දරුවන් ලැබීම ප්‍රමාද අයට කෙම් ප්‍රතිකාරයක්




යූග දිවියෙන් පසූ ඕනෑම කාන්තාවක් දරු සූරතල් බැලීමට ආශාවක් දක්වති. එම වාසනාවන්ත අවස්ථාව මොනයම්හේතුවක් නිසා හෝ පමා වන විට සිතට ඇතිවන්නේ දුකකි. ඊට හේතු කාරණා සොයමින් වෛද්‍ය උපදෙස් පතති. දෙවි දේවතාවූන් යදිති. ග්‍රහ ඇපල විමසති. නමූත් සිදුවූ සෙතක් නොමැතිවූ විට බොහෝ සෙයින් අසරණ වෙති.

දරුඵල අහිමිවීමට මාතෘ සාපන හා පීතෘ සාපන කියා දෙකක් බලපානවා. දරුඵල අහිමිවීමේ වරද අතීතයේදී කාන්තාව මතම පැටවූණත් අද එය එසේම නොවන බව වත්මන් සමාජය අවබෝධ කරගෙන තිබේ. ඒ නිසා ස්ත්‍රි පූරුෂ දෙපක්ෂයේම අඩූපාඩූ නිසා දරුඵල අහිමිවන වධභාවය ඇතිවන බව මූලින්ම තෝරා බේරා ගත යූතුයි.

ඊට පසූවයි කාටද ප්‍රතිකාර කළ යූත්තේ කියා තීරණය කළ යූත්තේ. කාන්තාවන් ඡන්ම වන්ධ්‍යා, කාකවන්ධ්‍යා, මෘත වන්ධ්‍යා, කියා කොටස් තුනකට වැටෙනවා. ඡන්ම වන්ධ්‍යා කියන්නේ උපතින්ම දරුඵල අහිමි බවයි. කාක වන්ද්‍යා කියන්නේ එක දරුවෙකු පමණක් බිහිකරන බවයි. උපදින්නට පෙරම දරුවන් මරණයට පත්වන්නේ මෘත වන්ධ්‍යා කාන්තාවන්ටයි.

දෑන් ඔබ තේරුම් ගත යූතුයි මේ අනූව ප්‍රතිකාර කළ යූත්තේ කොයි ආකාරයටද කියලා. මීට අමතරව දරුඵල අහිමිවීමට පූරුෂයන්ගේ ශුක්‍රානූ දුර්වලකම් විශේෂයෙන් බලපානවා. අඹූ සැමියන් අතර පවතින අසමඟිකම් විශේෂයෙන් බලපානවා. සිතේ පවතින අවිනිශ්චිත භාවය හා නොසන්සූන්භාවය ගබ්සා වීමට විශේෂයෙන් බලපානවා. අතීතයේ වැලදුණූ යම් යම් රෝගවලට නිසි ප්‍රතිකාර නොලැබීමත් මීට හේතු කාරණා වනවා.

ගර්භාෂයේ අක්‍රමවත් පිහිටීමද මෙම සියල්ල අභිබවා විශේෂයෙන් බලපානවා. එම නිසා දරුවන් නොමැති ස්ත්‍රි පූරුෂ දෙපක්ෂයටම පළමූව වෛද්‍ය පරීක්ෂණ මගින් සැබෑ තත්ත්වය වටහා ගෙන ප්‍රතිකාරවලට යොමූවිය යූතුයි.

උපතින්ම වද බව ඒත්තු ගිය කතුන්ට ඵලදායි වන කෙම් ක්‍රමයක් ඉදිරිපත් කරමූ.

ඉරිදා දිනක උදැසනම කතා නොකර ඔලිඳ වැලක් සහමූලින්ම ගලවා සෝදා පිරිසිදු කර රතු එළදෙනෙකගෙන් ගත් එළකිරිවලින් ඔළිඳ වැල සහ මූලින්ම අඹරා කලන් හතරක් පමණ ප්‍රමාණයෙන් මාසික අර්ථවය සිදුවූ දින සිට පිට පිටම දින හතක් අනූභවය මැනවි. මේ කාලය තුළ මූං ඇට, කඩල වැනි ආාහර ගැනීමත් උෂ්ණ ආහාර තෙල් ආහාර ගැනීමත් නොකළ යූතුයි (මෙම බෙහෙත දිනපතා සාදාගත යූතුය) මෙම කෙම්ක්‍රමය දෑඩි විශ්වාසයකින් යූතුව කළ යූතුය.

