනි දෑ ද අවම කර ගන්නට හැකිවෙන අතර ඇහි බැම පහළට වැටීම ද අවම කරගත හැක.

හතරවැනි පියවර විදිහට ඇස කොණ අවට හොඳින් සම්භාහනය කරගන්න. එයින් මනා රුධිර සංසරණයක් සිදුවේ.

සම්භාහනය අවසන් වූ පසූ අයිස් බෑගය ගෙන එයට ඇස්වලට හිතකර ඖෂධ තෙල් දමා හෝ ඔබ කැමති නම් අයිස් වතුර හෝ මද රස්න වතුර දමා ඇසට සවිකර ගන්න.

එයින් ඔබේ දෙනෙතට හොඳ රුධිර සංසරණයක් සිදුවේ. සතියකට වරක් රූපලාවන්‍යාගාරයකට ගොස් මෙය සිදුකර ගැනීමෙන් ඇස්වල ඇතිවී තිබෙන දෝෂ දුරුකර ගැනීමට හැකිවන අතර දෙනෙතට ප්‍රාණවත් බවක් නිතැතින්ම ලැබේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment