ඔබත් මූහූණ ගැන සැලකිලිමත්ද?


සම අපගේ ශරීරය ආවරණය කරන බාහිර වැස්මයි. ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කිරීම, විෂබීජවලින් ආරක්ෂා කිරීම, සම මගින් සිදුවන වැදගත්ම ප්‍රයෝජනයයි. සමේ වර්ණය ස්වභාවය හෙවත් තෙත් බව වියළි බව ඇතිවන්නේ සම සම්බන්ධ කුඩා ග්‍රන්ථවලිනි. මෙම ග්‍රන්ථවලින් ශ්‍රාවය කරන මෙලනින් වර්ණක නිසා සමේ වර්ණය කළු පැහැය සහ සූදු පැහැය අතර වර්ණ ස්වභාව ඇතිවේ. එසේම සමට යටින් තිබෙන තෙල් ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන තෙල් නිසා සමේ තෙල් ස්වභාවයේ සිට වියළි ස්වභාවය අතර වෙනස්කම් ඇතිවේ. සමට යටින් තිබෙන දහදිය උනන ස්වේද ග්‍රන්ථි මගින් ශරීරයේ අපද්‍රව්‍ය දහදිය ලෙස බැහැරට පිටවේ. එසේම සම හරහා සිදුවන වායූ හූවමාරුව නිසා ශරීර උෂ්ණත්වය පාලනය කෙරේ. එමනිසා සම වායූගෝලයට නිරාවරණය කර තැබීම මෙන්ම පිරිසිදුව තබා ගැනීමද ඉතා වැදගත්ය. සම ගැන සැළකිලිමත් වන්නා හා සමානව සමේ ආලේපන ගැල්වීමේදී ද ඉතා බූද්ධිමත් විය යූතුය.

සම අපට කොතෙක් වැදගත් වූවත් ඔබ වඩාත් අවධානය යොමූ කර ඇත්තේ ඔබගේ මූහූණේ සමට නොවේද? එයට හේතුව අපට යමෙක් සමග කතා කරන විට ප්‍රථමයෙන් මූහූණ දෙස බැලීම විය හැක. මූහූණට වැළඳෙන සමේ රෝග අතුරින් කුරුලෑවලට වැදගත් තැනක් ලැබේ. කුරුලෑ සඳහා බොහෝ ආලේපන වර්ග ප්‍රසිද්ධියට පත්ව ඇතත් කුරුලෑ ඇතිවන්නේ ඇයිද යන්න ඔබ කොපමණ දැනූවත්වී ඇත්ද? කුරුලෑ යොවන යෞවනියන් අතර සූලභ අතර සමහර අවස්ථාවලදී වැඩිහිටියන්ද කුරුලෑ නිසා පීඩාවට පත්වේ. වැඩිහිටියන්ට මෙය කරදරකාරී අවස්ථාවකි.

කුරුලෑ ඇතිවීමට හේතු මොනවාද?

ඔබ ගන්නා ආහාරවල වරදින් කුරුලෑ වැඩි විය හැක. සෙම් බහූල ශරීර ඇති අයට කිරිවලින් නිපදවන ආහාර අසාත්මිකවීමෙන් කුරුලෑ වැඩිවිය හැක. කජූ තෙල් ආහාර, තෙලෙන් බදින ලද ආහාර, චොකලටි, සීනි, පීකුදු, චීස්, ආහාර අයඩීන් මිශ්‍ර ලුණූ, කකුළුවන්, යන ආහාර කුරුලෑ ඇති අයට අගුණය. එම නිසා මෙම ආහාරවලින් වැළකිය යූතුය.

කුරුලෑවලින් පීඩා ඇතිවන විට ඔබට කළ හැකි සූළු ප්‍රතිකර්ම කිහිපයක්

ංකුරුලෑව මත පිරිසිදු පූළුවන් ස්වල්පයක දවටන ලද අයිස් කැටයක් තබන්න. එයින් කුරුලෑවේ රතු පැහැවීම අඩූ කරයි. ඉදිමීම අඩූකර තුවාලය සූවකිරීමට උපකාරී වේ.

ංඔබගේ ශරීරයට පිරිසිදු වාතාශ්‍රය ලැබීමට සලස්වන්න. නමූත් තද අව්රශ්මිය සූදුසූ නැත. දිනපතා සැහැල්ලු ව්‍යායාමයක යෙදීම ඉතා වැදගත්ය. මළපහවීම ක්‍රමවත්ව තබා ගැනීම, හොඳ නින්දක් ලබාගැනීමද ඉතා වැදගත්තය.