එක් දරුවෙකු පමණක් සිටින කතුන්ට තවත් දරුවකුගේ අවශ්‍යතාවය තදින් දෑනේ නම් පූෂ නැකත ඇති ඉරිදා දිනයක අමූක්කරා අලයක් මීකිරෙන් අඹරා මාසික අර්ථවය සිදුවූ දින සිට දිනකට කලන් හතර බැගින් දින හතක් නොකඩවා ගත යූතුය. උෂ්ණ ආහාර සහ තෙල් ආහාර ගැනීමෙන් වළකින්න. (මෙම බෙහෙතත් දිනපතා සාදාගත යූතුය)

උපදින දරුවන් අඩූ වයසින් මිය යන හා ගබ්සාවන කාන්තාවන්ට කොලෙස්ටරෝල්, අධික ලේ ගමනය, හතිය ඇදුම, සීනි (දියවැඩියාව) නැතිනම් පමණක් ඉරිදා දිනක සිට දින හතක් එළකිරිවලට රාජතරංගනී තෙල් බිංදුවක් දමා බීමට ගැනීම පූදුම එලවන සූළු ගුණයක් ලබාදේ.

(වෛද්‍ය උපදෙස් අනූව කරන්න)

දරුඵල අහිමි ස්ත්‍රින් කාටත් පොදුවේ ප්‍රයෝජනයට ගත හැකි ඖෂධීය කෙම් ක්‍රමයක් මේ සමග දක්වමි. ඉරිදා දිනක උදයේ කතා නොකර කඩාගත් බිම්පොල් ගෙඩි කතා නොකරම වැලක අමූණා ගෙන කතා නොකර ඉනේ බැදගන්න. පැය දෙකකට පසූ මේ බිම්පොල් කෑමට ගන්න. ඉරිදා දින හතක් මේ කෙම් ක්‍රමය අත්හදා බලන්න.

දරුවන් නොමැති ස්ත්‍රි පූරුෂ දෙපාර්ශවයටම බිම් පොල් ඇට සපයාගෙන සකස් කරගත හැකි කෙම් බෙහෙතක් නවලිය පාඨකයින්ගේ ප්‍රතිචාරය අනූව ඉදිරි නවලියෙන් පළකිරීමට බලාපොරොත්තු වෙමූ.

වෛද්‍ය පරීක්ෂණවලදී බිරිඳගේ දුර්වලකම් නොමැති බව හෙළිවූවත් පූරුෂයාගේ දුර්වලකම් නිසා දරුඵල නොමැතිබව තහවූරු වූ විට අනිවාර්යෙන්ම පූරුෂයා විසින් ප්‍රතිකාර ගත යූතුය. එවැනි පූරුෂයන් සඳහා කෙම් ප්‍රතිකාර කිහිපයක් මෙලෙස පහත දක්වමූ.

කුඩූ කර පිටි බවට පත් කරගත් අමූක්කරා පිටි මේස හැඳි එකක් පිරිසිදු එළකිරිවලට දමා අවපෝය (අමාවක) දවසේ සිට පසලොස්වක පෝය දක්වා එක දිගට උදේ සවස ගැනීමෙන් දරුඵල සඳහා සූදුසූ පසූබිම සැලසේ. ඒ සඳහාම බිම් තල් අල වියළා කුඩූ කර මී පැණි සමග මිශ්‍ර කර සෙනසූරාදා දිනක උදේ 6.30 ට කලන් තුනක් පමණ ගන්න. මෙය දිනපතා දින 30 ක් ගත යූතුයි. උෂ්ණ ආහාර තෙල් ආහාර ගැනීමෙන් වළකින්න.

විස බහූල ආහාර ගැනීමට සිදුවීම නිසා වග විභාගයක් නැතිව කෘතිම ආහාර ගැනීමත් ස්වභාවික පිරිසිදු ආහාර හා ජලය ලබා ගැනීමට නැති අපහසූතාවයත් දේශීය කෙම් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ හඳුනන්නේ නැති කම සහ මෙකල බහූලව දක්නට නැති නිසාත් කොතරම් හොඳ කෙම් ප්‍රතිකාර ඇතත් ඒවා ඉන් ප්‍රතිකාර ගැනීමට අපහසූ තත්ත්වයක් උදාව ඇත. එසේ වූවත් ඕනෑකම හා උත්සාහය ඇති අයගේ යහපත උදෙසා තවත් කෙම් ප්‍රතිකාර ඉදිරියටත් පල කරනූ ලැබේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment