ඇස්වහ කටවහ නැතිකර ගන්න කෙම් ක්‍රමයක්

කිසිම දියූණූවක් නැහැ කරන දෙයක් හරියන්නේ නැහැ. දෙහි ටිකක්වත් කපාගන්න ඕනේ. මේ නිතර අපට අසන්නට ලැබෙන දේවල්. ඇස්වහ කටවහ දෝෂ නිසා වගා පාළුවීම් නිරෝගි අය රෝගීවීම්, සතා සිවූපාවා විනාශ වී යෑම, ව්‍යාපාර නොසිතුවිට ඇදවැටීම, අපට බොහෝ විට දක්නට ලැබෙනවා. එවැනි අය අපෙන් පසූගිය කාලේ විවිධ ඉල්ලීම් කර තිබූණා ඇස්වහ කටවහ දුරු කරන කෙම් ප්‍රතිකාර පල කරන්න කියලා. ඒ නිසාම ඔබටම පහසූවෙන් කරගත හැකි කෙම් ප්‍රතිකාර කිහිපයක් මෙහි පල කරමූ.

සෙනසූරාදා දිනෙක රාත්‍රි හතයි තිහට පමණ ලොකු තැඹිලි ගෙඩියක ඇස්ස කපා වතුර ඉවත් කර ඒ තුලට අබ, ගොරක, කහ, ලුණූ, කපූ ඇට, ගම්මිරිස්, වී, අඟුරු ස්වල්පය බැගින් දමා කොළ හතක් ඇතිදෙහි අතු කැබැල්ලක්ද දමා යළි තැඹිලි වතුර පූරවා ඉරිදාට එළිවන අළුයම මේ මන්ත්‍රයෙන් 21 වරක් හෝ 108 වරක් ජප කරගන්න. ඕං කීකරු නොකීකරු, දුටූකරු, නොදුටූ කරු ඇස්වහා කටවහා (ඉන්පසූ අදාළ පූද්ගලයාගේ නම කියා) අද හිටන් නෑ යනූවෙන් ජප කරන්න. පසූව එම දියර ශරීරයේ පිටතින් ගෑමටත් ගෙයි ඉසීමටත් සූදුසූ වේ. (මෙය සම පිට රෝග ඇති අයටද වඩා හොඳයි)

ඉහත සඳහන් ද්‍රව්‍යම අලුත් නැවූම් මූටිටියකට හෝ කලේකට දමා )සබ්බ පා පස්ස අකරනම් කුසලස්ස උප සම්පදා" ගාථාවෙන් 21 වරක් මතුරා ඊළඟට ඕං සර්ව දිෂ්ඨි ඃ සදිෂ්ඨි අංගුරේ ඒස්වාහ( යන මන්ත්‍රය 108 වරක් මතුරා වත්ත පූරා සහ නිවස තුළ ඉසීමෙන්, ගහකොළ වලට ඉසීමෙන් ඔබට පූදුමූ ප්‍රතිඵල ලැබිය හැකියි. ඇස්වහ කටවහ උවදුර පලා යයි.

ඉහත සඳහන් රූපය පූර පසලොස්වක දිනයක හරි හතරැස් තඹ කොළයක ඇඳ රවූම් කර කෙසෙල් පටිටයකින් බැද කෙසෙල් ගසක පිත්තක් අස්සේ සතියක් තබා පසූව බදාදා දිනෙක ඉර පායා එන විට කුඩා මූටිටියකට එම තඹ කොළය දමා එය වී වලින් වසා ගෙයි යටලීයේ එල්ලීමෙන් සියලූ ඇස්වහ කටවහා දුරු වී නිවසේ ශ්‍රියාව ඇති වේ.

මිය ගිය අය හැමදාම පෙනෙන අයටත් කළු සමනලයින් හැමදාම නිවසට පැමිණෙන අයටත් මෙය කදිම ගුණ ලබා දේ. නවලිය කෙම් ප්‍රතිකාර අත්හදා බලා උසස් ප්‍රතිඵල අත්වේ. විවසූම් ලිපියක් එවූ නන්දනීටත් මෙය ප්‍රයෝජනවත් වේවි.

මෙම යන්ත්‍රය රිදී තහඩූවක සෙනූසරාදා උදේ 6.30 ඇදීම අරඹා මෙලෙස හතරක් ඇදගෙන රවූම් කර බූලත් කොළයක ඔතා සෙනසූරාදා දිනක සවස නූග බෙනයක තබා සතියක් ගිය තැන සෙනසූූරාදා උදේ ගෙනවිත් කතා නොකරම කුස්පි හතරකට දමා වී පූරවා ගෙයි සිව් කොන එල්ලන්න සියලු ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න.

කුඩා දරුවන්ගේ ඇතිවන ඇස්වහ කටවහා දොෂවලදී දෙහි ගැට තුනක් තැඹිලි ගෙඩියකට දමා සං...සං...සං... යන්න 21 වරක් මතුරා දරුවා එම දියරෙන් සෝදන්න. මෙය බදාදා දිනෙක උදේ 6 ඃ 7 හෝ රාත්‍රි 8 ඃ 9 කාලයේ දී කිරීමෙන් සියලු ඇස්වහ කටවහ දුරු වේ.

පී. ඩී. පෙරේරා
නාත්තණ්ඩිය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. SURE THE MAHATTAYO, ATH DUTU WAI, SATHTHAI, DA.

    ReplyDelete