ංඔබගේ ඇඳ ඇතිිරිලි පිරිසිදුව තබාගන්න. ඇඳ ඇතිරිලිවල තැවරුණ මැරුණූ සම් කොටස්, තෙල්, සූවඳ විලවූන් ආලේපන කෙස්, දූවිලි නිසා විවිධ ආසාදන ඇතිවිය හැක.

ංකුරුලෑව මොනම හේතුවක් නිසාවත් පොඩි නොකළ යූතුය. එමනිසා කුරුලෑව පැසවා ඉදිමීම ඇතිවිය හැක. එය තවදුරටත් මූහූණේ කැළලි ඇති කරවයි. කුරුලෑව පැසවා පිපිරුණහොත් පිරිසිදු උණූසූම් වතුර ස්වල්පයක් ගෙන පිරිසිදු පූළුන් හෝ රෙදි කැබැල්ලක් ගෙන සෙමින් තෙරපමින් සැරව ඉවත් කළ යූතුය.

ංදවසකට දෙවරක් හෝ තුන්වරක් පිරිසිදු වතුරෙන් ඔබගේ මූහූණ සෝදන්න. කෙසේ වූවත් සබන් පාවිච්චියෙන් වළකින්න. එයින් ඔබගේ සම තවත් වියලීයාම ඇතිවේ. තෙල් සහිත ආලේපන මූහූණේ ගැල්වීමෙන් වළකින්න.

ංදිනපතා හෝ දවසක් හැර දවසක් වත් ඔබගේ කෙස් හොඳින් සෝදා ස්නානය කරන්න.

ංවිවිධ වර්ගයේ උපත් පාලන ඖෂධ සහ කෝර්ටිකෝ ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ යනාදී ඖෂධ වර්ග කිහිපයක් නිසා කුරුලෑ ඇතිවීම වැඩිවිය හැක.

ංමානසික ආවේග සමග ඇතිවන රෝග ආහාර ජීර්ණයට සහ අන්තරාසර්ග ග්‍රන්ථිවල කි්්‍රයාකාරිත්වයට බලපෑම් ඇතිකර එයින් ආහාරයේ ජීර්ණය දුර්වල කරයි. එයින් ඇතිවන තෙල් සමේ තෙල් ස්වභාවය වැඩි කිරීමට සමත්වේ. ඒවා සම යට තිබෙන ස්නේහ ග්‍රන්ථිවලින් පිටත වැගිරීමෙන් කුරුලෑ ඇතිවීම වර්ධනය කරයි.

කුරුලෑ සඳහා කළ යූතු සරල ප්‍රතිකාර ක්‍රම කිහිපයක්

ංමූහූණේ සම හොඳින් පිරිසිදු කර පිරිසිදු පූළුන් කැබැල්ලකින් බිත්තර සූදුමදය ස්වල්පයක් මූහූණේ ආලේප කරන්න. එය පැය කිහිපයක් හෝ රාත්‍රියේ මූහූණේ ගල්වා තබන්න.

ංමී පැණි හෝ සීනි ස්වල්පයක් පිරිසිදු වතුර ස්වල්පයක් සමග දියකර කුරුලෑව මත ආලේප කරන්න. මෙය බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරයි.

ංමදුරුතලා කොළ පවනේ වියලා කුඩූකර තේ හැඳි දෙකක් හෝ තුනක් නටන වතුර කෝප්ප භාගයකට දමා තම්බා විනාඩි දහයක් පමණ සිසිල් වන්නට තබා මූහූණ සෝදන්න.

ංකහ කුඩූ ස්වල්පයක් සමග මදුරුතලා, කොළ ටිකක් දමා බඳුනේ කට වසා තම්බන්න. ඔබගේ කොණ්ඩය තුවායකින් ආවරණය කරන්න. ඉන්පසූ බඳුනේ වැස්ම ඉවත් කර මඳ උණූසූම් වාෂ්ප ධාරාවක් මූහූණට අල්ලන්න. එය අවසන් වූ වහාම පිරිසිදු වතුරෙන් වහාම මූහූණ සෝදන්න. මූහූණේ දූවිලි තෙල් වහාම ඉවත් කරගත හැක.

ංඉන්පසූ ශාක ඖෂධවලින් සකස් කළ ආලේපනයක් ගල්වා තබන්න.

එසේම ලේ පිරිසිදු කරන, පිත සමනය කරන අභ්‍යන්තර ශාක ඖෂධද ලබාගත යූතුයි.




උපදෙස් ඃ මහරගම දෙහිවල පාරේ, අංක 110 ස්ථානයේ පිහිටූවා ඇති ලෝටස් ආයූර්වේද රෝහල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment